ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය පාසල්වල ශිෂ්‍ය භටයින් 50 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා තල්සෙවන නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.
නීති විරෝධී ලෙස ලබාගත් මෝරුන්ගේ කොටස්, ධීවරයින් හය දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව ධීවර වරායේදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක රෙදිපිළි අලෙවිසැල් තුනක හටගත් ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මැයි 06) අලුයම මැඩපවත්වා ඇත.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් මුදාහැරීමෙන් පසු ප්‍රථම වරට මුහුදට ඇතුළු වන මුහුදු කැස්බෑ පැටවුන් සංචාරකයින් පිරිසක් විසින් දැක බලා ගන්න අයුරු...
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් බදාදා (04) දින පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී මඩකලපුව ශික්‍ෂණ රෝහලට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වෙත නව නිවසක් සැදීම සඳහා මුල්ගල තැබීම පසුගියදා යාපනයේ දී සිදු කරන ලදි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 04) දහවල් 1200ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.
ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකය.
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් දකුණු ප්‍රදේශයේ අනුග්‍රාහකයින් පිරිසකගේ මූල්‍යමය ආධාර ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩෙයකාඩු සහ කෙවිල් යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම කුසලතාව සංවර්ධනය කිරීම සඳහා ළමා උද්‍යානයක් සහ පුස්තකාලයක් ඉදිකරන ලදී.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘Landing Ship Tank’ වර්ගයේ ‘Gharial’ නෞකාව ඊයේ (29) කොළඹ වරයට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලේ පරිත්‍යාගය කරන ලදි.
වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තරවලින් බිහිවූ කැස්බෑ පැටවුන් 1603 ක් මෑතකදී වෙරළට මුදාහරින ලදි.
දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ අබලන්ව තිබූ කොවිඩ් - 19 වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කර එය නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත පසුගියදා භාර දෙන ලදී.
ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හි (ANZAC) 107 වන සංවත්සර සැමරුම ඊයේ (අප්‍රේල් 25) ‘Australia House’ හිදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදා සැපයුම් සම්මන්ත්‍රණය-2022 පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 23) ත්‍රිකුණාමලයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත අද (22) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පොත් දෙකක් පිළිගැන්වීය.
අද (අප්‍රේල් අද (අප්‍රේල් 22) දහවල් වන විට දිවයින පුරා පවතින වැසි තත්ත්වය වැඩි වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද නිලධාරීන් අතර විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (අප්‍රේල් 20) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරිය ලෙස පත් වූ ජූලී J. චන්ග් මැතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අප්‍රේල් 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී හමුවිය.
අලුතින් පත්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිං ගඟේ අගලිය, වක්වැල්ල සහ දොඩංගොඩ පාලම් යට ජල ප්‍රවාහය නිදහසේ ගලායාමට බාධාවක්ව තිබූ අපද්‍රව්‍ය පසුගියදා ඉවත් කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය එක්ව ඊයේ දින සවස් කාලයේ (අප්‍රේල් 12) ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත පසුගියදා ප්‍රධානය කරන ලදී. ඒ අනුව යුද හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවස, ස්ථිර නිවසක් නොමැතිව තම පවුල සමඟ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ ජීවත් වූ රාසවල්ලන් තබෝරුබන් වෙත ලබා දුන් බව යුද හමුදාව පවසයි.
වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකීය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් හා නිවැරදි අභායෝගයෙන් යුතුවය.