නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකක

සමාජ සුභසිද්ධිය උදෙසා වෛද්‍ය උපකරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කරාපිටිය ශික්ෂණ රෝහල සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහා තවත් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ඊයේ (අගෝස්තු 31) දින භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවි රැකුමට ලේ බිඳක්

දිවයිනේ ප්‍රධාන රෝහල් වල පවතින රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (අගෝස්තු 31) දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බෞද්ධ භික්ෂූන් සඳහා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ

කොවිඩ්-19 වෛරසය අසාදනය වන භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වූ  ප්‍රථම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය යුද හමුදාව විසින් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඊයේ (අගෝස්තු 30) දින ස්ථාපිත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කම දිනාගනී

ටෝකියෝ හි 2020 පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (අගෝස්තු 30) දින හෙල්ල විසිකිරීම (F-64) ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 2321 ක් වටිනා හෙරොයින් නාවික හමුදා භාරයට

ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් පස් දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සහ ග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් සහ සැකකරුවන් සහිත යාත්‍රාව අද (අගෝස්තු 31) අලුයම වෙරළට රැගෙන ආ බව වාර්තා වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසිකිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වේ

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලෝ 325 කට අධික ගංජා ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවට

මන්නාරම මුරුංගන් පන්නිවෙට්ටුවාන් මාර්ග බාධකයේදී කිලෝ 183 යි ග්‍රෑම් 715 ක් පමණ වන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (අගෝස්තු 29) එක්වෙමින් ඒ හා අනුබද්ධ විවිධ ව්‍යාපෘති වල නියමිත වැඩ වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සමාජ සෞඛ්‍ය ආරක්‍ෂක කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යමින් තවත් තාපහියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 28) දින ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහල වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන චීනයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට සයිනොෆාම් එන්නත් 300,000 ක්

මහජන චීන ජනරජයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සඳහා ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක තොගය අද (අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් වෙතින් නිල වශයෙන් ලබා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු කොළඹ රෝහලේ වාට්ටු පහසුකම් යුද හමුදාව විසින් පුළුල් කෙරේ

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඇඳන් 250 ක් සහිත වාට්ටු තුනක් ස්ථාපිත කර ඊයේ (අගෝස්තු 26) සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන චීනයෙන් මෙරට ආරක්‍ෂක හමුදා සඳහා සයිනොෆාම් එන්නත් 300,000 ක්

චීන ආරක්‍ෂක ඇමති ජෙනරල් වෙයී ෆෙන්ග්, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මහජන චීන ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් එළඹෙන අගෝස්තු 28 සෙනසුරාදා දින මෙරටට ලබාදීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකකයක් කළුතර රෝහලට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 23) දින කළුතර දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහ කොමසාරිස් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගිය දිනක වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 වන දින මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් සහ තුර්කි ආරක්‍ෂක ඇමති අතර හමුවක්

තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති 15 වන ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර ඊට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 19) දින තුර්කි ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍ය හුලූසි අකාර් මහතාද හමුවිය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහ කන්නය සඳහා යුද හමුදාවෙන් කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක්

මේ වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරට බලා පිටත් වේ

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයගම සිට කලවාන දක්වා මාර්ගය යුද හමුදාවෙන් අලුත්වැඩියා කෙරේ

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000 ක් සංවර්ධන කිරීමේ රජයේ ව්‍යාපෘතිය යටතේ අයගම සිට කලවාන දක්වා කිලෝමීටර් 16.5 ක් පමණ වන මාර්ගය අලුත්වැඩියා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා ශක්ති නෞකාව ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාවට

ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව ඔක්සිජන් මෙරටට රැගෙන ඒම  සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලගාවිම සඳහා ත්‍රිකුණාමලය වරායෙන් අද (අගෝස්තු 17) උදෑසන ගමන් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා දායකත්වයෙන් වතුපිටිවල රෝහලේ ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

නාවික හමුදා දායකත්වයෙන් වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද  විවෘත කරන ලදි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්

ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය සහ ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරනු ලබන උපදේශකයින් අට (08) දෙනෙකු සඳහා සති දෙකක කාලයක් ඩ්‍රැගන් බෝට්ටු පැදි ක්‍රීඩාව ...


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් වැල්වැටිතුරේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රෝහල් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් යුද හමුදාවෙන්

හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල - කළුබෝවිල, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම සහ ගම්පහ මූලික රෝහල වෙත යුද හමුදාව විසින් ඊයේ (13) දින ලබා දෙන ලදී.