නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ ක්‍රීඩාශීලිත්වය විදහා පාමින්
12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 අති උත්කර්ෂවත් ලෙස සමාප්ත වේ

සමාප්ති උළෙලට සහභාගි වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (නොවැ 24) සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ක්‍රීඩාව, ජාතිය, ආගම හෝ සමේ වර්ණය නොසලකා සියලු මිනිසුන් එක් කරන බව ප්‍රකාශ කර සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට කඩිනම් පියවර

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙනස්වන ගෝලීය භූ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට හැකිවන උපායමාර්ගික සැලැස්මක වැදගත්කම ජනපති අවධාරණය කරයි

ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට
ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

ඊයේ (නොවැ. 21) දින සන්ධ්‍යාවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු 52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහාභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ මූලිකත්වයෙන් සිංහල හා දමිළ භාෂා පුහුණු පාඨමාවන් ආරම්භ කරයි

දමිළ තරුණ තරුණියන් සඳහා ඔඩ්ඩමාවඩි ජාතික පාසලේ පවත්වනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙහි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජී සහභාගී වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නායයෑම් හා ගංවතුර තර්ජන

කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව අද (නොවැ. 20) දිවයිනේ බොහෝ පළාත් වල සවස 01.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණ තත්වයන් තුල ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා
යුද හමුදාවේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වයන් තුළ ගංවතුරින් විපතට පත් ප්‍රජාවට නිරන්තරයෙන් සිය උපකාර සිදුකරමින් සිටින අතර, ජනතාවට පහසුකම් සැපයීම සඳහා ඔවුන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට මහඟු පිටුවහලක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඇරඹේ

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රංශ තානාපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සබඳතා
ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා අද (නොවැ. 15) උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (නොවැ. 14) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'ආරක්‍ෂක උපාය මාර්ග උදෙසා අවශ්‍ය කෙරෙන දැනුම සහ තාක්‍ෂණික දියුණුව අඛණ්ඩව ලබාගැනීම අප කාගේත් ප්‍රධාන කාර්ය භාරයකි' - ආරක්‍ෂක ලේකම්

“වර්තමානයේ ඇති වී තිබෙන සහ අනාගතයේ ඇති විය හැකි විෂමාකාර මෙන්ම අනපේක්‍ෂිත ඕනෑම ගැටුමක් සඳහා මුහුණ දිය හැකි වන පරිදි අපගේ සන්නද්ධ හමුදාවන් නවීනතම මෙවලම් සහ තාක්‍ෂණයෙන් සන්නද්ධ විය යුතුය.”


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්නල් නලින් හේරත් නේපාලයේදී COSATT සමුළුව අමතයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් කර්නල් නලින් හේරත් Konrad Adenauer Stiftung සහ South Asian Think Tanks (COSATT) ඒකාබද්ධව නොවැම්බර් 07 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී දේශනයක් පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'අපට අමතක නොවන අපේ මියගිය විරුවන්' ස්මරණය කෙරේ

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරන ලද ත්‍රිවිධ හමුදා රණවිරු අනුස්මරණ දිනය - 2023 සැමරීමේ උත්සවයට ඊයේ (නොවැ. 11) සහභාගි වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් දකුණු අප්‍රිකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද (නොවැ 10) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ
ශිෂ්‍ය නිලධාරීන් සඳහා දේශනයක් පවත්වයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (නොවැ 10) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් සමඟ කාලීනව වැදගත් කරුණු පිළිබඳව දේශනයක් පවත්වමින් සිය අත්දැකීම් බෙදාහදා ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම්
අණදෙන නිලධාරි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි රියර් අද්මිරාල් ජෙරමි බී විලියම්ස් අද (නොවැ. 09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා භටපිරිස් සහාය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබේ. කාලගුණ අනාවැකිවලට අනුව පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි අතර, ඊට සමගාමීව දිවයින පුරා ගංවතුර සහ පස් කඳු නායයෑමේ සිදුවීම්වල වැඩිවීමක් ද වාර්තා වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදාව තඹලගමුව ප්‍රදේශයේ පවුලකට නව නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් තඹලගමුව ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවස පසුගියදා සංවිධානය කරන ලද චාම් උත්සවයකදි චිත්‍රා වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා පවුල වෙත පවරා දෙනු ලැබිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

33 වන අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර 33 වැනි වරට පැවැත් වූ වාර් ෂික අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම 2023, පසුගිය සිකුරාදා (නොවැ. 03) දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර් ථකව පවත්වන ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අද සවස් කාලයේ බොහෝ පළාත්වලට වැසි ඇති විය හැකි බවට කාලගුණ අනාවැකි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 6) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බොහෝ පළාත්වල පස්වරු 02.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි සඳහන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ
අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදිකර ඇති දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 නොවැම්බර් 03 මස වන දින සවස් කාලයේ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05), ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සෙබළුන් පොළොන්නරුව රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් පොළොන්නරුව රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධ වෙමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී පසුගියදා ලේ පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බටහිර නේපාලයේ භූමිකම්පාව පිළිබඳ ශෝක පණිවිඩය

බටහිර නේපාලයේ සිදු වු භූමිකම්පාවෙන් අහිමි වූ  ජීවිත  සහ දේපල විනාශයන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය නේපාල ජනාධිපතිවරයාට සහ ජනතාවට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි. මෙම දුෂ්කර මොහොතේ අපි නේපාල ජනතාව සමඟ සහයෝගයෙන් සිටින්නෙමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 (Goa Maritime Conclave – 2023), 2023 ඔක්තෝබර් මස 29 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.