නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ
ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (මාර්තු 25) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමේ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ
නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ
අභිනව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, මධ්‍යම පළාත් සභාවේ රුපියල් මිලියන 7.6 ක අරමුදල් මඟින් මප/විල්/නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල 2024 මාර්තු මස 25 වන දින සුභ මොහොතින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උපන්දින සුබ පැතුම්

ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම් සහ කාර්‍ය මණ්ඩලය


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ප්‍රදේශයේ ගොවීන් වෙත ඉඩම් අක්කර 235 ක් නැවත පවරාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 235ක් එහි හිමිකරුවන් වෙත පවරාදීමේ උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (මාර්තු මස 22) දින පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්
මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා - ආරක්‍ෂක ලේකම්

ආබාධිත රණවිරුවන්හට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සහ ඔවුන්ගේ කලත්‍රයන්ගේ ජීවිත කාලය පුරාවටම වැටුප් ගෙවීමට තීරණය කිරීම සහ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ ගැටලු මඟහරවා ගැනීමට පියවර ගැනීම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් ගත් සුබසාධන වැඩසටහන් අතර වැදගත් තීරණයකි. අද (මාර්තු  21) කොළඹ ටවර් හෝල් රඟහලේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් අමතමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල
ශිෂ්‍ය නිලධාරීන් අමතයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගිය බදාදා (මාර්තු 20) දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශිෂ්‍ය නිලධාරීන් අමතනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්නල් නලින් හේරත් ඉන්දියාවේ ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව අමතයි

ඉන්දියාවේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 3 වැනි ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව මාර්තු 18 සහ 19 දිනයන්හිදී ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි ෆුලේ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාව ශූරයන් බවට පත්වෙයි

ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් මාර්තු 11 සිට 13 දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරගාවලියේ ශූරතාව මෙන්ම 84 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරතාවද හිමිකර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව සූරයින් ලෙස කිරුළු පැළදිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ පිටියේ දී රණවිරුවන් හා උරෙනුර ගැටෙමින් ඔවුන්ගේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙමින්, චිත්ත ධෛර්යය ඉහළ නැංවීම ප්‍රසංශනීයයි - ආරක්‍ෂක ලේකම්

“විවිධාංගීකරණය තුලින් හමුදා වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ඨත්වය කරා ළඟාවීම” වැනි කාලෝචිත තේමාවක් මෙම වසරේ සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලය තෝරාගෙන තිබීම පිළිබඳ මා අතිශයින් සතුටු වෙමි. හමුදා වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ඨත්වය ළඟා කරගැනීම හුදෙක් හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමෙන් හා කුසලතා වර්ධනය කිරීමෙන් පමණක් සාක්ෂාත් කරගත නොහැකි බව මා තරයේ විශ්වාස කරමි. නමුත් මෙවර ඔබ තෝරාගෙන ඇති තේමාව තුලින් ගම්‍ය වන ආකල්පමය හා චර්යාත්මක වෙනස ඇති කිරීමෙන් හා පෝෂණය කිරීමෙන් එය සඵල වන බව මාගේ විශ්වාසයයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින වියළි කාලගුණික තත්වය සහ කැළෑ ගිනි ගැනීම් පිළිබඳව
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වයි

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනි ගැනීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ඊයේ (මාර්තු 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උණුසුම් කාලගුණය පිලිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි:
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහල යාමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාර්තු 13 දින නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව අද (14) බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, අවදානම් මට්ටමක් (ඇම්බර්) දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත
පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු මස 13) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, භටපිරිස් අමතයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය සෙනසුරාදා (මාර්තු මස 09) දින ගුවන් හමුදා ‘Tattoo’ සංදර්ශනය නැරඹීමට හමුදා පලාලි ගුවන් තොටුපල වෙත සිදුකරනු ලැබූ නිල සංචාරය අතරතුරදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, භටපිරිස් ඇමතීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් රෝගීන් වෙත ලබා දීම වෙනුවෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් අවශ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ‘Interact Club’ යන සංගමය වෙත සංකේතාත්මකව භාර දීම, 2024 මාර්තු මස මුල් සතියේදී එම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නේපාලයේ පැවති ‘SHANTI PRAYAS – IV’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාස සඳහා මෙරට යුද්ධ හමුදා භටපිරිස් සහභාගී වෙයි

නේපාල සන්නද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘SHANTI PRAYAS – IV’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානය (USINDOPACOM) යටතේ ඇති ගෝලීය සාම සාධන මෙහෙයුම් මුලපිරීම (GPOI) හි සම අනුග්‍රාහකත්වය යටතේ පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 04 දින දක්වා නේපාලයේ බිරේන්ද්‍ර සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

541 පාබල බලසේනාව, ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් විවෘත කරයි

541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනා පරිශ්‍රයේදී ප්‍රදේශයේ ජනතාවගේ සහ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පසුගිය බදාදා (මාර්තු මස 06) දින විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව පොලිස්පති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (මාර්තු 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අලගල්ල කඳුවැටියෙන් ඇදවැටුණු
විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගනී

611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24), 2024 මාර්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA) කොළඹදී සාර්ථකව පවත්වයි

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, ‘අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්’ (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ අද දින (2024 මාර්තු 10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීමට 54 පාබල සේනාංකයේ භටපිරිස්
පානිය ජලය බෙදාදෙයි

මහ සිකුරාදාව යෙදී තිබූ මාර්තු මස 08 දින වාර්ෂික පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීම සඳහා ස්ථාන කිහිපයකදී ඔවුන් වෙත පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් 542 පාබල බලසේනාවට අයත් 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීනයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී ආරක්ෂක ලේකම් හමුවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ  මධ්‍යම හමුදා කොමිසමේ  ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් Zhang Baoqun අද (මාර්තු 07) ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි  ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (මාර්තු 05) මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්‍දුල් ලතීෆ් එරට ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (මාර්තු 05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය ගරු මොහොමඩ් ගසාන් මඋමූන් මැතිතුමා එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.