නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම.
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (අප්‍රේල් 02) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු දරු දැරියන්ගේ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 30) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පවත්වන ලදි.
ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (අප්‍රේල් 1) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍ය සමරති.
පාස්කු ප්‍රාතිහාර්යය සෑම දෙනාගේම ජීවිතය, ආදරය, සතුට සහ ප්‍රීතියෙන් ආලෝකමත් වේවා...
ප්‍රීතිමත් හා ආශිර්වාද ලත් පාස්කු මංගල්‍යයක් වේවා...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද (මාර්තු 28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා පසුගියදා (මාර්තු 25) මාතර, මිරිස්ස හි පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය වාර්තා කරයි.
කෙන්යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදු කල ආරාධනයකට අනුව දැනට කෙන්යාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය මාර්තු 26 වන දින කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 28) උදෑසන නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රී පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම දෙදින වැඩසටහන පසුගිය අඟහරුවාදා (මාර්තු 26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විශේෂඥ දැනුමෙන් සහ ශ්‍රම දායකත්වයෙන්, කොටපොල ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල පසුගිය සඳුදා (මාර්තු 25) පැවති චාම් උත්සවයකින් අනතුරුව එම පාසලේ බලධාරීන් වෙත භාර දීම සිදු කෙරිණ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද්ධ හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) අතර තාක්‍ෂණික උපදේශන සහ සහයෝගීතාව, පුහුණුව, දත්ත හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන සහයෝගීතාව සහ සම්පත් ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබිය.
"ඇති විය හැකි ස්වභාවික සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ". ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මෙම අදහස් දැක්වුයේ මත්තේගොඩ පිහිටි යුධ හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ සංචාරයක නිරත වෙමිනි.
විනාශකාරී ආයුධ ව්‍යාප්තිය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳ, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරිය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සදහා පවත්වනු ලැබූ වැඩසටහනක් අද (මාර්තු 26) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉන්දුනීසියානු තානාපතිනි, අතිගරු Dewi Gustina Tobing මැතිණිය අද (මාර්තු 25) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (මාර්තු 25) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමේ චාරිකාවක නිරත විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, මධ්‍යම පළාත් සභාවේ රුපියල් මිලියන 7.6 ක අරමුදල් මඟින් මප/විල්/නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල 2024 මාර්තු මස 25 වන දින සුභ මොහොතින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණ.
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම් සහ කාර්‍ය මණ්ඩලය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 235ක් එහි හිමිකරුවන් වෙත පවරාදීමේ උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (මාර්තු මස 22) දින පැවැත්විණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) පත් කර ඇත.
ආබාධිත රණවිරුවන්හට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සහ ඔවුන්ගේ කලත්‍රයන්ගේ ජීවිත කාලය පුරාවටම වැටුප් ගෙවීමට තීරණය කිරීම සහ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ ගැටලු මඟහරවා ගැනීමට පියවර ගැනීම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් ගත් සුබසාධන වැඩසටහන් අතර වැදගත් තීරණයකි. අද (මාර්තු 21) කොළඹ ටවර් හෝල් රඟහලේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් අමතමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගිය බදාදා (මාර්තු 20) දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශිෂ්‍ය නිලධාරීන් අමතනු ලැබීය.
ඉන්දියාවේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 3 වැනි ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව මාර්තු 18 සහ 19 දිනයන්හිදී ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි ෆුලේ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් මාර්තු 11 සිට 13 දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරගාවලියේ ශූරතාව මෙන්ම 84 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරතාවද හිමිකර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව සූරයින් ලෙස කිරුළු පැළදිය.