නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩසටහනක් දියත් කරයි

ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා යුද හමුදාව බස්නාහිර පළාතේ වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහනක් අද (12) දින ආරම්භ කළේය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කැලණිය රජ මහා විහාරයෙන් පිටත් වේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (12) උදෑසන කැලණිය රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් අතිගරු මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (අගෝස්තු 11) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර කොරතොට රජමහා විහාරයෙන් පිටත්වේ

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (11) උදෑසන කොරතොට රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ වේ

රටේ සියලු පුරවැසියන් සඳහා උප්පැන්න, මරණ සහ විවාහ සහතික ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට වේගවත්, කාර්යක්‍ෂම සහ පහසු ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති අතර, එම ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මේ සබැඳිව පැවති අක්‍රමිකතා වැළැක්වෙන බව ආරක්‍ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර තුන්වන දිනටත් ආරම්භ වේ

සඳහිරු සෑයේ ‘කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය’ රැගත් පෙරහැර අද (අගෝස්තු 10) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරයේ තැන්පත් කෙරේ

සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අද (08) සවස වනවිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩමවන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය ගංගාරාමය විහාරස්ථානයෙන් ඇරඹේ

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (අගෝස්තු 5) දින ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක සෞඛ්‍ය අංශයට

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් අද (අගොස්තු 4) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් ඉදිකල මුල්ලේරියාව රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වෙත ඊයේ (අගෝස්තු 3) දින භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද හමුදා මූලස්ථානයේ ජනාධිපතිගේ පළමු සංචාරය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (අගෝස්තු 3) දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට…

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් සංවර්ධනය කළ මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කර පාසල් බලධාරීන් වෙත ඊයේ (අගෝස්තු 1) භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

MCC වෙතින් මුහුණු ආවරණ පරිත්‍යාගක්

කොවිඩ් -19 ට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් Metallurgical Corporation of China Limited (MCC) හි  ශ්‍රී ලංකා ශාඛාව, මුහුණු ආවරණ තොගයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල්  කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත පසුගියදා භාර දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

M2C ව්‍යවසායකත්ව වැඩසටහන ආරක්‍ෂක ලේකම්ගේ ඇගයීමට

සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අගෝස්තු 1) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වේ යැයි සමාජය තුළ ඇති චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදියි

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සුදුසුකම් ඇති සෑම කෙනෙකුටම විවෘත වීම  තුලින් අපේ රටේ දහස් ගණන් ළමයින් හට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු වී තම උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට හැකි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යුද හමුදා රණවිරුවෙක්

2021 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ දක්ෂතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෙකු වන යුද හමුදාවේ සැරයන් ඩී එච් ආර් ධර්මසේන සුසුසුකම් ලබාගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය නුදුරේදීම

සදහිරුසෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම උදෙසා පෙරහැරක් මගින් රට පුරා ප්‍රදර්ශනය කිරීම 2021 අගෝස්තු මස 8 වන දින ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කනුගහවැව ග්‍රාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගුවන් හමුදාවෙන් නිම කර ජනතා අයිතියට

කනුගහවැව ග්‍රාමයේ දෙවන අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ සහභාගිත්වයෙන් ඊයේ (ජූලි 29) දින කනුගහවැව ග්‍රාමයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය සංග්‍රහය අන්තර්ජාලය ඔස්සේ දියත් කරයි

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් විශ්ව විද්‍යාලයේ බහු විෂයීය ශාස්ත්‍රීය සංග්‍රහය අන්තර්ජාලය ඔස්සේ නිල වශයෙන් ඊයේ (ජූලි 28) එළිදක්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සමාජ සුබසාධන ව්‍යාපෘතිය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රශංසාවට

ආබාධිතයන් සඳහා වන උපකරණ තොගයක් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කිරිමේ අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් එම පරිත්‍යාගය සඳහා මූලික වූ කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතා අද (ජූලි 29) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැසසුමට ලක් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක බලකාය විසින් මුහුදු කැස්බෑවන් 108 දෙනෙකු නිදහස් කරයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මුහුදු කැස්බෑවන් 108 දෙනෙකු වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය දිනෙක ශ්‍රී ලංකා වෙරළට මුදා හරින ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි සිවිල් වැසියන් සඳහා නිවාස 2 ක් යුද හමුදාවෙන්

සහජීවනය සමගිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා සමාජ සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් පියවරක් ලෙස අඩු ආදායම්ලාභි පවුල් දෙකක් සඳහා නව නිවාස දෙකක් ඉදිකර ඔවුන්ට භාරදෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ අළුත්වැඩියා කිරීමෙන් පසු ‘වඩතාරකි’ නැවත ධාවනය අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද විශාල අලුත්වැඩියාවකින් පසු ‘වඩතාරකි’ යාත්‍රාව පසුගියදා පුන්ගුඩුතිව් සහ ඩෙල්ෆ්ට් දූපත් අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන සේවය නැවත ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 65 ක් වටිනා ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක් සමග සැකකරුවන් තිදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.