නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා අද (ජනවාරි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදාවෙන් රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් නැහැ - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ, රාජ්‍ය අරමුදල් ඉතිරි කිරීමේ අරමුණින් කැබිනට් තීරණයකට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව යුද හමුදාව වෙත පවරා ඇති බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක ලේකම් විසින් e-Land ලියාපදිංචි ක්‍රමය දියත් කරන ලදී

ජනාධිපතිතුමා විසින් අපේක්ෂා කරන ලද තවත් එක් සේවාවක් ඉටු කරමින් e-Land ලියාපදිංචි ක්‍රමය අද (ජනවාරි 04) කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිම රාජ්‍ය ඇමති හා ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන්

සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය විවෘත කිරිමේ උත්සවයට ආරක්ෂක සහ  රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පන්නිපිටියේ දී අද (ජන්වාරි 04) දින සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එයාර් චීෆ් මාෂල් ‘පැඩි මෙන්ඩිස්’ උපහාර උළෙල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවමාන පුරාවෘත්තයක් වන එයාර් චීෆ් මාෂල් දේශමාන්‍ය පත්මන් මෙන්ඩිස් මහතාට උපහාර දැක්විමේ උත්සවයකට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 1) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි තනාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ආර්. ඩෙමෙට් සෙකර්සියොලු මැතිනිය අද (ජනවාරි 01) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මගේ අධිෂ්ඨානය වනුයේ අමාත්‍යාංශයෙන් ‘ඵලදායී පුරවැසියන්’ බිහි කිරීමයි - ආරක්ෂක ලේකම්

ආරක්ෂක අමාත්‍යාංශය නව  අවුරුදු උදාව සැමරීම ආගමික ආශීර්වාද හා වතාවත් මධ්‍යයේ අද (2021 ජනවාරි 1) දින සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිසිවෙකුටවත් අවි අතට ගැනීමට ඉඩදෙන්නේ නෑ - ආරක්‍ෂක ලේකම්

බෙදුම්වාදයට හා අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට මනාව සැලසුම් කර ඇති බැවින් ලබන වසරේ (2021) එවැනි ක්‍රියාවන් වලට කිසිදු ඉඩක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ඊයේ (2020 දෙසැම්බර් 31) දින ප්‍රකාශ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්නල් රාජපක්‍ෂ මගේ ජිවිතයේ ආදර්ශමත් චරිතයක් - ආරක්‍ෂක ලේකම්

මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදය 2009 වසරේදී අවසන් කිරීම සඳහා නායකත්වය ලබා දුන් එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපතිවරයාගේ පටන් ප්‍රබල නායකයින් බොහොමයක් ආනන්ද විද්‍යාලයේ යුග පුරුෂයෙක් වන දිවංගත කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්‍ෂගේ මැතිතුමන්ගේ ශිෂ්‍යයන් බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි.  එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂවරයා හට පත්වීම් ලිපිය ප්‍රදානය කෙරේ

ජාතික ශිෂ්‍යභට බළකායේ 13 වන අධ්‍යක්ෂවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පී.ඩබ්.බී. ජයසුන්දර මහතා පත් කර තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් පුජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගනී

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 29) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී  පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘ජෙනරාල්’ නිලයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව මීට සුළු මොහොතකට පෙර (දෙසැම්බර් 28) ජෙනරාල් තනතුරට උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නත්තල් දින පණිවිඩය

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක්

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමය විසින් අද (දෙසැම්බර් 24) දින ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රංශ තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු එරික් ලැවටු මහතා අද (දෙසැම්බර් 23) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ අරමුදලට රුපියල් මිලියන 5 ක පරිත්‍යාගයක්

ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති සහ ‘බෞද්ධයා’ මාද්‍ය ජාලයේ සභාපති  පුජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ විසින් දීඝවාපි ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 5 ක ආධාරයක් අද (දෙසැම්බර් 23) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ලබාදෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියට චීන තානාපති කාර්යාලයෙන් ඇමරිකානු ඩොලර් 45,460 ක පරිත්‍යාගයක්

ආරක්ෂක අමාත්‍යාංශය  යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ඩොලර් 45,460 ක් දෙසැම්බර් මස 07 වන දින පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලබන වසරේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම සඳහා පුළුල් මෙහෙයුම් දියත් කරන බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිඥා

දිවයිනේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ මෙහෙයුම් ලබන වසරේදී (2021) තවදුරටත් ශක්තිමත් කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (දෙසැම්බර් 22) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“වෙලාවක් නැත” යැයි කීම නිදහසට කරුණක් නොවේ

හොඳ කලා නිර්මාණයක් කිරීමට කාලය ගැටළුවක් නොවන බව ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඔහුගේ කාර්යයබහුලත්වය අතරතුර ප්‍රකාශයට පත් කරන ලද තම කෘතීන් පිළිබද උදාහරණ දෙමින් ප්‍රකාශකරන ලදී.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ අද එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ (SLAWFS) අද (දෙසැම්බර් 22) දින යුද හමුදා මූලස්ථානයේදී උත්සවාකාරව දියත් කරන අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටේ සෑම නිවසකටම ‘මහජන සෞඛ්‍යය නිලධාරිවරයකු’ සහ ‘පවුල් සෞඛ්‍යය නිලධාරිනියක’ සිටීම වාසනාවකි - ආරක්ෂක ලේකම්

රටේ සෑම නිවසකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සහ පවුල් සෞඛ්‍යය නිලධාරිනියක් සිටීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද භාගයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිනිසා විසින් ඇති කරන හෝ ස්වාභාවික විපත් හෝ ඕනෑම තර්ජනයකින් ජනතාව ආරක්‍ෂා කිරීමට ඔබේ සෙබළුන් මෙහෙයවන්න - ආරක්‍ෂක ලේකම්

හමුදා නායකයින් අද මෙන් සෑම අංශයකින්ම දස්කම් දක්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයගම නායයෑම් අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

නිතර නායයෑමට ලක්වන අයගම ප්‍රදේශයට පැමිණි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නායයෑම් අවදානම අවම කිරීම සඳහා රුපියල් මිලියන 418 ක් වටිනා ව්‍යාපෘතිය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 17) දින එම ප්‍රදේශයේ නායයෑම් තර්ජනයට ලක්ව සිටින පුද්ගලයින් සඳහා නායයෑම් අවදානම අවම කරන බවට සහතික විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 25 ක මුදල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා සාමාජිකයින්ට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් දෙසැම්බර් 15 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදී.