නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම
වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම, අද (2025 පෙබරවාරි 18) කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Paul Stephens මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්
CISM මාර්ග ධාවනය පැවැත්වේ

ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය පැවැත්විණි. ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ග ධාවනය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ
පුණ්‍ය මහෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2025 ක් වූ මාර්තු මස 04 වන දින පැවැත්වීමට මේවන විට කටයුතු සංවිධානය කරමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“Clean Sri Lanka” පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක්

“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (පෙබ 18) ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වසර 80 ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 80 වන සංවත්සර දින සැමරුම පසුගිය ඉරිදා (පෙබරවාරි 16) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) ගේ  ප්‍රධානත්වයෙන්, දෙල්ගොඩ Tamarind Banquet උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ඉතා උණුසුම් අයුරින් ඔහු පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO' නෞකාව - 357 කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO - 357' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ 16) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 8 වන වාර්ෂික අධ්‍යයන සැසිය
ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ (SLCOMM) 8 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවයට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම සැසිය ඊයේ (පෙබ 14) කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂවරයා සිය නික්මයාම සනිටුහන් කරමින්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සුදන්ත ෆොන්සේකා අද (පෙබ 14) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 13) දින ගුවන් හමුදා මූලස්ථානයේ සිය පලමු නිල සංචාරය සිදුකළ අතර, එහිදී ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක්
සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙබ 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් තබන ලද  අතර, මෙම ගිවිසුම තුලින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ  නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 11 වන ශ්‍රී ලංකා
වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංචාරයක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තම ප්‍රථම නිළ සංචාරය සිදු කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය අගහරුවදා (ජන 11) මොරටුවේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් ජීවතාරක්‍ෂකයින්
පානදුර වෙරළේ පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගනියි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජිවිත ආරක්‍ෂක නිලධාරින් විසින් දියත් කල වික්‍රමාන්විත ජිවිත ආරක්‍ෂක මෙහෙයුමකින් අනතුරුව පෙබරවාරි 12 වන දින සවස 0510 ට පමණ පානදුර වෙරළ තිරයේ ජල ප්‍රවාහයකට හසු වී මුහුදට ඇදි ගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ දිවි බෙරා ගැනීමට හැකි වී ඇත. කෙසේ වෙතත් මෙම පුද්ගලයින් සමඟ සිටි එක් තරුණයෙකු දියේ ගිලි අතුරු දහන්ව ඇති අතර, ඔහු සොයා ගැනීමට ජිවිතාරක්‍ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියත්මක වෙමින් පවති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියෙන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ පැරා මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුලින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් හමුවෙයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (පෙබ 12) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගාලෝරු හි පැවැත්වෙන Aero India 2025 ගුවන් සංදර්ශනය අතරතුර දී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිසක්
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වෙත පැමිණේ

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන අංශයේ ප්‍රධානී කර්නල් Lausanne Nsengimana Ingabire ප්‍රමුඛ දූත පිරිසක් පසුගිය අඟහරුවාදා (පෙබ 11) ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනයක් වන වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන "Aero India 2025" ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊට සමගාමීව පෙබරවාරි 11 දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ
දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන අංශ ප්‍රධානී කර්නල් Lausanne Nsengimana Ingabire ප්‍රමුඛ එම විද්‍යාලයේ (RDFCSC) දුත පිරිසක් අද (පෙබ 11) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ඊයේ (පෙබ 10) නාවික හමුදා මූලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදුකරන ලදි. එහිදී සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඔහුව උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා
වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා  අද (පෙබ 10)  දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ඉතාලි නාවික හමුදාවට අයත් 'ANTONIO MARCEGLIA' නෞකාවේ සංචාරයක නිරත වෙයි

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 06) දින සන්ධ්‍යාවේ ඉතාලි නාවික හමුදාවට අයත්  'ANTONIO MARCEGLIA' නෞකාවේ සංචාරයක නිරත විය. එම නෞකාවට අවශ්‍ය පහසුකම් සපයාගැනීමේ අරමුණින් පසුගිය බදාදා (පෙබ 05) දින පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා අද (පෙබ 07) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික වගකීම ක්‍රියාවට නැංවීමේ දී යුද්ධ හමුදාවේ කාර්යභාරය
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අවධාරණය කරයි

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අඟහරුවාදා (පෙබ 04) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අමතමින් ජාතියේ අනාගතය හැඩගැස්වීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන කාර්යභාරය පිිළිබඳ යළිත් අවධාරණය කළේය. යුද්ධ හමුදාව අප රටේ ප්‍රධානතම උපාය මාර්ගික ආයතනය බවත්, සෑම විටම ලක් වැසි ජනතාවගේ ජීවිත හා දේපලවල ආරක්‍ෂාව තහවුරු කිරීම හමුදාව වෙත පැවරෙන ප්‍රමුඛතම වගකීම බවත් අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සේවයෙන් නික්ම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී
ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ

සේවයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර අද (පෙබ 06) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'Clean Sri Lanka' ව්‍යාපෘතිය යටතේ කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean Sri Lanka’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය යන ආයතන හා එක්ව අද (පෙබ 6) දින උදෑසන කොළඹ බේරේ වැව සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.