නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ ‘Steel Storm I – 2023’ අභ්‍යාසයට එක්වෙති

අර්ධ වාර්ෂිකව පවත්වනු ලබන ‘Steel Storm I - 2023’ සජීවී වෙඩි තැබීමේ ඒකාබද්ධ අභ්‍යාසය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) සහ එරට රාජකාරියෙහි නියුතු සන්නද්ධ හමුදාවන්ගේ (LAF) සහභාගීත්වයෙන් ජුනි මස 05 දින සිට 09 දින දක්වා ලෙබනනයේ දකුණු නකූරා කඳවුරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් වලට අනුකූලව පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි විහාර වැඳපුදා ගනී

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සඳුදා (19) සවස මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හා අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Y-12 IV වර්ගයේ ගුවන් යානා 2ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Y-12 IV වර්ගයේ ගුවන් යානා දෙකක් ලබා ගැනීම සඳහා නිල ලේඛන භාරගැනීමේ උත්සවය චීනයේ ජාතික ගුවන් තාක්‍ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ලියු චුවාන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර පසුගියදා පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා කතරගම පාද යාත්‍රාවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ පැරණි ජීවන සම්ප්‍රදායක් වන කතරගම පාද යාත්‍රාව දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම පාද යාත්‍රාව සඳහා පස්වන වරටත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය ඉරිදා දින (ජූනි 11) එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භට පිරිස් නන්දීකඩාල්හි කඩොලාන රෝපණයක

ලෝක සාගර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්, රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ සිවිල් වැසියන් එක්ව මුලතිව් ප්‍රදේශයේ නන්දීකඩාල් කලපුවේ කඩොලාන රෝපණය කළහ


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ දෙහිඕවිට ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 3 වෙනි  මට්ටමේ (රතු) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේම යටියන්තොටට 2 වන  මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව ගිං ගඟේ අවහිරතා ඉවත් කරයි

දිවයින හරහා ඇදහැලෙන මෝසම් වර්ෂාවත් සමඟ ගංඟා සහ ඇළ දොළ රැසක ජල මට්ටම හදිසියේ ඉහළ යාමත් දක්නට ඇත. මෙම ගංවතුර ජලය සමගින් ගලායන සුන්බුන් සහ කැළිකසළ විශාල ප්‍රමාණයක් ගසාගෙන යන අතර ඒවා පාලම් යට අවහිර වී ජල මාර්ග පහළට පටු වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින්
යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට

කොළඹ යුද්ධ හමුදා රෝහලේදී බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදුකළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වූ අතර. එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයාට ජාත්‍යන්තර තරඟාවලියකින් ලෝකඩ පදක්කමක්

පසුගියදා මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ (පිරිමි යුගල) ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල බී.ඩී.ඩී.ටී ගුණතිලක විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලට දෙවන මට්ටමේ (ඇම්බර්) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවය යුධ හමුදා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවලියේදී, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පසුගියදා රජයේ සහ වෙළඳ සේවා කණ්ඩායම් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් විය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ
දකුණු ආසියානු ජාලයේ පාර්ශවකරුවන් සඳහා වැඩමුළුව

ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ දකුණු ආසියානු ජාලයේ පාර්ශවකරුවන් සඳහා ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව වෙතින් භාවිත කළ මඩකලපුව ප්‍රදේශයේ ඉඩම්
සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කෙරේ

රජයේ නියෝගයන්ට අනුකූලව 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ මඩකලපුව, සිට්ටන්ඩි ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පසුගිය අඟහරුවාදා (ජුනි මස 6) දින නිදහස් කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදානය 2023 ජුනි මස 09 වන දින විශේෂ යාත්‍රා බලඝණයේ විධායක නිලධාරී කොමාණ්ඩර් පීසීපීඒ ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, මාලිමා සෝබර් දූපත් අවන්හලේදී සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර හමුදා සහයෝගීතාවය
තවදුරටත් වැඩිදියුණු කෙරේ

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Francois Garraux අද (ජුනි 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පුහුණු පාසලක් පිහිටුවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා
ප්‍රංශ තානාපතිවරයා සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බ්‍රහස්පතින්දා දින (ජුනි 08) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අපගේ සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්ත්මත්වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක්‍
නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව බදාදා (ජුනි 07) දින උදෑසන යාපනයේ ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිරවී සිටි 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරා ගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය උපාය මාර්ගික
ඇගයීම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනයේ (ISG) සහාය ඇතිව උපක්‍රමික ඇගයීම් මධ්‍යස්ථානයක් (CSA) පිහිටුවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ
නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි අද (ජුනි 05) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් මහරගම අපේක්‍ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම 'අපේක්‍ෂා රෝහල' වෙත රුපියල් ලක්ෂ 15ක් වටිනා විශේෂ පරිත්‍යාගයක් පසුගියදා සිදුකළේය.