නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීම තවදුරටත්

සමුද්‍ර ශාක පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැළ රෝපණය කිරීමේ  වැඩසටහනක් තලෙයිමන්නාරම සහ නාච්චිකුඩා ප්‍රදේශවල ඊයේ (ජූලි 26) දින සිදු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු කොරියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු වුන්ජින් ජියොන්ග් මහතා ප්‍රථම වරට අද (ජූලි 22) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදාවෙන් නව නිපැයුමක්

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක පත්‍ර සහ අතු කුඩා කැබලි බවට පත් කිරීම සඳහා යන්ත්‍රයක් ( Agri Shredder PP1) යුද හමුදාව විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක පුහුණුවීම් සඳහා ජාත්‍යන්තර සහය

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන (UNODC) විසින් පවත්වන ලද පුහුණු පාඨමාලාව (VBSS) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාමාජිකයින් 16 දෙනෙකු විසින් මෑතකදී මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව නිම කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පූනරින් යුද හමුදා කඳවුරෙන් මසකට කාබනික පොහොර ටොන් 30 ක්

රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට සහය වෙමින් ගොවීන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා  මූලස්ථානය විසින් පූනරින් ජයපුරම් හි 663 වන බලසේනා මූලස්ථාන කදවුරේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් මෑතකදී ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් නව කිමිදුම් වාර්තාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන කිමිදුම් නිලධාරි (නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම්කරු ලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් විසින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව කිමිදුම් වාර්තාවක් පසුගියදා පිහිටුවන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වසංගතය පාලනයට යුද හමුදාව යාපනය නගරය පිරිසිදු කරයි

කොවිඩ් - 19 වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය නගරය මෑතකදී විෂබීජහරණය කර පිරිසිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව තවත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් එප්පාවල ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රතිආසෘත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජුලි මස 7 වන දින ස්ථාපනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

මෙරටට අයත් බහු දින ධීවර යාත්‍රාවක සිටියදී තුවාල වූ ධීවරයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 18) දින ගොඩබිමට රැගෙන එන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔලිම්පික් වරම් ලද නාවික හමුදා ක්‍රීඩිකාවට උසස්වීමක්

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් නාවික හමුදාවේ නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ (16) දින සුළු නිලධාරී තනතුර දක්වා උසස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 31ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ දී ගංජා කිලෝ 103 ග්‍රෑම් 750 ක් සහිත ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (15) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට එන්නත්කරණ වැඩසටහන WHO නියෝජිතවරියගේ පැසසුමට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන වෛද්‍ය අලකා සිං මහත්මිය විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් සිදුකරන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ (ජූලි 15) පැමිණියා ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දීඝවාපියේ ශ්‍රී විභූතිය වසර දෙකහමාරකින්

පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට සිය අදහස් ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බවයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සහයෙන් තවත් පවුල් දෙකක නිවාස සිහිනය සැබෑ වේ

ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චියට අයත් භටපිරිස් විසින් දිළිදු පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් ඉදි කර භාර දීම පසුගියදා සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අභිනවයෙන් පත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූලි 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බස්නාහිර පළාත් ගුරුවරුන් එන්නත්කරණයට

යුද හමුදා වෛද්‍ය බලකාය විසින් අධ්‍යාපන අංශයේ කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් බස්නාහිර පළාතේ ගුරුවරුන්ටද කොළඹ යුද හමුදා රෝහලේදී එන්නත ලබා දීම ඊයේ (ජූලි 12) ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 103 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අද (ජූලි 12) දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුම්

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කහ කිලෝ 2360ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 11) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ දී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ගංජා හේනක් වටලයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම වගාව විනාශ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හා ධීවර ප්‍රජාවන් සැලකිලිමත් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  මීට මද  වේලාවකට පෙර සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටියේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින් නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳ  අවධානයෙන් කටයුතු කරන ලෙසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් පොල් පැල 700 කට අධික ප්‍රමාණයක් යාපනයේ වගා කෙරේ

ශ්‍රී ලංකා යුද  හමුදාවේ  යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (ජූලි 10) දින යාපනය අර්ධද්වීපයේ ආගමික හා රාජ්‍ය ස්ථානවල, යුද හමුදා කඳවුරු තුළ, නිසරු හා පෞද්ගලික ඉඩම්වල පොල් පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණයට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්හිදී ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 08 ක් යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

අනුරාධපුර සඳහිරුසෑයට යාබදව ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජූලි 10) දින සිදු කරන ලදී.