‘සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය අද (ඔක්තෝබර් 1) දින සහභාගී විය.
වන්නි ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කියා සිටියේ එහි බලපෑම බොහෝ දුරට වන්නි ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම බලපාන බවයි.
අතිගරු ජනාධිපතිතුමා සිය ලෝක ළමා දින පණිවුඩයේ අපේ දරුවන් ජාතියේ අනාගතය බව සඳහන් කර සිටී.
සැප්තැම්බර් 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ 7 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු අනුර ඒකනායක මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 29) දින අමාත්‍යාංශයේ දී හමුවිය.
කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ සෙව්මිණි කෞශලයා සිසුවිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සරය නිමිත්තෙන් රචනා කළ “කැළෑ කාකි” කාව්‍ය ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත අද (28) දින අමාත්‍යාංශයේදී පිළිගැන්වීය.
බාලදක්ෂයින්ට කළ හැකි දෑ වටහා ගෙන ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගත යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් අද (සැප්තැම්බර් 15) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
රජයේ දැක්ම තුළ ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම තුලින් සුරක්‍ෂිත රටක් ගොඩ නැඟීම සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද දින (සැප්තැම්බර් 11) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
රාජ්‍ය පරිපාලනය, ක්‍රමසම්පාදන සේවය, ගිණුම්කරණ සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගාරය, රේගු ආදී පද්ධතියන්ගේ දූෂණය තුරන් කරමින් සුවිශේෂී රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් බවට ඒකාබද්ධ කළ යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද දින (11) පැවසීය.
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසින් පිහිටුවන ලද ‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් රු. 100,000 ක් වටිනා විෂබීජ නාශක දියර කෑන් 50ක් ඊයේ (9) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පරිත්‍යාග කළේය.
MT New Diamond හි ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතරම තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් වෙමින් සිටින අතර අවශ්‍ය නම් ඒ සදහා කලාපීය රටවල සහාය ලබා ගැනීමටද රජය කටයුතු කරන බව පවසයි.
හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන යූ.එච්. අශෝක විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ රණවිර බළමුළුව වෙත රුපියල් 100,000 ක මුදලක් අද (සැප්තැම්බර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පරිත්‍යාග කරන ලදී.
ජාතික වගකීම් සපුරාලීම සදහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බැවින් මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අද දින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කල ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රජය විසින් සමාජයෙන් මතුවන තර්ජන මැඩලන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක් පිහිටුවන බවයි.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ දායකත්වය වෙනුවෙන් සහය ලබා දීමක් වශයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් COVID-19 ඉටුකම අරමුදලට රු. 250,000 ක මුදලක් අද (28) දින පරිත්‍යාග කළේය.
දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම වැළැක්වීම සඳහා ආපදා තත්වයන් ඇතිවීමට පෙර හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශ වැඩපිළිවෙලට සහාය වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය (SAATA) විසින් අද දින (අගෝස්තු 25) ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කරන ලදි.
කිසිදු බලවේගයකට යටත් නොවී දේශයේ ස්වෛරිත්වය සහ ජනතාව ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අවධාරණය කළේය.
අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති පන්නිල ආනන්ද හිමියන් විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට ඉදිවෙමින් පවතින නව ගොඩනැගිල්ල වන ‘නව දිගන්තය’ හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන පහක ධන පරිත්‍යාගයක් සිදු කරන ලදී.
දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට අනතුරු අඟවූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ රාජ්‍ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරීන් බොහෝ දෙනෙකුගේ යහපත් ක්‍රියාවන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවයි.