නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා විරුවන් වෙත විරවික්‍රම පදක්කමි පිරිනැමිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

දශක තුනක් පුරා ලක් දෙරණ වෙලාගත් කුරිරු ත්‍රස්ත්‍රවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය හා සංහිදියාව රුගෙන ඒමට ස්වකිය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදුකරන්නට ඇප කැපවු ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙහි...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුධ ස්මාරකය අභියසදී අද (නොවැම්බර් 10) දින  ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය (Sri Lanka Ex-Servicemen’s Association - SLESA) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රණවිරු අනුස්මරණ උත්සවය සහ පොපිමල් දිනය සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා අයිතියට පත් කෙරේ

බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුධ හමුදා මූලස්ථාන සංකීර්ණය හෙට විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරන ලද නව මූලස්ථානය වෙත සිකුරාදා (නොවැම්බර් 08) පිවිසීමට නියමිතය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් හෙට උදෑසන නව හමුදා මූලස්ථාන සංකීරණය විවෘත කරනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කෙරේ

ජනාධිපති මහලේකම් කාර්යාලයේ “රට වෙනුවෙන් එකට සිටිමු” කොළඹ දිස්ත්‍රික්කයේ  පැවැත්වෙන වැඩසටහන යටතේ දෙහිවල දෙමළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී පවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වන්දි මුදල් පිරිනැමේ

මේ වසරේ ජනවාරි 25 වන දින මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) රාජකාරියේ යෙදී සිටියදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක භටයන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අඟහරුවාදා දින (නොවැම්බර් 05) යුද හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇෆ්ගනිස්ථාන තානාපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

ඇෆ්ගනිස්ථාන තානාපති අතිගරු එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා අද (නොවැම්බර් 05) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පෝලන්ත රාජ්‍ය නියෝජිතයකු ආරක්ෂක ලේකම් හමුවෙයි

අග්‍රාමාත්‍ය විශේෂ සේවා අමාත්‍ය සම්බන්ධීකාරක සහ පෝලන්ත ජනරජයේ අගමැති කාර්යාලයේ ජාත්‍යන්තර මැදිහත්කරුගේ උපදේශක ජේකබ් ග්ලෝවක්සියුස්කි මහතා අද (නොවැම්බර් 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව සොයාගැනීම් යුද්ධ හමුදාව වෙත භාර දෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CRD)  විසින් සිදු කරන ලද  නව සොයාගැනීම් කිහිපයක් අද (නොවැම්බර් 05) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත  භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ රොබෝ යන්ත්‍ර දෙකක්

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල ගමන් මලු සහ අනෙකුත් උපකරණ පරීක්‍ෂා කිරීම සඳහා නව රොබෝ යන්ත්‍ර දෙකක් යෙදවීමට කටයුතු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසරණ පවුලකට ගුවන් හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවසක් එහි හිමිකරුවන් වෙත පරිත්‍යාග කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්‍ෂණ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්‍ෂණ ආරක්‍ෂක විශේෂඥ මෙහෙයුම් (EU EOM) මැනුවෙල් ඇමරිල්ලා මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (නොවැම්බර් 01) දින සාකච්ඡාවක් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලාහුගල වනාන්තරයට ගුවන් හමුදාව බීජ ගුවන් මගින් ඉසියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මාස් හෝල්ඩින්ග්ස් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දෙවන බීජ ගුවන් මගින් ඉසීමේ වැඩසටහන අම්පාර ලාහුගල වනාන්තරයේදී මෙම සතිය ආරම්භයේදී දියත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු පළාතේ අවශ්‍යතා සහිත වුවන් වෙනුවෙන් කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ තෝරාගත් අඩු ආදායම්ලාභී ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 30) කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා බිම්වෙඩි හඳුනාගැනීමේ සුනඛයා සහ හසුරුවන්නා හොඳම මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරිමේ සුනඛ කණ්ඩය බවට පත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් වෙඩි හඳුනාගැනීමේ සුනඛයා ‘සැමී’ සහ හසුරුවන්නා වන 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ජී නිශාන්ත බංඩාර වොෂිංටන්හි මාෂල් ලෙගසි ආයතනය විසින් ‘2019 වසරේ හොඳම කණ්ඩායම’ ලෙස තෝරාගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පාසල් ළමුන් වෙනුවෙන් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. වෙරළාරක්ෂක බලකා මාධ්‍යට අනුව ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේදී ඔක්තෝබර් 24 වෙනි දින මෙම වැඩසටහන සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්වෙයි

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට එක්කිරීම බදාදා සවස (ඔක්තෝම්බර් 30) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර නිසා අවතැන් වූ සිවිල් වැසියන් ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ

දිවයින පුරා දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයෑම් සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති පරිසර සම්මාන උළෙල -2019 හි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇගයීමට ලක්වේ

ජනාධිපති පරිසර සම්මාන උළෙල -2019 අඟහරුවාදා දින ( ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා පොලිසියෙන් කළුගඟ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසිය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක්  සහ රීෆොරස්ට් ආයතනය ඒකාබද්ධව කළුගඟ ඉවුර දෙපස කුඹුක් පැල (Terminalia arjuna)  සිටුවීමේ පරිසර ආරක්ෂණ වැඩසටහනක් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදා භට පිරිස් අවහිරවූ මාර්ග පිරිසිදු කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

මේ වන විට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මෙම තත්වය මහජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් සදහා විවිධාකාරයෙන් බලපා ඇති අතර ගංවතුර හා නායයෑම් තත්වය ජනජීවිතයට බාධාවක් වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හදිසි අවස්ථාවන්ට මුහුණුදීම සඳහා සූදානමින්

පවතින කාලගුණික තත්වය හේතුවෙන් හදුනාගත් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස සහන සැලසීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවශ්‍යතා සහිත පුවුලකට යුද්ධ හමුදාවෙන් ආධාර

අවශ්‍යතා සහිත පවුලකට ජීවන තත්වය නගාසිටුවීම කෙරෙහි තම මානුෂීය සැලකිල්ල යොමුකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටයින් විසින් නවීකරණය කරන ලද ත්‍රීරෝද රථයක් සිකුරාදා (ඕම්තොම්බර් 25) ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 28) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අභිමන්සලෙහි නේවාසික අබාධිත රණවිරුවන් නාගදීප විහාරයේ සංචාරයක

කඹුරුපිටිය ‘අභිමන්සල’ සුවතා නිකේතනයේ ආබාධිත රණවිරුවන් පිරිසකට සෙනසුරාදා දින (ඔක්තෝබර් 26) නාගදීප රජමහා විහාරය නැරඹීම සදහා  මුහුදු මඟින් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.