නවතම පුවත්
වෙරළාරක්ෂක බළකාය දකුණු පළාත් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් සිදුකරයි
දකුණු පළාතේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ දියේ ගිලීම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා පවත්වන ලදී.
මහජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැනුවත් කිරීම
2019 ඔක්තෝම්බර් මස 16 වන දින පෙරවරුවේ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විද්‍යාලය අසල හා මෝදර මට්ටක්කුලිය ශාන්ත මරියා පල්ලිය අසල බෝම්බයක් තිබෙන බවට රාවයක් පැතිර ගොස් ඇත.
“ගාලු කතිකාවත 2019” ඔක්තෝම්බර් 21 හා 22 යන දෙදින තුළ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කතිකාවත 2019” මේ මස (ඔක්තෝම්බර්) 21, 22 යන දෙදින තුළ කොළඹදී පැවැත්වේ.
වර්ෂා කාලගුණය තවදුරටත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (ඔක්තෝබර් 15) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පවතිනු ඇත.
වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි
නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.
රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
මුහුදේ දී අසනීප වූ මෙරට ධීවරයකු බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) නාවික හමුදා සහයෙන් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභිමානවත් 70 වන සංවත්සර පෙළපාලිය ගාලු මුවදොර පිටියේ දී
70 වන යුද්ධ හමුදා දින ප්‍රධාන පෙළපාලිය ගාලුමුවදොර පිටියේ දී 2000කට අධික යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ඔවුන්ගේ ආවේණික නිළ ඇඳුමින් සැරසී රෙජිමේන්තු ධජයන් ද සහිතව ගමන් කළ පෙළපාලිය ඔවුන්ගේ හමුදාධිපතිවරයාට ආචාර කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය අද (ඔක්තෝම්බර් 10) දින සමරනු ලැබීය.
සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ චීන නියෝජ්‍ය ඇමති රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
වෙරළාරක්ෂක භටයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක පුහුණුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සමඟ
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLS) සහ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිව් දින ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පසුගියදා පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කරමින් සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් සිදු කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම්අයි 17 හෙලිකොප්ටරයක් උපයෝගී කරගනිමින් සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සඳුදා (ඔක්තෝබර් 07) දින සිදු කරන ලදී.
2019 ඔක්තෝබර් 5 වන දින ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා සහාය
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම මත දකුණු නාවික විධානය භාර ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දකුණු නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයින්ගේද සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
අනතුරට පත් ප්‍රංශ රුවල් යාත්‍රාවක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදු ප්‍රදේශයේදී විපතට පත්වූ ප්‍රංශ රුවල් යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට සෙනසුරාදා දින (ඔක්තෝබර් 04) ශ්‍රී ලංකා නාවික හමුදාව තම සහාය ලබා දී ඇත.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික විවෘත දිනය (Open Day) අද (ඔක්තෝබර් 06) දින පැවැත්විණි.
70 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්
70 වන යුද හමුදා දිනය නිමිති කරගෙන විශේෂ කිතුනු ආශිර්වාද දේවමෙහෙයක් කොළඹ 04, බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී සිකුරාදා දින (ඔක්තෝබර් 04) සවස පැවැත්විණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය (Open Day) හෙට (ඉරිදා) දින
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය විවෘත දිනය (Open Day) හෙට (ඔක්තෝබර් 06) දිනට යෙදී ඇත.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ඉඩමක තිබී අත් බෝම්බ 03 ක් හමුවේ.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අංක 404 දරණ ඉඩමේ තිබු වලදමා තිබූ පාවිච්චියට නුසුදුසු තත්වයේ අත් බෝම්බ 03 ක් අද සවස (ඔක්තෝබර් 04) ඉඩම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේදී හමුවී ඇත.
පොලිස් සේවා වනිතා ඒකක ලෝක ළමා දිනය සැමරුම
ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඔක්තෝබර් 01 වන දින කොළඹ 05, පොලිස් පවුල් සුභසාධක සංගම් පරිශ්‍රයේදී පැවැත්විණි.
වෙරළාරක්ෂක බලකාය වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කරයි
ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන සිය කාර්යභාරය ඉටු කරමින් වෙරළ ආශ්‍රිත පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.
70 වන යුද හමුදා දින සැමරුම නිමිත්තෙන් ඉස්ලාම් ආගමික උත්සවයක්
70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව ඉස්ලාම් ආගමික උත්සවයක් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 03) කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
සමුද්‍ර සම්පත් නීති විරෝධීව ලග තබාගත් පුද්ගලයන් නාවික හමුදාව අත්අඩංගුවට
මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නීතිවිරෝධී ලෙස ලග තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතිය තුල පුද්ගලයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා සංවත්සර වෙනුවෙන් හින්දු ආගමික වතාවත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ 13 හි ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් කෝවිලේදී හින්දු ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණි.
පාකිස්තාන මහකොමසාරිස්වරයා යුද්ධ හමුදා විද්‍යාපීඨයට තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය (SLMA) වෙත ලබා දීම සදහා පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් (H.E Dr. Shahid Ahmad Hashmat) මහතා විසින් යුද හමුදාපති කාර්යාලයේදී බදාදා දින (ඔක්තෝබර් 02) යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අවස්ථාවේදී හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කර ඇත.
ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් මුල්‍යමය පරිත්‍යාගයක්
අසරණ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් ලෝක ළමා දිනයට (ඔක්තෝබර් 01) සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ අසරණ දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ‘ජාතික භාර අරමුදල’ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.
කොළඹ ගුවන් හමුදා කඳවුරු ලෝක ළමා දින සැමරුම - 2019
ලෝක ළමා දිනය සමරමින් ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (2019 ඔක්තෝබර් 01) කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.