නවතම පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූවකු අත්අඩංගුවට

මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ සහරාන් ගේ කල්මුනේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කල අයෙකු මීට දින කිහිපයකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සහ ඉන්දීය අගමැති හමු වෙති.

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ රණවිරු සුබසාධන වැඩසටහන් පිළිබඳ රණවිරු සංගම් දැනුවත් කිරීමේ හමුවක්

රණවිරුවන් හා රණවිරු පවුල්වල සුභසාධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම හා සොයා බැලීම සඳහා අද (මැයි 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී විශේෂ රණවිරු හමුවක් සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ උළෙලේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනෙකු “ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ්” (Dag Hammarskjold ) පදක්කමෙන් පිදුම් ලබයි

මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා 2018 වර්ෂයේදී මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් හී නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් ඩී එල් සුමංගල ඩයස් මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. නව ගුවන් හමුදාපතිතුමන් අද උදෑසන (මැයි 29) ජනාධිපති නිල නිවසේදී එතුමන් අතින් සිය පත්වීම ලිපිය ලබා ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ කර්මාන්ත කරුවන් දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනය

රටෙහි පැවති ආරක්‍ෂක වාතාවරණය මත ආරක්‍ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තඹ කර්මාන්තශාලාවේ සේවකයන් පිළිබඳව වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

දැනට ඇප මත මුදා හරින ලද වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලබා දීමට කටයුතු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති විදෙස් තානාපතිවරු හමුවෙයි - රටේ යහපත් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජනපතිගෙන් සහතිකයක්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යාම පිලිබඳ පුවත තවමත් තහවුරු වී නැත

ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ශාදීප් දිවයින වෙත පලාගිය බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා පළකර තිබුනත්, අදාළ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවත්...


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා (HE Mr. Riaz Hamidullah) මැතිතුමන් අද (මැයි 27) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පටු මානසිකත්වයකින් ක්‍රියාකරන්නන් හේතුවෙන් නොසන්සුන්කාරිව නොහැසිරෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි

ත්‍රිකුණාමලය, කින්නියා හි කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (මැයි 23) දින නාවික හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසත්‍ය පුවත්පත් වාර්තාවක් පිලිබඳ පොලිස් විමර්ශන

තව්හීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල කතුන් 4000 කගේ පමණ වඳ සැත්කම් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාක්‍ෂි ලැබී ඇති බවත්, එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් පුවතක් ඊයේ (මැයි 23) ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබපැතුම්

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් ජෝන් හොලි (HE Mr. David John Holly) මැතිතුමන් ඊයේ  (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩීඑන්ඒ පරීක්ෂණ මගින් මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරයි

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද DNA පරීක්‍ෂණ අනුව පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ අනන්‍යතාවය අඟහරුවාදා (මැයි 21) දින සවස තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 21) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙසක් සමයේ සාමකාමී වාතාවරණයක්

වෙසක් සමය තුල දිවයිනේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී තිබිණි. කෙසේ වෙතත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් සහ පරීක්ෂණ කටයුතු නියමිත පරිදි සිදුකරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ටොෂිහිරෝ කිටමුරා (Mr. Toshihiro Kitamura) මැතිතුමන් අද (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රට තුළ සාමය ස්ථාපිත කර ඇත

මේ වනවිට රට තුල සාමය ස්ථාපිත කර ඇති අතර, පවතින සාමකාමී තත්ත්වය තුල ආරක්ෂක අංශ දැඩි අවදානයෙන් පසුවන බවත්, යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සාමය බිඳ දැමීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමයේ දසවර්ශාභිෂේක සැමරුම් උළෙල - 2019

දශක 03ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රණවිරුවන් දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කොට ත්‍රස්තවාදය මුලින් උපුටා දමා සියලු ලක්වාසී ජනතාවට සාමය දායාද කරදී 2019.05.19 දිනට දස වසරක් සපිරීම නිමිත්තෙන්


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ආකාරයෙන් කරයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

මේ රටේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීමට මම කැමතියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවල යෙදෙන්නන් පිළිබඳව විමර්ශන දිගටම

වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ දිගටම සිදුවෙමින් පවතින අතර, මෙය පසුපස සිටින අයවලුන් සොයා ගැනීම සඳහා බුද්ධි අංශ විසින් ද වෙනම පරීක්‍ෂණ සිදුකරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Captain Ashok Rao) මහතා අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කැනේඩියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (HE Mr David McKinnon) මැතිතුමන් අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පිඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.