නවතම පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන නියෝජිත පිරිසක්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (අගෝස්තු 28) උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන
නියෝජිත පිරිසට සිය සුබ පැතුම් පිරිනමයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (අගෝස්තු 28) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘ARFRO Masterminds’ ජයග්‍රාහකයන්ට
සම්මාන ප්‍රදානය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සෙනසුරාදා (අගෝස්තු 26) බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී ‘විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය’ (ARFRO) විසින් සංවිධානය කරන ලද ‘Masterminds Competition - 2023’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන්ට
‘American’s Inspiring Urologist of the Year’ සම්මානය

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් ඉවත් කරමින් ගිනස් වාර්ථා පොතට ඇතුළත් වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන් ‘American’s Inspiring Urologist of the Year’ සම්මානය සඳහා නිර්දේශ කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් පර්යේෂණ කවුන්සිලය විසින් ඉකුත් බදාදා දින (අගෝස්තු 23) නිවේදනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩිවන කැළෑ ගිනි ගැනීම් පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනී ගැනීම් පිළිබඳව අගෝස්තු 22 දි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් රාජධානිය පදනම් කරගත් සර්ව වාර්ගික ප්‍රජාව රණවිරු
දරුවන් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමයි

රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සදහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන් වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් වෙත
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සුභ පැතුම් පිරිනමයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පත් වූ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අගෝස්තු 23) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සාර්ථක හරිතාගාර මිරිස් ව්‍යාපෘතියක්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති අතුරින් වැඩි ආදායමක් සඳහා මෙන්ම දේශීය වෙළඳපොලෙහි අමු මිරිස් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක අති නවීන හමුදා
සන්නිවේදන වාහන ශ්‍රී ලංකා යුධ හමුදාවට

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙල’ (මෝටර් රථ 11) අද (අගෝස්තු 22) යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කළ උත්සවයකදී නිල වශයෙන් භාරගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අභිනවයෙන් පත් වූ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල අද (අගෝස්තු 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කෙරේ

අද (අගෝස්තු 21) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා දින දෙකක සිංගප්පූරු සංචාරයක නිරත වන අතර, එම සංචාරය අතරතුර වැඩබලන අමාත්‍යවරුන් ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත්කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකරනවා

මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර භට පිරිස් පෙර පාසලක් නවීකරණය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ භට පිරිස් විසින් කතිරවේලි පුදූර් හි පිහිටි 'සරස්වතී' පෙර පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු සිදුකර ඇත. එම ගොඩනැගිල්ල අබලන් තත්වයට පත්වී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ අවදානය යොමු කර මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු සිදුකල බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය සඳහා ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක්

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (අගෝස්තු 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ වෙන් කර ඇති භුමි කොටසක සේවාමුක්ත භට  සංගමය සඳහා යෝජිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් අද (අගෝස්තු 16)ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා
ජංගම අක්‍ෂි සායන වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අක්‍ෂි ආබාධයන්ගෙන් පෙළෙන සිවිල් වැසියන් 464 දෙනෙකු සඳහා වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර ලබා දීමේ ජංගම අක්‍ෂි සායන වැඩසටහනක් මුලතිව්, උදයාර්කට්ටු මහා විද්‍යාලයේදී පසුගිය ඉරිදා (අගෝස්තු මස 13) දින පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරිය රණවිරු දරුවන් සදහා
රු.මි. 2.76 ක අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රණවිරු දරුවන් 23 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.76 ක් වටිනා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර ගේ (විශ්‍රාමික) ප්‍රධානත්යෙන් අද (අගෝස්තු 15) දින රණවිරු සේවා අධිකාරියේ දී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘ඉන්දු ශාන්තිකර පරිසර ආරක්‍ෂක සංසදය - 2023’ කොළඹදී ආරම්භ වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්‍ෂක සංසදය - 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී, අද දින (2023 අගෝස්තු 14) ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලී චන්ග් මහත්මිය, දේශගුණික විපර්යාස පිළබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිනිස් වෙළඳාම් මැඩලීමට පියවර - ආරක්‍ෂක ලේකම්

මිනිස් වෙළඳාමේ භූ දර්ශනය විකාශනය වෙමින් පවතින අතර, අවධානමට ලක්වූවන් ගොදුරු කර ගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔස්ටින් ප්‍රනාන්දු ජාතික ආරක්‍ෂක විද්‍යාලීය විද්‍යාර්ථින් අමතයි

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ  පාඨමාලා හදාරන විද්‍යාර්ථින් හට භූ දේශපාලනය සහ උපාය මාර්ග පිළිබඳ වැදගත් දේශනයක් පසුගියදා පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල පත්කර තිබේ.
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහතික වෙයි

නවතමයෙන් පත්වූ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අද (අගෝස්තු 11)දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමේ ජංගම වැඩසටහනක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ වැඩසටහනක් අගෝස්තු මස 10 වන දින කුරුණෑගල මල්කඩුවාව හෙරලියාවත්තේ පිහිටි ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය.