නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඉතිහාසයේ ප්‍රථම වතාවට
තරුණ විරුවන් ඇගයීමට ලක්වේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, අද (ජුලි 17) දින ජාතික ශිෂ්‍යභට බළකාය විසින් කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදී ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීෂෙල්ස් රාජ්‍යයේ ආරක්‍ෂක ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සීෂෙල්ස් මහජන ආරක්‍ෂක බලකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් Michael Rosette අද (ජුලි 16) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතිගරු මසූද් ඉමාඩ් මැතිතුමා, අද (ජුලි 16) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි එතුමාගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීෂෙල්ස් ආරක්‍ෂක ප්‍රධානී මෙරට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

සීෂෙල්ස් මහජන ආරක්‍ෂක බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් Michael Rosette අද (ජුලි 16) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි නිල කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලාහුගල නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ අට දිශා සර්වඥ ධාතුන් වහන්සේලා සහ පුජා වස්තු ප්‍රතිෂ්ඨාපන පුජාව ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ අට දිශා සර්වඥ ධාතුන් වහන්සේලා සහ පුජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (ජුලි 15) දින උදැසන එළඹි සුභ මුහුර්තියෙන් සිදුකරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි
සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කෙරේ

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනිය සොලොස්මස්ථාන අතුරින්  ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපි පුදබිමේ ඉදිවන දීඝවාපි සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ අද (ජුලි 14) දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදා ‘වීර මාතා’ උපහාර උත්සවය ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ 'වීර මාතා’ උපහාර උළෙල අද (ජුලි 12) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුද හමුදා මූලස්ථානයේ පැවැත්වූ අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගී වන දූත පිරිස
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා හමුවෙයි

ඉන්දියානු හමුදා බුද්ධි අංශ අතිරේක අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් චරන්ජිත් සිං දෙව්ගන් ප්‍රමුඛ, මෙවර ඉන්දීය ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගි වන දූත කණ්ඩායම අද (ජුලි 10) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය සේවා ලබාගැනීමේ දී
විරුසර වරප්‍රසාද කාඩ්පතට ප්‍රමුඛත්වය

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක සංවාදය සදහා සහභාගී වන දූත පිරිස
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දියානු හමුදා බුද්ධි අංශ අතිරේක අධ්‍යක්ෂ මේජර් ජෙනරල් චරන්ජිත් සිං දෙව්ගන් ප්‍රමුඛ, මෙවර ඉන්දීය ආරක්‍ෂක සංවාදය සදහා සහභාගි වන දූත කණ්ඩායම අද (ජුලි 09) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තරුණ තරුණියන්ට ජීවිතයේ ඉදිරියට යාමට
නිවැරදි ආකල්ප තිබිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

සාර්ථකත්වය සඳහා කුසලතා, බුද්ධිය, දැනුම සහ දක්ෂතා තිබීම තරම්ම නිවැරදි ආකල්ප තිබීමත් වැදගත් වේ. වෙනස් වීම දුෂ්කර වන අතර සමහර විට පළමු පියවර දුෂ්කරම පියවර වේ. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ජුලි 08) කොළඹ, ෂැංග්‍රි-ලා හෝටලයේ දී පැවති 05th New Generation Asia Youth Awards 2024 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් පලකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරල් කපිල දොලගේ අද (ජුලි 08) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් කතරගම පාද යාත්‍රාවට එක්වෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අඛණ්ඩව හයවන වරට, වාර්ෂිකව පැවැත්වෙන කතරගම පාද යාත්‍රාවට එක් වෙමින් වන්දනා ගමන නිමා කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයිනේ නව මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ අතිගරු Masood Imad මැතිතුමා අද (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රසායනික අවි සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින රසායනික අවි සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකාව සහ මැලේසියාව තුල සක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රමුඛ ආයතන රැසක පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 24 සිට 28 දින දක්වා කොළඹදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත
ග්‍රන්ථය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව, ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීමේ උත්සවය, අද දින (2024 ජුනි 28) නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර Wave n’ Lake උත්සව ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ
දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් ජූනි 26 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ
උප සමුහයේ දෙවන සමුළුව රැස්වේ

තැනැත්තන් වෙළඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ සංවිධායකත්වයෙන් 2024 ජූනි මස 26 සහ 27 දෙදින තුළ කොළඹ දී සාර්ථක අන්දමින් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බදුල්ල සහ පස්සර ප්‍රදේශවල නායයෑමේ අවදානම් සහිත ස්ථාන
හඳුනාගැනීම සඳහා අධ්‍යයනයක්

ගුවන් හමුදා භූ තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදක කණ්ඩායම විසින් පසුගියදා (ජුනි 25), බදුල්ල සහ පස්සර ප්‍රදේශවල නායයෑම් අවදානම් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා LiDAR තාක්ෂණය යොදා ගනිමින් පුළුල් සමීක්ෂණයක් සහ සිතියම්කරණ මෙහෙයුමක් සිදුකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව ඓතිහාසික ලෙස අඛණ්ඩව තුන්වන වරටත් එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ වාර්තාවේ දෙවන මට්ටම අත්කර ගනී

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ වාර්තාවේ (TIP) අඛණ්ඩව තෙවැනි වසරටත් දෙවන මට්ටම අත්කර ගනිමින් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව ඇත. මෙම කැපී පෙනෙන ජයග්‍රහණය මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ එහි ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට අප රට දරන අඛණ්ඩ උත්සාහයේ ප්‍රථිපල තවතවත් අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“සඳහිරු මහ සෑ පොසොන් කලාපය” අනුරාධපුර පුදබිම ආලෝකමත් කරයි

ඓතිහාසික අනුරාධපුර පුජා නගරයේ සඳහිරු මහා සෑය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 21) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේ මුලිකත්වයෙන් පොසොන් පොහෝ දින
විශේෂ වැඩසටහන් මාලාවක් අනුරාධපුර දී...

රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමත්, රට දැය සමය රැකගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය පැතීමත්, ලක්වාසී සියලු වැසියන්ට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් දාන, ශීල සහ භාවනාදී පින්කම් මාලාවක් අද (ජුනි 21) පොසොන් පුර පසළොස්වක පොහෝ දින ඓතිහාසික අනුරාධපුර සඳහිරු මහා සෑය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා . . !

"අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච"
අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සුබසාධන පහසුකම් සංකීර්ණයට මුල්ගල තබයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදි කිරීමට යෝජිත නව සුබසාධන පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් අරඹමින් ඒ සඳහා සුභ නැකතින් මුල්ගල තැබීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (ජුනි 20) දින එම ඉදිකිරීම් භූමියේදී සිදු කරන ලදී.