නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

එහිදී, දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර, පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පොදු අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර, ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේ මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය බල නැවි ආර්බීජී චින්තක විසින් දිනා ගැනීමට සමත්වෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සිඩ්නි හි පිහිටි ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේදී 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට දෙසැම්බර් මස 13 වැනි දින දක්වා පැවති මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාව සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා එම පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය දිනා ගනිමින්, ඒ සඳහා හිමි වන “වේනින් අනුස්මරණ තිළිණය” (WAINING MEMORIAL PRIZE) හිමිකර ගැනීමට සමත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

77වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ කතාව

මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පාකිස්ථාන නාවික හමුදාවට
අයත් PNS ASLAT නෞකාවේ සංචාරයක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 03) දින සන්ධ්‍යාවේ පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාවේ සංචාරයක නිරත විය. PNS ASLAT නෞකාව පසුගිය ඉරිදා (පෙබ 01) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පසුගිය සඳුදා (පෙබ 03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් පසුගිය සඳුදා (පෙබරවාරි 03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

ජාතික පුනරුදයට පෙළගැසෙමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ‘BNS SOMUDRA JOY’ නෞකාවේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගිය සෙනසුරාදා (පෙබ 01 දින) සන්ධ්‍යාවේ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් 'BNS SOMUDRA JOY' නෞකාව නිල සංචාරයක නිරත විය. එම නෞකාව පසුගිය ජන.31 දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා කොළඹ වරාය වෙත ලඟා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ‘Love and Lure of the Wilds’
ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙයි

ජෙනරල් ජෙරී හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික) විසින් රචිත ‘Love and Lure of the Wilds’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය. මෙම උත්සවය අද (පෙබ 1) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන නාවික හමුදාවේ PNS ASLAT නෞකාව
කොළඹ වරායට සේන්දු වේ

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා අද (පෙබ 01) දින උදෑසන කොළඹ වරායට ලඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට
විජයභාහු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව අද (2025 ජනවාරි 30) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි බලා පිටත් වූ අතර, ශ්‍රී ලංකා නා‍වික නෞකා විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත්වීම සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේක‍වරයා හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අද (ජන 30) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

77 වැනි ජාතික නිදහස් දින සැමරුම සඳහා සියලු කටයුතු සූදානම්

77 වැනි ජාතික නිදහස් දින සැමරුම මෙරටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා අද (ජන 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඉදිරි චින්තන දැක්ම පදනම් කර ගනිමින් වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කිරීම වෙනුවෙන් පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන සහ ඔවුන් සවිබල ගන්වන දේශපාලන, සාමාජීය සහ ආර්ථික පරිසරයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය මේ ඔස්සේ ආරම්භ කරනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා
වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම, 2025 ජනවාරි මස 29 වැනි දින සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී ඇති වූ තත්ත්වය පිළිබඳ
ආරක්‍ෂක අමාත්‍යාංශය මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ කරුණු පැහැදිලි කරයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී ඇති වූ තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අද (ජන.29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක,
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමු වෙයි

කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් Anthony C. Nelson ඇතුළු නිලධාරීන් පිරිසක් අද (ජන. 29) දින උදෑසන නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ
සුබසාධන කටයුතු හා ගැටළු පිළිබඳ සොයා බැලීමට පත්කල කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සටන් වැද දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සිව්වන සාකච්ඡා වාරය 2025 ජනවාරි මස 28 වනදා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin අද (ජන 28) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වැනි ගුවන් හමුදාපතිවරයා
එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, WWV, RWP, RSP and Three bars, USP, Fndu (China), psc, qhi පත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔස්ට්‍රේලියානු ජාතික දින සැමරුම් උත්සවය කොළඹ දී

ජනවාරි 26 වැනිදාට යෙදෙන ඔස්ට්‍රේලියානු ජාතික දිනය නිමිත්තෙන් කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (ජන 27) දින විචිත්‍රවත් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

නික්ම යන ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඊයේ (ජන 27) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නිල වශයෙන් හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ අද (ජන 27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 76 වැනි ජනරජ දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනය පසුගිය ඉරිදා (ජන 26) කොළඹ ඉන්දීය මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් චමිල මුණසිංහ (විශ්‍රාමික) අද (ජන 27) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දී ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන්
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් මධ්‍ය නිලධාරී තෙන්නකෝන් වෙත ප්‍රශංසා

පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ පසුගියදා පැවති 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිරයාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී එම පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් වෙත නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සිය සුභාශිංසන පිරිනැමීය.