නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව මාර්තු 26 වන දින කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරන ලද අතර එය මාර්තු 29 දක්වා පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ පැවැත්වූ ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේදී
මෙරට යුද හමුදා ක්‍රීඩකයින්ට ජයග්‍රහණ

ඉන්දියාවේ නාගලන්ඩ් හිදී පසුගියදා පැවැති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා 5 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සැරයන් ආර්.එම්.එස්. පුෂ්ප කුමාර සමත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂකදෙපාර්තමේන්තුව විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හරියි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී කැස්බෑ පැටවුන් 600 කට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හරින ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට පාකිස්තාන හමුදා කණ්ඩායම් තරඟාවලියේදී රිදී පදක්කමක්

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 2022 මාර්තු 3 සිට 13 දක්වා පාකිස්තානයේ ඛාරියන්හි පිහිටි පාකිස්තාන යුද හමුදා National Counter-Terrorism මධ්‍යස්ථානයේ පැවති 5 වන ජාත්‍යන්තර පාකිස්තාන හමුදා කණ්ඩායම්  තරඟාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (22) දින නොරොච්චෝලේ මාම්පුරි වෙරළ තීරයේ දී, ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 540 ක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

23 වන සේනාංකයෙන් ක්‍රිකට් පුහුණු වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය අඟහරුවාදා (15) දින පාසල් සිසුන් සඳහා ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක් වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පෝලන්ත ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකාව සඳහා පෝලන්ත ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රඩොස්ලාව් ග්‍රාබ්ස්කි සිය ධුර කාලය සම්පුර්ණ කර නික්මයාමට පෙර අද (මාර්තු 21) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය සිසුන් සඳහා චෙස් පුහුණු වැඩමුළුවක්

යාපනයේ පාසල් 10ක සිසුන් 62ක් සඳහා චෙස් පුහුණු වැඩමුළුවක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සුදුසුකම් ලත් උපදේශකවරුන් විසින් පසුගියදා පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍ය පරිඝනක සංගමය අතර ගිවිසුමක්

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය විසින් තොරතුරු තාක්ෂණ සඳහා ප්‍රමුඛ ආයතනයක් වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (British Computer Society) සාමාජිකත්වය ලබාගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 52කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මාර්තු 18) මන්නාරම, ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගංජා කිලෝ 175ක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊජිප්තු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු මජෙඩ් මුස්ලෙහ් මැතිතුමා අද (මාර්තු 16) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ භාර ගනී

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ භාර ගැනීම අද (මාර්තු 16) දින අමාත්‍යාංශයේ පැවති චාම් කෙටි උත්සවයකදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ ආරක්‍ෂක සමුළුවේ පස්වන ජාතික ආරක්‍ෂක උපදේශක සමුළුව
මාලදිවයිනේ දී අවසන් වේ

මාලදිවයින් ජනරජය විසින් සත්කාරකත්වය සපයන ලද පස්වන ජාතික ආරක්‍ෂක උපදේශක සමුළුව 2022 මාර්තු 09 සහ 10 යන දිනවල කොළඹ ආරක්‍ෂක සමුළුවේ ආරම්භක සාමාජිකයින් වන මාලදිවයින, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම සමුළුවේ නවතම සාමාජික රට වන මුරුසි දිවයිනේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා ධජයන් සඳහා සෙත් පැතීමේ පිංකම

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවේ ධජයන් වෙත ආශිර්වාද කිරීමේ පිංකම, මාර්තු 10 වන දින අනුරාධපුර ‘ජය ශ්‍රී මහා බෝධි’ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කඩා වැටුණු මාතර එල්ලෙන පාලම යුද හමුදාව යළි ඉදිකරයි

මෑතකදී කඩාවැටුණු මාතර පරෙවි දූපත සමග යා කෙරුණ එල්ලෙන පාලම නැවත අලුත්වැඩියා කරන තෙක් තාවකාලික විකල්ප පාලමක් ඉදිකිරීම යුද හමුදා භට පිරිස් විසින් කඩිනමින් සිදු කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අකුරැස්ස රෝහලට ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අකුරැස්ස දිස්ත්‍රික් රෝහල වෙත තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් (HHOT) පසුගියදා භාර දෙන ලදී. ගුවන් හමුදා මාධ්‍යවලට අනුව, ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මෙම ඒකකය රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය එම් විදානපතිරණ වෙත පසුගිය අඟහරුවාදා (මාර්තු 08) පිළිගන්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ගුවන් හමුදා පාපැදි සවාරිය 2022” සාර්ථකව අවසන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ලද “ගුවන් හමුදා පාපැදි සවාරිය 2022” අඛණ්ඩව 23 වැනි වරටත් පසුගිය මාර්තු 04 වැනිදා සිට මාර්තු 06 වැනිදා දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන පරිදි, පිරිමි තරගය මාර්තු 04 සිට 06 දක්වා අදියර තුනකින් කිලෝමීටර් 412 ක දුරක් ආවරණය කරමින් පැවැත්වූ අතර එක්දින කාන්තා ඉසව්ව ඉරිදා මාර්තු 06 දින පුත්තලමේදී ආරම්භ වී කිලෝමීටර් 100ක දුරක් ගෙවමින් කටුනායකින් අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කෘතිම අත් පා ලබා දීම සඳහා භගවාන් මහාවීර් විකලාංග සහයක සමිති ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ග ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෘත්‍රිම අත් පා ලබාදීම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය අද (මාර්තු 07) රාගම රණවිරු සෙවණේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයුරළ නෞකාව ඉන්දියාවේ මිලාන් - 2022 නාවික අභ්‍යාසයට සහභාගී වේ

•    ‘SLINEX’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වනු ඇත


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරේ

ඓතිහාසික දීඝවාපි මහා සෑ ගර්භය තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 06) දින සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා නිරාවරණය කෙරේ

අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද   (මාර්තු 5) සවස පැවැති උත්සවයකදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ අටවිසි බුද්ධ ප්‍රතිමා නා උයනේ සිට මාර්තු 4 වනදා අනුරාධපුරයට වැඩම කරවන ලදි

සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 ක් රැගත් ආගමික පෙරහැර මාර්තු 4 දින උදැසන මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ගමන් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉරාන තානාපති ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු හෂේම් අෂ්ජාසාදේ මැතිතුමා අද (මාර්තු 03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැන්ඩිලේ එඩ්වින් ෂෝක් මැතිතුමා අද (මාර්තු 03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.