නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

දියකාවා යුද අභ්‍යාසය - 2019 පළමු අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ වූ ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුද අභ්‍යාසය(FTX), ‘දියකාවා යුද අභ්‍යාසය 2019’ නැගෙනහිර කලාපය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී.යුද හමුදා මාධ්‍යට අනුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි නැවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් විසින් බදාදා දින (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමලය වරායේ ඇෂ්රොෆ් ජැටියේ දී මෙහෙයුමක් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන පොලිස් දිනය සමරයි

ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන ‘පොලිස් දිනය’ සැප්තැම්බර් 03 (2019) වන දින සමරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (සැප්තැම්බර් 04) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සුභසාධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීමට ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රගහලේදී

ප්‍රවීණ දේශීය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය මේ මස 14 වන දින සවස 06.30 ට නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළබෙන සතියේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ලබන සතියේ (සැප්තැම්බර් 11 සහ 12) පැවැත්වීමට නියමිතව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියකාවා යුද අභ්‍යාසය අදියර 10 - 2019 ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” අද (සැප්තැම්බර් 03) මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි

නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විපතට පත්ව සිටි ඉන්දියානු ධීවරයින්ට නාවික හමුදාවේ සහාය

උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක සිටි නැවියන් විසින් යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට පත්වී තිබු ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දියානු ධීවරයින් සිව් දෙනෙකු ඉරිදා දින (සැප්තැම්බර් 01) නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මධ්‍යම අප්‍රිකා ජනරජයේ සාම සාධක රාජකාරියේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිවිල් සුභසාධන වැඩසටහන් සිදු කරයි

මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම (Multidimensional Integrated Stabilization Mission in the Central African Republic) පසුගිය මාසයේදී  සිවිල් ජනතාව සහ ආරක්ෂක අංශ අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් සමාජ සුභසාධන  ක්‍රියාකාරකම් සහ ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් සිදු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායෙන් උතුරේ ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් පවත්වයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් පසුගිය සතියේ යාපනය දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයක ජීවිතාරක්ෂක දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම් මත “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කයේ වැඩසටහන් මාලාව පවත්වා ඇති බව වෙරළාරක්‍ෂක බලකා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගජබා සුපර්ක්‍රොස් - 2019 සාලියපුර මෝටර් රථ ධාවන පථයේදී අති සාර්ථකව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද “ගජබා සුපර්ක්‍රොස් - 2019”, මෝටර් රථ ධාවන තරගාවලිය අද (සැප්තැම්බර් 01) අනුරාධපුර පිහිටි සාලියපුර ගජබා රෙජිමේන්තු මෝටර් රථ ධාවන පථයේ දී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

09 වන

අඛණ්ඩව 9 වන වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දෙදිනක පුර පවත්වන ලද බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින අරම්භ වූ යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම  ආරක්‍ෂක සම්මන්ත්‍රණය වන "කොළඹ ආරක්‍ෂක සමුළුව" සිකුරාදා (අගෝස්තු 30) දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  සාර්ථකව නිමාවට පත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ  ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව වන “කොළඹ ආරක්ෂක සමුළුව 2019” අද (අගෝස්තු 30) දෙවන හා අවසාන දිනයට පිවිසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් යාපනයේදී

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් 2019 අගෝස්තු 23 වන දින සිට 26 දින දක්වා යාපනයේ සහ එහි දූපත් ආශ්‍රිතව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ දී විශේෂ වැඩසටහනක්

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ (27) දිනය පුරා ඩෙල්ෆ් දූපතේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට බර ඉසිලීමේ ජයග්‍රහණයක්

විවෘත ශක්ති බර ඉසිලීමේ තරගාවලිය - 2019 සදහා සහභාගී වූ ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ කණ්ඩායම සමස්ත පිරිමි ශූරයන් බවට පත්විය. තරගාවලිය අගෝස්තු මස 11 වන දින සහ 12 වන දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින කාලගුණ තත්වය තවදුරටත් එලෙසින්ම

අද (අගෝස්තු 28) දින උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවන්ට අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වර්ෂා සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි

රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපතිට ඉන්ටර්පෝල් සම්මානයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා Jürgen Stock ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මල්වාන සහ දොම්පේ අතර මාර්ගය හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ නමින් "ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත" ලෙස නම් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා නෞකාවන් විදේශීය පුහුණු මෙහෙයුමක් සඳහා පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් පුහුණු මෙහෙයුම් සඳහා බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන් බලා මෙරටින් පිටත්ව ගියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.