නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

2020 ඔක්තෝබර් 5 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් පැවත්වූ මාධ්‍ය හමුව

2020 ඔක්තෝම්බර් මස 01 වන දින අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරන ලද වව්නියාව දිසාපති කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයේදී උත්සව සභාව අමතා කරන ලද කථාව.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම්ට පොපි මල් පළදවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උපුල් පෙරේරා මහතා විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට අද (ඔක්තෝබර් 05) අමාත්‍යාංශයේ දී පොපි මලක් පැළදවීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු විසඳීමේ සේවාවක් අනුරාධපුරයේදී

අද දින (ඔක්තෝබර් 3) අනුරාධපුර සාලියපුරහිදී පැවති ‘රණවිරු ජංගම සේවයේ’ දෙවන අදියරේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් හා සම්බන්ධතාවයෙන් රණවිරුවන්ගේ ගැටළු වලට විසදුම් සැලසීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ “මහජන අංශයක්” ස්ථාපිත කරන බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අමතයි

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අද දින (ඔක්තෝබර් 2) අනුරාධපුරයේදී  උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ඇමතීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ලෝක ළමා දිනය සමරයි

‘සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය  අද (ඔක්තෝබර් 1) දින සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වනාන්තර විනාශය මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධ යාන්ත්‍රණයක් - ආරක්ෂක ලේකම්

වන්නි ප්‍රදේශයේ සිදුවන  නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කියා සිටියේ එහි බලපෑම බොහෝ දුරට වන්නි ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම බලපාන බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතියේ අනාගතය අපේ දරු පරපුරයි - ජනාධිපති

අතිගරු ජනාධිපතිතුමා සිය ලෝක ළමා දින පණිවුඩයේ අපේ දරුවන් ජාතියේ අනාගතය බව සඳහන් කර සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හට පත්වීම් ලිපිය ප්‍රදානය කෙරේ

සැප්තැම්බර් 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ 7 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු අනුර ඒකනායක මහතා පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම යයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 29) දින අමාත්‍යාංශයේ දී හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෙව්මිණි කෞශල්‍යා සිසුවිය විසින් රචිත කාව්‍ය ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් වෙත පිළිගන්වයි.

කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ සෙව්මිණි කෞශලයා සිසුවිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සරය නිමිත්තෙන් රචනා කළ  “කැළෑ කාකි” කාව්‍ය ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත අද (28) දින අමාත්‍යාංශයේදී පිළිගැන්වීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

තරුණ පරම්පරාව ආරක්ෂා කර ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතුය - ආරක්ෂක ලේකම්

බාලදක්ෂයින්ට කළ හැකි දෑ වටහා ගෙන ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගත යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම – අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුවේදී ජනපති කියයි

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම  අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දුෂ්කර අවස්ථාවලදී, ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය පාකිස්තානයේ පැසසුමට

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් අද (සැප්තැම්බර් 15) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය මහජන සහාය අපේක්ෂා කරයි

රජයේ දැක්ම තුළ ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම තුලින් සුරක්‍ෂිත රටක් ගොඩ නැඟීම  සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන්  ඉල්ලා සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ආරක‍්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද දින (සැප්තැම්බර් 11) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

රාජ්‍ය පරිපාලනය, ක්‍රමසම්පාදන සේවය, ගිණුම්කරණ සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගාරය, රේගු ආදී පද්ධතියන්ගේ දූෂණය තුරන් කරමින් සුවිශේෂී රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් බවට ඒකාබද්ධ කළ යුතු බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද දින (11) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් විෂබීජ නාශක දියර කෑන් 50 ක් පරිත්‍යාග කරයි

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසින් පිහිටුවන ලද ‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් රු. 100,000 ක් වටිනා විෂබීජ නාශක දියර කෑන් 50ක්  ඊයේ (9) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පරිත්‍යාග කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රජය MT New Diamond හි ගින්න නිවා දැමීමට කලාපීය සහාය ලබා ගැනීමට කටයුතු කරයි

MT New Diamond හි ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතරම තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් වෙමින් සිටින අතර අවශ්‍ය නම් ඒ සදහා කලාපීය රටවල සහාය ලබා ගැනීමටද රජය කටයුතු කරන බව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලීසිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හෙළ රණවිර බළමුළුව වෙත දානපතියෙකු රු. 100,000 ක් පරිත්‍යාග කරයි

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන යූ.එච්. අශෝක විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ රණවිර බළමුළුව වෙත රුපියල් 100,000 ක මුදලක් අද  (සැප්තැම්බර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පෞද්ගලික උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ජනාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටී

ජාතික වගකීම් සපුරාලීම සදහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බැවින් මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අද දින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවිධානාත්මක අපරාධ, පාතාල හා මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට රජය කටයුතු කරනු ඇත - ආරක්‍ෂක ලේකම්

ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කල ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රජය විසින් සමාජයෙන් මතුවන තර්ජන මැඩලන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා ළඟදීම දීඝවාපිය භාර අරමුදලක් - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක්  පිහිටුවන බවයි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ඉටුකම අරමුදලට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් රු. 250,000 ක්

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ දායකත්වය වෙනුවෙන් සහය ලබා දීමක් වශයෙන් ජාතික අන්තරායකර  ඖෂධ පාලක  මණ්ඩලය විසින් COVID-19 ඉටුකම අරමුදලට රු. 250,000 ක මුදලක් අද (28) දින පරිත්‍යාග කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සිදුවීමට පෙර ආපදා තත්වයන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම වැළැක්වීම සඳහා ආපදා තත්වයන් ඇතිවීමට පෙර හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.