නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනාගැනීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලයි

පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්ධීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටී.





පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති ප‍්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව රැස් වේ.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ….


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි තොරතුරු සඳහා හමුදා මූලස්ථානය අමතන්න

දැනට පවතින හදිසි ආරක්‍ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස් වේ

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී පහත සඳහන් තීරණවලට එළැඹිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ ප්‍රකාශය

අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදුවු අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිපලයක් ලෙස සිදුවු ජීවිත හානි පිළිබඳව රජයේ බලවත් කණගාටුව මේ අවස්ථාවේ පලකර සිටිනවා.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ මාධ්‍ය නිවේදනය

රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ආරක්‍ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානවල රජයේ වැදගත් ස්ථානවල ආරක්‍ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.




පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර සහ උතුරු පළාතේ ගොවි ප්‍රජාව දිරිගන්වයි

නැගෙනහිර පළාත විශාල කුඹුරු යායවල් සහ වැව් සඳහා ඉතා ප්‍රසිද්ධය. මෙම කලාපයේ බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. ප්‍රදේශය පුරා විහිදී ඇති විශාල සහ කුඩා වැව් ජාලයකින් කෘෂිකර්මාන්තය සඳහා ජලය සපයනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජනපද නාවික නෞකා දෙකක් දිවයිනට

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) දින දිවයිනට සේන්දු වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා නව නිවාස

පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ මුල්‍යමය දායකත්වයෙන් වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අඩු ආදායම් ලාභී පවුල් දෙකක් සඳහා ලබාදීම පසුගියදා සිදුකරන ලදී


පසුගිය පුවත් | පසුගිය පුවත්

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්තෆා අන්වර් (Air Commodore Mustafa Anwar) ප්‍රමුඛ දුත පිරිසක් අද (අප්‍රේල් 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික වෙඩි තැබීමේ ශුරතා තරඟාවලියේදී යුද්ධ හමුදා කණ්ඩායම කැපීපෙනෙන දස්කම් පෙන්වයි

ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් මෑතකදී පවත්වන ලද ජාතික වෙඩිතැබීමේ ශුරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමස්ථ ශුරතාවය දිනාගැනීමට සමත් වූ බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'මිත්‍ර ශක්ති' අභ්‍යාසය අවසන් වේ

දියතලාවේ පැවති ‘මිත්‍ර ශක්ති’ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය පසුගිය සඳුදා (අප්‍රේල් 08) දින සාර්ථකව අවසන් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා කඳවුරේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනයේ අඩු ආදායම් පවුල් දෙකක් සඳහා තවත් නිවාස දෙකක් ඉදිකරදෙයි

යාපනය, සෝලිපුරම් ප්‍රදේශයේ නිවසක් නොමැතිව දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් දෙකක් පිළිබඳ ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් වෙත ලද තොරතුරක් මත, ඔවුන් විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතීන් යටතේ පවුලක් සඳහා මෙම නව නිවාස දෙක ඉදිකර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයෙන් අවුරුදු පොලක්

ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ “අවුරුදු පොළ” අද දින උදෑසන (අප්‍රේල් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යංශයී‍ය සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පොළෙහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතා අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

6 වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව පැවැත්විණි

අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති 6 වන ඉන්දු -ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා     (Mr. Sanjay Mitra) මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී විය.