නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකාබද්ධව දින 25 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකදී විදේශීය ධීවර යාත්‍රා තුනක ගබඩා කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් (crystal methamphetamine) කිලෝග්‍රෑම් 100 ක්  අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය  මුහුදේදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රැඩිකල්කරනය, ආගමික අන්තවාදය සහ අනෙකුත් අනාගත තර්ජනයන්ට මුහුණ දීම සඳහා රජය හොඳ සුදානමක් හා අවධානයක් යොමු කර ඇත - ආරක්ෂක ලේකම්

රැඩිකල්කරනය වීම, ත්‍රස්තවාදය යලි ඉස්මතු වීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැළඹීම් ප්‍රධාන අභියෝගයන් වන අතර රජය, රටේ ජාතික අරක්ෂාව තහවුරු කිරීම සඳහා   හොඳ සුදානමක් හා අවධානයකින් පසුවන වන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිසිය, නාවික සහ යුද්ධ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තීව්‍ර සටනක

කේරළ ගංජා ඇතුළුව නීති විරෝධී  මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පුළුල් ලෙස වැටලීම් තීව්‍ර කිරීමට, ආරක්ෂක අංශ හා පොලිසිය වෙත ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යථාර්ථයන් හඳුනා ගනු ඇති බවයි - අමාත්‍ය ගුණවර්ධන

අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රජය පවසා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාකරන බවත් මහ කොමසාරිස්ගේ වර්තමාන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් මෙවර සැසිවාරයේදී ඵලදායි සාකච්ඡාවන්හි නිරත වන්නේ එමගින් මෙම කවුන්සිලය මෙරට යථාර්ථයන් හඳුනා ගනු ඇතැයි යන අවංක බලාපොරොත්තු ඇතිව බවයි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

දෙලක්ෂයකට අධික ආරක්ෂක හමුදා සාමාජිකයින් හට ‘විරුසර’ කාඩ්පත මගින් සහන රැසක්

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයින් 200,000 කට අධික පිරිසකට ඔවුන් වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් වට්ටම් ලබා දීම පිණිස ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ (VPCs) නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටී - අමාත්‍ය ගුණවර්ධන

ශ්‍රී ලංකා රජය පවසා සිටියේ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් වුවද, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකා ජනතාව විසින් තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරයි

මියගිය හා ආබාධිත සොල්දාදුවන්ගේ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සැලසුම්කර ඇති  ‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළ නමුත් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තවමත් එහි මතවාදය ප්‍රචාරය කරයි - ආරක්ෂක ලේකම්

මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන්  පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

40/1 යෝජනාවලියෙන් ඉවත්වීමට ගත් රජයේ තීරණය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිට දැනුම් දෙයි

40/1 සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති තානාපති එලිසෙබෙත් ෆිස්ල් බර්ගර් හට දැනුම් දුන්නේය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

LTTE සංවිධානය ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇතැයි මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි

“අක්‍රීයව පවතින ත්‍රස්ත සංවිධානයක් වන ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇත.” මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන නාවික හමුදා ‘තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශණය කඩිනම් කිරීම සඳහා කාර්ය සාධක බලකායක්

250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සීඅයිඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශණ වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් පිළිබඳව පසුවිපරම් සිදුකරන බවට හියුමන් රයිට්ස් වොච් සිදුකරන චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශවල පසුවිපරම් යටතේ සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්‍ෂ්ප කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවට විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක් අවශ්‍යයි - ආරක්ෂක ලේකම්

රට තුළ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක අවශ්‍යතාවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනි අවි බලපත්‍ර අයදුම්පත් දැන් defence.lk වෙතින් ලබා ගත හැක

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද  ගිනි අවි 200 ක් පළාත් නවයක පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙයින් හදුනාගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිසිය සහ බුද්ධි අංශ මඟින් නීති විරෝධී ආයුධ වැටලීම්

සතියක ගිනි අවි පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කර තිබේ.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාහදා ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි

ප්‍රචණ්ඩකාරී, මූලධර්මවාදී අන්තවාදයට විරුද්ධ ඒකාබද්ධ සටනේදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට ඇෆ්ගනිස්ථානයේ සහාය

දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම්. අස්රෆ් හයිධරි මහතා පොරොන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාපතිට එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්  හට සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී  ලංකා රජය විසින් සිය දැඩි විරෝධය පළ කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාපතිට එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය

යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්  හට  ගමන් තහනම් පැනවීමට දැඩි ලෙස විරුද්ධ වන අතර, තහවුරු නොකරන ලද තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ එම තීරණය සමාලෝචනය කරන ලෙස රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදයට ඉඩ නොතබන බවට ආරක්‍ෂක ලේකම් ප්‍රතිඥා දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී රටේ සාමය අස්ථාවර කිරීමට ත්‍රස්තවාදයට කිසිසේත් ඉඩ නොතබන බවට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

බාහිරව විකාශනය වූ කාල නියමයන් සංහිඳියාව ක්‍රියාවලියට බාධාවක් වනු ඇත - ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවසයි.

 “ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බාහිරව විකාශනය වූ කාලරාමු, සංහිඳියාව ක්‍රියාවලියට බාධා පමුණුවනු ඇත්තේ ඒවා නියම ස්වභාවයෙන් නැති බැවිනි” රජය එක්සත් ජාතීන්ට දන්වා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියේ සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමට කටයුතු කෙරේ

රණවිරුවන් සහ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සේවා සැපයීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීම දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව පවසයි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා ඊශ්‍රායලය සහාය ලබා දීමට සුදානම්

හමුදාමය සබඳතා ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් වැඩි පුහුණු අවස්ථා ලබා දෙන අතරම රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීමට ඊශ්‍රායලය කැමැත්තෙන් සිටී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ පැවති ‘DEFEXPO-2020’ ප්‍රදර්ශනයේදී ආරක්ෂක ලේකම් ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉන්දියාවේ ආරාධනයකට අනුව ලක්නව් නුවර 11 වන ‘DEFEXPO-2020’ සඳහා සහභාගී වීම සදහා ඉන්දියාවට ගිය අතර ඉකුත් බදාදා (පෙබරවාරි 5) දින ආරම්භවූ ප්‍රදර්ශණය සදහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී විය.