නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා ජුනි 7 වෙනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වෙනිදා අළුයම 4.00 වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මිට සුළු මොහොතකට පෙර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පරිසර හානිය අවම කිරීම සදහා හමුදාවන් අත්වැල් බැඳ ගනි.

ආපදාවට පත් නෞකාව හේතුවෙන් සිදුවන පරිසර දුෂණය සහ උපද්‍රව අවම කිරීම සඳහා වන උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා අද (මැයි 27) දින ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා භට පිරිස් හානියට පත් වෙරළ තීරය දිගේ යොදවන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

X-PRESS PEARL නෞකාවේ සුන්බුන් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ

ගින්නෙන් විනාශ වු නෞකාවෙන් වෙරළට ගසාගෙන එන සුන්බුන් පිළිබඳව අවධානය යොමු කරමින් නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ සහ අධිකාරිය ශ්‍රි ලංකා වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ආරක්‍ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනිගත් නෞකාවෙන් ඇතිවන සමුද්‍රීය හානි අවම කිරීමට පියවර

ආපදාවට පත් X-PRESS PEARL නෞකාව මඟින් සාගර පරිසරයට සහ වෙරළ තීරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ජනාධිපතිතුමන් උපදෙස් පරිදි ආරක්‍ෂක හමුදා, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ අනෙකුත් වගකිව යුතු රාජ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උඩු ගුවනේ සිට නැවට වියළි රසායනික ද්‍රව්‍ය මළු හෙලයි

'X-PRESS PEARL' නෞකාවේ ඇති වූ ගින්න මැඩලීම සඳහා අද උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා විසින් වියළි රසායනික කුඩු ගෝනි කිලෝග්‍රෑම් 425 ක් නැව වෙත හෙලූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා අද (26) පැවසීය .


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුවය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික සහය

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවන්ගෙන් සමන්විත ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් ඉන්දීය නෞකාවක් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි ගැනීමට ලක්ව ඇති 'X-PRESS PEARL' නෞකාව ඇති ස්ථානයට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හෝලි මහතා ප්‍රමුඛ දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (මැයි 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අත්‍යවශ්‍ය සේවා සඳහා හදිසි ඇමතුම් අංකයක්

සංචරණ  සීමා කාලය  තුළ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව  විමසීම සදහා මහජනතාවට විශේෂ හදිසි ඇමතුම් අංකයක්  ලෙස  '1965' හඳුන්වා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝකෙරේ

රට පුරා සංචරණ  සීමා  පැනවීම ජුනි 7 දක්වා දීර්ඝ  කිරීමට තීරණයක් ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන සේවා සදහා ගුවන් හමුදාව සීරුවෙන්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ  විසින් ආපදා සහන සේවා  භටයින් සහ ඒ සදහා යොදාගන්නා ගුවන් යානා  සුදානම්ව තබා ගන්නා ලෙසට උපදෙස් දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව සීරුවෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (මැයි 23) දින දකුණු පළාතේ ගංවතුර අවදානමක් ඇති ප්‍රදේශයන්හි සහන කණ්ඩායම් හතරක් ස්ථානගත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා දායකත්වයෙන් දිවයින පුරා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලංක‍ා යුද හමුදාව විසින් දි‍වයින පුරා ඇදන් 20000 ක් සමඟ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 ක් ස්ථාපිත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිං ග‍ඟේ සිරවී තිබූ සුන්බුන් නාවික හමුදා ඉවත් කරයි

නාවික හමුදාව විසින් ගිං ගඟ හරහා ඇති වක්වැල්ල සහ අගලිය පාලම් තුළ සිරවී තිබු අපද්‍රව්‍ය ඉවත් කරන ලදී


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත්

එක්ස්ප්‍රස පර්ල් (x-press pearl) නෞකාවේ ඇති වී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව මෙහෙයුම් සිදුකරන අතර මෙය වන විට ගින්න තවදුරටත් පාලනය කිරීමට සමත් වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ‘දීඝවාපිය අරුණ’ අරමුදලට පරිත්‍යාගයක්

'දීඝවාපිය  අරුණ'  අරමුදලට රු. 550,000 ක මුදලක්  පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දීම අද  (මැයි 21) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු සැමරුම

12 වන ජාතික රණවිරු සැමරුම්  උත්සවය මිට සුළු මොහොතකට පෙර අද (මැයි 19) සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීදූව අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

යුධ හමුදාව විසින් සීදූවේ දී ඉදිකරණ ලද දිවයිනෙහි විශාලතම කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයෙ (18) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට වැඩ අරඹයි

ආරක්‍ෂක අමාත්‍යංශය, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත කිරීම අද (මැයි 18) දින සුබ මොහොතින් සිදුකෙරෙණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව 'ඔක්සිජන් චිකිත්සා ඒකක' නිපදවයි

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය පසුගියදා  ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර අවදානමට නාවික හමුදාව සූදානමින්

දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, ගංවතුර අවධානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ තවලම ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව ක්ෂණික ප්‍රතිචාර, මුදවාගැනීමේ හා සහන ඒකක භට පිරිස් ස්ථානගත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් පණිවිඩය

රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆිතර් මංගල්‍යයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව  එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය. එකී යහපත් සියලූ ප්‍රාර්ථනා ඉටු වේවා යි ඊදුල් ෆිතර් මංගල්‍යය වෙනුවෙන් මම සුබ පතමි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සෙබළෙකුගෙන් දකුණු ආසියානු වාර්තාවක්

මෑතකදී ටෙක්සාස් හි පැවති ක්‍රීඩා තරගාවලියකදී (2021 Lone Star Conference Outdoor Track & Field Championships) ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල උෂාන් තිවන්ක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්ව සඳහා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් තබන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා තවත් සීමාවන්

මැයි මස 30 දක්වා සියලුම පළාත් අතර සංචරණ සීමාවන් පැනවීම, සියලු රැස්වීම් හා උත්සව අවලංගු කිරීම, වාණිජ ආයතන තුලට ඇතුළු වන සහ රැඳී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම සහ ආසාදිත පුද්ගලයින් විශාල වශයෙන් හඳුනාගත් ප්‍රදේශ හුදකලා කිරීම යන සීමාවන් පනවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉදිරි තෙදින තුල “සයිනොෆාම්” එන්නත සඳහා අනුමැතිය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ (07) දින ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සාර්ථක වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.