නවතම පුවත්
ජාතික වෙඩි තැබීමේ ශුරතා තරඟාවලියේදී යුද්ධ හමුදා කණ්ඩායම කැපීපෙනෙන දස්කම් පෙන්වයි
ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් මෑතකදී පවත්වන ලද ජාතික වෙඩිතැබීමේ ශුරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමස්ථ ශුරතාවය දිනාගැනීමට සමත් වූ බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
'මිත්‍ර ශක්ති' අභ්‍යාසය අවසන් වේ
දියතලාවේ පැවති ‘මිත්‍ර ශක්ති’ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය පසුගිය සඳුදා (අප්‍රේල් 08) දින සාර්ථකව අවසන් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා කඳවුරේ දී පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනයේ අඩු ආදායම් පවුල් දෙකක් සඳහා තවත් නිවාස දෙකක් ඉදිකරදෙයි
යාපනය, සෝලිපුරම් ප්‍රදේශයේ නිවසක් නොමැතිව දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් දෙකක් පිළිබඳ ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් වෙත ලද තොරතුරක් මත, ඔවුන් විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතීන් යටතේ පවුලක් සඳහා මෙම නව නිවාස දෙක ඉදිකර දෙන ලදී.
ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයෙන් අවුරුදු පොලක්
ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ “අවුරුදු පොළ” අද දින උදෑසන (අප්‍රේල් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පොළෙහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.
ඉන්දීය ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතා අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
6 වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව පැවැත්විණි
අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති 6 වන ඉන්දු -ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී විය.
ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙයි
ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතා අද (අප්‍රේල් 07) දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරී හෝන් පාලනයට දැඩි නීති
අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවති සාකච්ඡාවේදී ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති තුමාට උපදෙස් ලබාදුනි.
SInhala.
SInhala.
නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටිනා නිලධාරීන් හා සෙසුනිලයින් නීත්‍යානුකූලව යුද්ධ හමුදාවෙන් ඉවත්කිරිම
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත සේවය මඟහැර සිටින යුද්ධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව අස්වීම් ලබාගැනීම සඳහා පොදු සමා කාලයක් 2019 අප්‍රේල් මස 22 සිට මැයි මස 10 දක්වා ප්‍රකාශයට පත්කර ඇත.
රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව දින දෙකක සුහද සංචාරයක් සඳහා බදාදා (අප්‍රේල් 03) දින දිවයිනට සේන්දු වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
SInhala.
රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන රාජකීය නාවික නෞකාවේ සංචාරයක
අද (අප්‍රේල් 03) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹ වරායට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ සංචාරයක නිරත විය. මෙම නෞකාව ඊයේ (අප්‍රේල් 02) දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති රීති ක්‍රියාත්මක කෙරෙන බව ජනපති පවසයි.
විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන් ම ඒවා ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති රීති ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිතුමා පවසයි.
SInhala.
වාර්ගික සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාව විසින් පාපන්දු තරගාවලියක් සංවිධානය කරයි
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය (SFHQ-E) විසින් පසුගියදා අන්තර් ලීග් පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම 'නැගෙනහිර ආඥාපති ශුරතා කුසලාන' පාපන්දු තරගාවලිය පසුගිය ඉරිදා (මාර්තු 31) දින මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා සිවිල් සේවකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙයි
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු හමුදා භටපිරිස් විසින් විසින් එම මුලස්ථානයෙහි සේවයේ නියුතු සිවිල් සේවකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දී ඇත.
රෝගී වූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මාර්තු 31) දින බරපතල ලෙස රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
2019 පොලිස් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ
පසුගිය සෙනසුරාදා (මාර්තු 30) දින පැවතී පොලිස් මළල ක්‍රීඩා උළෙලේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.
නාවික හමුදාව විසින් මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් පවත්වයි
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් බදාදා (මාර්තු 27) දින පුත්තලම, එළුවන්කුලම්හි ගඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නියුක්ත වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මගින් මානව හිමිකම් නිශ්කාෂණ ලබා ගැනීම
ලොවපුරා සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරිම පඳනම් කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලියේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත.
නැඟෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ
ආරක්‍ෂක කටයුතු සඳහා හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනට අනුව නැගෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටර්රි (HE Mr. Yuri Materiy) මහතා අද (මාර්තු 28) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.