නවතම පුවත්
ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය වන වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ (Dr Razia Pendse), ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (නොවැම්බර් 19) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
ගුවන් නියමුවරියන් දෙදෙනෙකු අළුතින් පත් වීම ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂ කඩ ඉමක් - ආරක්ෂක ලේකම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු පත් කිරීම ගුවන් හමුදාවට මෙන්ම ශ්‍රී ලංකාවටද සුවිශේෂ වන බව අලුතින් පත් කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ආශිර්වාද පතා මිරිසවැටිය මහා සෑය අභියස පුද පූජා
අනුරාධපුරයේ මිරිසවැටිය මහා සෑය පරිශ්‍රයේ ඊයේ (නොවැ. 14) දින සවස පැවති ආගමික උත්සවයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.
සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක ලේකම්ගේ පරීක්ෂාවට
අනුරාධපුරයේ සඳහිරු ස්ථූපය ඉදිකිරීම් ස්ථානයට ඊයේ (නොවැ. 14) පැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එහි කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ප්‍රගතිය පරීක්ෂා කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමාගේ දීපවාලි පණිවුඩය
ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති.
ඉරාන තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු හෂීම් අෂ්ජාසාද් මහතා අද (නොවැ. 13) අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
රුසියානු ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (නොවැම්බර් 13) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් රැක ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය
දෛනිකව පවත්වනු ලබන කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ (11)දින ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී වෛරස් තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ගමන් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹයි.
අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (නොවැ. 11) අම්පාර, දීඝවාපිය පරිශ්‍රයේදී ‘දීඝවාපි ස්ථූප’ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමාරම්භක මුල්ගල් තැබීය.
මෙරටින් නික්ම යන ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශෙඛර් මිශ්‍රා මහතා අද (නොවැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවී තම සමුගැනීම සටහන් කළේය.
රවිනාථ ආර්යසිංහ මහතා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති රවිනාථ ආර්යසිංහ මහතා අද දින (නොවැම්බර් 06) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
කොවිඩ් මර්දනය සඳහා සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හඳුන්වා දීම ඊයේ දින (04) සිදුවිය.
නව ගුවන් හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි
අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සම්ප්‍රදායට අනුකූලව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (නොවැම්බර් 04) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.
අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා ආරක්ෂක ලේකම් හමුවෙයි
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා මහතා අද (නොවැම්බර් 03) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
මානුෂීය මෙහෙයුම සඳහා විශ්‍රාම යන ගුවන් හමුදාපතිගේ දායකත්වය ප්‍රශංසනීයයි - ආරක්ෂක ලේකම්
දශක තුනක කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය තුරන් කළ මානුෂීය මෙහෙයුම සඳහා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස්ගේ දායකත්වය බෙහෙවින් ඉවහල් වූ බව හා එම මෙහෙයුමේ සාර්ථක අවසානය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශිෂ්ට සේවයක් කළ බව ද ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ජන ජීවිතයට පීඩාවක් නොවන පරිදි සහ ආර්ථිකය අඩාල වීම වැළැක්වෙන ආකාරයට කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගනී.
බස්නාහිර පළාතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට ‘නිවසේ සිට වැඩ කිරීමට’ රජය පහසුකම් සපයයි
සීමාවන් පනවා ඇති ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හා විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ සේවා කටයුතු වල යෙදෙන රාජ්‍ය සේවකයින්ට යළිත් ‘නිවසේ සිට වැඩ කිරීමට’ යොමුකරන ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (ඔක්තෝබර් 29) දින පැවසීය.
පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිඥා
දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් සේවය කළ අයෙකු ලෙස බෞද්ධයන් වන්දනාමාන කරන පූජනීය ස්ථානවල සිදුව ඇති විනාශයේ තරම දැක ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය .
විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි
සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද (ඔක්තෝබර් 29) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි
හිඟුරක්ගොඩ කඳවුරට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 109 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 28) පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට රුධිරය පරිත්‍යාග කළහ.
ජනාධිපති තුමාගේ නබි නායක දින පණිවිඩය
ශ්‍රි ලංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමඟ සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.
ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එකඟ වේ
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කියා සිටී.
ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය වන බ්‍රෙන්ඩා බාටන් මහත්මිය, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (ඔක්තෝබර් 27) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ දින (24) පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ආරම්භ කරනු ලැබීය.
අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් රණවිරුවන්ට පරිත්‍යාග කෙරේ
රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ ඉල්ලීම පරිදි තනුජා විජේසිරි ඩයස් මහත්මිය සහ ඇගේ මිතුරන් විසින් ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදි.