නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නිදහස් දින පෙරහුරු කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්‍ෂණයට

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අධීක්‍ෂණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි ආරක්‍ෂක උපදේශක මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්යා මෙරට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නව යුද රථයක් එළිදකී

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක සිලින්ඩර හයක එන්ජින් ධාරිතාවයකින් යුතු, බිම් බෝම්බ-ප්‍රතිරෝධී, සැඟව සිට සිදුකරන පහරදීම්වලින් ආරක්ෂිත වාහනයක් නිෂ්පාදනය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

74 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

74 වැනි ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අද (31) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවට අංග සම්පූර්ණ නව රෝහලක් සඳහා මුල්ගල තැබේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නවීන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (ජනවාරි 27) සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටට සෙත්පතා පැවති ජය පිරිත් සජ්ඣායනාව උදෑසන සංඝගත දක්ෂිනාවෙන් පසු අවසන් වේ

රටට, ජනතාවට, මියගිය රණවිරුවන්ට, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද පැතීමට මෙන්ම කොවිඩ් වසංගතයෙන් රට ආරක්‍ෂා කර ගැනීමට ආශීර්වාද පතමින් අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) ඊයේ (26) සවස ආරම්භ කල ජය පිරිත් සජ්ඣායනාව අද (27) පෙරවරුවේ පැවති දානමය පිංකමෙන් පසුව අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දූෂණ හා විෂමාචාර වැළැක්වීමට බන්ධනාගාර සඳහා ‘SPEAT Force’ හඳුන්වා දෙනවා – ආරක්‍ෂක ලේකම්

බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වැළැක්වීමට සහ එවැනි ගැටලු වඩාත් විනිවිදභාවයකින් පාලනය කිරීම සඳහා ‘ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය (SPEAT Force) හඳුන්වා දුන් බව සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 26) පවසා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අත්අඩංගුවට ගත් වහාම නීති විරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීමට සැලසුම් කරනවා - ආරක්‍ෂක ලේකම්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම එහි සාම්පලයක් නීතිමය කටයුතු සඳහා අධිකරණ නිලධාරියෙකු භාරයේ රඳවාගෙන එම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව නීති ගෙන එන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 25) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 3300කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පූජ්‍ය කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත උපප්‍රධාන සංඝනායක පදවි ප්‍රදානය ආරක්‍ෂක ලේකම් සහහාගිත්වයෙන්

කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධීශ්වර අතිගරු කොලමුන්නේ සුමනවංස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘ධර්මකීර්ති ශ්‍රී සුමංගල’ යන ගෞරව නාම සම්මුතිය සහිත ‘ගල්ගොඩ මහා විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනැමීම වෙනුවෙන් අද (ජනවාරි 23) සංවිධානය කර තිබූ උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත විජිනිපත පූජා කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන් නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 23) අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන කිහිපයක සංචාරයන් අතරතුර මිහින්තලාවේ මිහිඳු මහා සෑය වෙත පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් රටපුරා බූස්ටර් එන්නත් ලබාදීම අඛණ්ඩව

ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය විසින් වයස අවුරුදු 20ට වැඩි සියලුම දෙනා සඳහා Pfizer booster මාත්‍රාව ලබා දෙමින් කොවිඩ්-19 වසංගතයට එරෙහිව ජාතික එන්නත් කිරීමේ වැඩසටහන දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිරිත් පිංකම ආරක්‍ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන්

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පහළොස්වන සංවත්සරය සමරනු වස් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් පිංකම ඊයේ (ජනවාරි 19) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් එම පාසල් භූමියේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

බංග්ලාදේශ නාවික හමුදාපති අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් අද (ජනවාරි 19) දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල විශ්ව විද්‍යාලයට අපරාධ විද්‍යාව පිළිබඳ පීඨයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් අද (ජනවාරි 19) දින රත්මලානේදී විවෘත කරන ලද අතර විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදියර විවෘත කිරීම ද එහිදී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටට සහ ජනතාවට සෙත් පතා ‘ජය පිරිත’ ජනවාරි 26 වැනිදා

ආරක්‍ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ජය පිරිත’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළැඹෙන ජනවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 18) දින අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පරිගණක විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් එළිදක්වයි

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය මගින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාවේ පළමු වෙළුමේ පළමු කලාපය පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එළිදැක්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දීඝවාපිය සර්වඥ ධාතූන් වහන්සේ විහාරස්ථාන ‘ධාතු මන්දිරයේ’ තැන්පත් කෙරේ

දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ අද (ජනවාරි 17) දින තැන්පත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වනපෙත් මැද අභිමානයෙන් යළි ගොඩනැගෙන නීලගිරි සෑය

නීලගිරිමහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්නගේ  ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) දින නීලගිරි මහා සෑය පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය

සශ්‍රීක කෘෂි කර්මාන්තය රැකදුන් සූර්ය දෙවියන්ට කෘතවේදීත්වය පළ කරන තෛපොංගල් උළෙල හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි. ලොව පුරා වෙසෙන හින්දු බැතිතුමන් සමඟ ඒ වෙනුවෙන් කැප වී සිටින අපගේ සහෝදර ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනාගත හමුදා නායකයින් තුල නායකත්ව වර්ධනය වැදගත් - ආරක්‍ෂක ලේකම්

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයින් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරිමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජනවාරි 13) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊජිප්තු නව තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති, අතිගරු මජෙඩ් මුස්ලෙහ් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී අද (ජනවාරි 12) දින හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල විශ්වවිද්‍යාලයේ නව තාක්‍ෂණ පීඨය සහ පිවිසුම
අගමැති අතින් විවෘත වේ

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සිය 10 වන පීඨය ලෙස  ‘තාක්‍ෂණ පීඨය’ අද (ජනවාරි 10) දින ආරම්භ කරන ලද අතර, අභිනවයෙන් ඉදිකරන ලද පිවිසුම විවෘත කිරීම ද එහිදී සිදුවිය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පැය 18ක් මුහුදේ ගසාගෙන ගිය ධීවරයෙකු නාවික හමුදාව බේරා ගනී

බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදට වැටී සිටි ධීවරයෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (ජනවාරි 09) සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රථම වරට ගංජා ටොන් 6ක් ගුවනින් ප්‍රවාහනය කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අම්පාර කුමන රක්ෂිතය තුල ගංජා වැටලීමේ මෙහෙයුමක් ජනවාරි 05 හා 06 දෙදින තුල සිදු කරන ලදී.