නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය
හරහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

සිසුන්ගේ නිර්මාණශීලිත්වය තුළින් තරුණ පරපුරේ ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය විසින් මේ වනවිට කටයුතු කර ඇති අතර, එමඟින් අපගේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට හැකිවේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ කීර්තිය ද සමගින්
ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යලි මව්බිමට

චීනයේ Hangzhou හි පැවති සිව් වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල-2023 දී පදක්කම් කිහිපයක් දිනාගත් ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක සංචිතය පසු ගිය සඳුදා (ඔක් 30) උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යලි මෙරටට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසුවියගෙන් විශිෂ්ට පිහිනුම් දස්කම්

පසුගියදා පැවැති සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලියේදී වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 පසුපස ආර ඉසව්ව විනාඩි 2:45:69 කින් නිම කර නව වාර්තාවක් පිහිටුවීමට කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ බුද්ධිමා සමාධි දම්සරණී සේනාරත්න ශිෂ්‍යාව සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබුගස්දමන රක්ෂිතයට බීජ බෝම්බ හෙළයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන, බීජ බෝම්බ හෙලීමේ ව්‍යාපෘතියේ 8 වැනි අදියර යටතේ අක්කර 50ක භූමි ප්‍රදේශයකට බීජ බෝම්බ 80,000ක් පසුගියදා (ඔක්. 30 සහ 31) හෙළනු ලැබීය. මෙම බීජ බෝම්බ අනුරාධපුර ලබුගස්දමන රක්ෂිතයේ ඉලක්කගත ප්‍රදේශයකට හෙළීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා එම්.අයි - 17 හෙලිකොප්ටරයක් යොදා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජූලි චන්ග් මැතිණිය පසුගිය සිකුරාදා (ඔක් 27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී
සාර්ථකව නිමාවට පත්වෙයි

‘Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2023 ඔක්තෝබර් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සු‍රේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව - 2023
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව - 2023 සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් අද (ඔක්. 29) රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විණි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී බලගල්ල (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වැනි යුද්ධ හමුදාධිපතිවරයා වන ජෙනරල් එල්.පී බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි අයිජි (විශ්‍රාමික) රෝගාතුරව නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින උදෑසන අභාවප්‍රාප්ත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’
යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලංකා හොස්පිටල් කෝපරේෂන් හි ගිනි හා මුදාගැනීමේ අභ්‍යාසය 
පැවැත්වීමට ගුවන් හමුදා සහාය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ අංශය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින කොළඹ 05, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් හි ගිනි හා ගලවා ගැනීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසාධ්‍ය ලෙස රෝගාතුරව සිටින රෝගියෙකු හට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාම පිළිබඳ පෙරහුරු අභ්‍යාසයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මන්ඩලය සමඟ එක්ව අසාධ්‍ය රෝගියෙකු ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා වෛද්‍ය කණ්ඩායම විසින් මෙම මස මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද දේශන මාලාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාව පුදුකුඩිඉරිප්පු ගොවීන්ට සහය වෙයි

පුදුකුඩිඉරිප්පු සහ සුදන්දිපුරම් ප්‍රදේශවල ගොවීන් විසින් අත්හැර දමන ලද කුඹුරු යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 68 වන පාබල සේනාංකයේ භට පිරිස් සහය පසුගියදා ගොවීන් වෙත ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා අඟහරුවාදා දින (ඔක්. 24) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ව ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍යයට වැට බඳින්න නව බලඅධිකාරියක්
ස්ථාපිත කරනවා – සාගල රත්නායක මහතා

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන්, පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිරයාමේ උත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වෙයි

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉෆ්තිකාර් හසාන් චවුද්‍රි (Major General lftikhar Hassan Chaudhary) ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පකිස්ථානයේ කාකුල් (Kakul) හි යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලියෙහි ගෞරවණීය ආරාධිතයෙකු ලෙස පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික හමුදාවේ අධි තාක්ෂණික සැහැල්ලු
හෙලිකොප්ටරයක් පුහුණුව සඳහා පැමිණේ

ඉන්දිය නාවික හමුදාවට අයත් අධි තාක්ෂණික සැහැල්ලු හෙලිකොප්ටරයක් පසුගියදා (ඔක්. 19) ශ්‍රී ලංකාවට ළඟා විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සඳහා නැව් මත හෙලිකොප්ටර් ගොඩ බෑමේ මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්‍ෂම පරීක්‍ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (2023 ඔක්තෝබර් 22) දෙවුන්දර ධීවර වරායේදී නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ අනුශූරතාව
කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට

ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානය - රන්ටැඹේ වෙතින් 2023 වර්ෂයේ පවත්වන ලද සමස්ත ලංකා ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ බාලක අනුශූරතාවය කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩායම විසින් පසුගියදා දිනා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෛද්‍ය කඳවුරේදී ලේ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍ය කඳවුරේ දෙවන අදියර අද (ඔක් 19) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය තවදුරටත්

අද (ඔක් 19) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් මුලතිව් රෝහලට ලේ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 74 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා (ඔක් 15) මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ථූපාරාමය පුදබිමේ ප්‍රතිආශ්‍රැති
ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අනුරාධපුර ථූපාරාමයේ ස්ථාපිත කරන ලද නව ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය බදාදා (ඔක් 18) විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී, තලකිරියාගම
රජමහා වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලකිරියාගම රජමහා වැවෙහි දකුණු ඉවුරු බැම්ම ගිලා බැසීම නිසා එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක් විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්ම ආරක්‍ෂා කිරීමට කටයුතු කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

INS Airavat නෞකාව කොළඹට ළඟා වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Iravat නෞකාව නිල සංචාරයක් සඳහා ඊයෙ (ඔක් 18) කොළඹට ළඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.