නවතම පුවත්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 15ක් සපිරේ
කෘෂිකාර්මික ව්‍යාපෘති තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 13) සිය 15 වන සංවත්සරය සමරන ලදී.
නීති විරෝධී කටයුතු සඳහා කිසිදු ඉඩක් නෑ - ආරක්‍ෂක ලේකම්
රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් වැනි සමාජයට තර්ජනයක් වූ සියලු ක්‍රියාවන්, 2019 වර්ෂයේදී වර්තමාන රජය බලයට පත් වූ දා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ පෙළේ රාජ්‍ය ආරක්ෂක ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් බිඳ දමා ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 9) දින පැවසීය.
වසංගතය අඛණ්ඩව පැවතුනද, රටේ සංවර්ධන
ඉලක්ක කරා යා යුතුයි - ආරක්‍ෂක ලේකම්
වසංගත තත්වය අඛණ්ඩව පැවතුනද, අපේ රට අනතුරේ හෙළීමට ඉඩ නොතබා, ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මත අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපි සැමවිටම කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 9) දින පැවසීය.
නාවික හමුදාව ප්‍රමුඛ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් මිලියන 3100 ක් වටිනා හෙරොයින් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එක්ව රුපියල් මිලියන 3100 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 336 ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 740 ක් දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අද (සැප්තැම්බර් 4) අත්අඩංගුවට ගැනීම ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්වූ බව කොළඹ වරායට පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සඳහන් කරන ලදි.
දියකාවා යුද අභ්‍යාසය XI – 2021 ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021 (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඊයේ (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ විය.
නව රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් අද (3) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.
ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් සහ රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් අතර හමුවක්
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මෑතකදී සිදුකල රුසියානු නිල සංචාරයේදී රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි ප්ලැටොනොවිච් පට්රුෂෙව් මහතා හමුවිය
කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකක
සමාජ සුභසිද්ධිය උදෙසා වෛද්‍ය උපකරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කරාපිටිය ශික්ෂණ රෝහල සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහා තවත් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ඊයේ (අගෝස්තු 31) දින භාර දෙන ලදී.
දිවි රැකුමට ලේ බිඳක්
දිවයිනේ ප්‍රධාන රෝහල් වල පවතින රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (අගෝස්තු 31) දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
බෞද්ධ භික්ෂූන් සඳහා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
කොවිඩ්-19 වෛරසය අසාදනය වන භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වූ ප්‍රථම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය යුද හමුදාව විසින් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඊයේ (අගෝස්තු 30) දින ස්ථාපිත කරන ලදී.
යුද හමුදාවේ දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කම දිනාගනී
ටෝකියෝ හි 2020 පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (අගෝස්තු 30) දින හෙල්ල විසිකිරීම (F-64) ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
රුපියල් මිලියන 2321 ක් වටිනා හෙරොයින් නාවික හමුදා භාරයට
ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් පස් දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සහ ග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් සහ සැකකරුවන් සහිත යාත්‍රාව අද (අගෝස්තු 31) අලුයම වෙරළට රැගෙන ආ බව වාර්තා වේ.
2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසිකිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වේ
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.
කිලෝ 325 කට අධික ගංජා ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවට
මන්නාරම මුරුංගන් පන්නිවෙට්ටුවාන් මාර්ග බාධකයේදී කිලෝ 183 යි ග්‍රෑම් 715 ක් පමණ වන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (අගෝස්තු 29) එක්වෙමින් ඒ හා අනුබද්ධ විවිධ ව්‍යාපෘති වල නියමිත වැඩ වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන ලදි.
ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සමාජ සෞඛ්‍ය ආරක්‍ෂක කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යමින් තවත් තාපහියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 28) දින ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහල වෙත භාර දෙන ලදී.
මහජන චීනයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට සයිනොෆාම් එන්නත් 300,000 ක්
මහජන චීන ජනරජයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සඳහා ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක තොගය අද (අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් වෙතින් නිල වශයෙන් ලබා ගන්නා ලදි.
දකුණු කොළඹ රෝහලේ වාට්ටු පහසුකම් යුද හමුදාව විසින් පුළුල් කෙරේ
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඇඳන් 250 ක් සහිත වාට්ටු තුනක් ස්ථාපිත කර ඊයේ (අගෝස්තු 26) සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.
මහජන චීනයෙන් මෙරට ආරක්‍ෂක හමුදා සඳහා සයිනොෆාම් එන්නත් 300,000 ක්
චීන ආරක්‍ෂක ඇමති ජෙනරල් වෙයී ෆෙන්ග්, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මහජන චීන ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් එළඹෙන අගෝස්තු 28 සෙනසුරාදා දින මෙරටට ලබාදීමට නියමිතය.
ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකකයක් කළුතර රෝහලට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 23) දින කළුතර දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙන ලදී.
නවසීලන්ත මහ කොමසාරිස් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් හමුවෙයි
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගිය දිනක වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී හමුවිය.
ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ
ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 වන දින මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය.
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් සහ තුර්කි ආරක්‍ෂක ඇමති අතර හමුවක්
තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති 15 වන ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර ඊට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 19) දින තුර්කි ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍ය හුලූසි අකාර් මහතාද හමුවිය.
රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මහ කන්නය සඳහා යුද හමුදාවෙන් කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක්
මේ වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කෙරේ.