නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයට නිධන් වස්තු පූජා කිරිමේ මහඟු අවස්ථාව තවත් දින 6ක් පුරා

අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය තෙදින තුළ ලැබී ඇති අතර එළඹෙන මාර්තු 27 වන දින තෙක් තවත් දින 6ක් පුරා රට පුරා බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකා බාලදක්‍ෂිකා සංගම් ධජය ආරක්‍ෂක ලේකම් වෙත පළඳවයි

ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයේ 104 වන සැමරුම් ධජය, බස්නාහිර පළාත් කොමසාරිස් මිරානි දිසානායක විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 22) අමාත්‍යාංශයේ දී පළඳවනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ නිවාස සිහින සැබෑ වේ

ජාතියට කළ දැවැන්ත සේවය අගය කරමින් යුද හමුදා රණවිරුවන් දෙදෙනෙකු වෙත 'අපි වෙනුවෙන් අපි' අරමුදල සහ යුධ හමුදා ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අද (මාර්තු 20) දින මාතර වැවහමන්දූව ප්‍රදේශයේදී හි පැවති උත්සවයකදී භාර දෙන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සඳහිරු සෑය’ සඳහා නිධන් වස්තු භාර ගැනේ

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දීඝවාපිය අරුණ’ ගිණුමට රුපියල් මිලියන 2.65ක්

‘දීඝවාපිය අරුණ’ ගිණුම වෙත රු. මිලියන 2.65 ක් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු විසින් පරිත්‍යාග කිරීම ඊයේ (මාර්තු 18) සිදුවිය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී - ආරක්‍ෂක ලේකම්

මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 17) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව

සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින සිදුකෙරෙන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසා සිටී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

තනි පුද්ගලයකුගේ කැමැත්තකට අනුව රටේ නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්

“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය‍.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ මහ ශිවරාත්‍රී දින පණිවිඩය

ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් අංශ හා හමුදාවන් අතර සබැඳියාව අධ්‍යාපනය තුලින් වර්ධනය කිරීමෙන් රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත - ආරක්ෂක ලේකම්

මානව ගරුත්වය, අවංකභාවය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය, තිරසාර සංවර්ධනය, ආර්ථික සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සමාන අවස්ථාවන් ලබාදීම යන ආරක්ෂාව සහ සංවර්ධනයේ මූලික සාරධර්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් උගත හැකි බව අප සැමවිටම මතක තබා ගත යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 10) දින ප්‍රකාශ කළේය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආනන්ද විද්‍යාලීය ලියෝ සංගමයෙන් මුව ආවරණ 10,000 ක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් මුව ආවරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත  අද (මාර්තු 8) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

මිහිඳු මහා සෑයෙහි පෙර පැවති ශ්‍රී විභූතිය ළඟදීම යලිත් වරක් දැකගත හැකිය - ආරක්ෂක ලේකම්

වසර අවසන් වනවිට සඳහිරු සෑය වන්දනා කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා පියාසර බලඝන දෙකකට ජනාධිපති වර්ණ

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පියාසර බලඝන දෙකක් සඳහා ජනාධිපති වර්ණ පිළිගැන්වීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරෙදී අද (මාර්තු 5) දින සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉතාලි තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී  ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි  තානාපතිනිය වන අතිගරු රිටා මැනෙලා  මැතිනිය අද (මාර්තු 5) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 04) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ  බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මසිහුස්සමාන් සෙර්නියාබාත් අතර හමුවක් අද (මාර්තු 04) දින අමාත්‍යාංශයේදී පැවත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

එකසත් ජනපදයේ පැසිෆික් කලාපයේ ගුවන් හමුදා ප්‍රධානී ජෙනරල් කෙනෙත් එස් විල්ස්බැච්, ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අමාත්‍යාංශයේ දී අද (මාර්තු 04) දින හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 11 ක් සැපිරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ එකලොස් වන සංවත්සරය අද (මාර්තු 4) දිනට යෙදී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (මාර්තු 3) දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං භහදුරියා සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 03) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

නව නිපැයුම්වල ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (පෙබරවාරි 22) පිටිපන පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.