නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මඩකලපුව සහ මන්මුනේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා
යුධ හමුදා භට පිරිස් දායක වෙති

රජයේ ඩෙංගු මර්දන වැඩසටහනට අනුකූලව මඩකලපුව සහ මන්මුනේ නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරීන්හී නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් පසුගියදා සිදුකරන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව පරිහරණය කළ ඉඩම් මුලතිව් සිවිල් වැසියන්ට

මුලතිව් දිස්ත්‍රික්කයේ යුධ මෙහෙයුම් සහ ආරක්‍ෂක අවශ්‍යතා සඳහා යුද හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් කට්ටි 8ක් සිවිල් වැසියන් වෙත ඉඩම් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා නිදහස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන - ලංකා මිත්‍රත්ව සංගමය වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ගිනි නිවීමේ ආධාරක පරිත්‍යාගයක්

ගුවන් හමුදා මාධ්‍යවලට අනුව, ජපාන - ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවන මෝටර් රථයක් සහ අහස් ඉනිමං සහිත රථ දෙකක් පසුගිය සඳුදා (මැයි 22) දින පැවති උත්සවයකදී ප්‍රදානය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් දේශප්‍රේමී චිත්‍ර ශිල්පියෙකු විසින්
අඳින ලද ඒකල චිත්‍ර

දැනට ඉතාලියේ නේපල්ස් නුවර රැකියාවක නියුතු සෙනෙවිරත්න දසනායක කලාකරුවා රණවිරුවන්ට උපහාරයක් වශයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් මැයි 21 වැනි දින ඉතාලියේ නේපල්ස් නුවර ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්

රටට, ජනතාවට, ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද පතා වාර්ෂිකව පැවැත්වෙන ‘ජය පිරිත්’ සජ්ඣායනාව මහා සංඝරත්නය විසින් සඳහිරු සෑය අභියසදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර, අද (21) උදෑසන මහ සංඝරත්නය වෙත දානමය පිංකම් සමඟින් එම ආගමික කටයුතු අවසන් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

14 වැනි ජාතික රණවිරු දිනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම්
- ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රකාශ කර සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක සමුළුව - 2023 උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්‍ෂක සමුළුව 2023 අද (මැයි 17) රත්මලාන ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවලින් පීඩාවට පත් රටවලට සහාය වීම සඳහා ගෝලීය ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා සැලසුම් කරයි

අපට අවශ්‍ය වන්නේ අපගේ ආපදා කළමනාකරණ අංශය ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව දියුණු කිරීමට ය; එබැවින් ආපදාවලින් පීඩාවට පත් රටවලට සහය වීම සඳහා ගෝලීය ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට අපි අදහස් කරන අතර අප මෙය ප්‍රමුඛස්ථානයක් කර ගෙන තිබෙනවා යැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 17) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක බළකායේ නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික නෞකාවක් ත්‍රිකුණාමලයට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘Batti Malv’ නෞකාව අඟහරුවාදා (මැයි 16) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍යවලට අනුව, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදාවන්හි අනුමත සංඛ්‍යාව පවත්වා ගනිමින්
සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර -
ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය ඇමති
එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් හමුවේ පවසයි

ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා සහන කණ්ඩායම් ගංවතුර අවදානමට මුහුණදීමට සූදානම්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගංවතුර අවදානම් ප්‍රදේශවලට සහන කණ්ඩායම් යෙදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (14)කටයුතු කරන ලදී. පවතින අයහපත් කාලගුණය හමුවේ අවශ්‍ය විටෙක යෙදවීමට අමතර සහන කණ්ඩායම් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදාමය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඊජිප්තු තානාපතිගේ අවධානය

ඊජිප්තුවේ තානාපති, අතිගරු මජෙඩ් මුස්ලෙහ් (Maged Mosleh) මැතිතුමා අද (මැයි 12) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මොඛා (Mocha) දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින මොඛා සුළි කුණාටුව ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අගවයි. එය අද දින (මැයි 12) උදෑසන 05:30 වනවිට 13.20N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා
ශ්‍රී ලංකාව අනුබල ලබාදෙන්නේ නෑ – ජනපති

ආසියාවේ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50ක් පිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට
පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය  විසින් බදාදා (මැයි 10) දින කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව රෝහල්  කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වූ බව ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය දිගටම - අවපාතය දරුණු සුළි කුණාටුවක් බවට පත්විය හැක

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ දැක්වීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට රණවිරු සැමැරුම් කොඩිය පළඳවයි

රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වෙත අද (මැයි 08) දින පළඳවන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවදුරටත් තද වැසි ඇති විය හැකි බවට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 08) විසින් නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවේ සඳහන් වන අතර,


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු ජයග්‍රාහී දින සැමරැම් උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

වාර්ෂිකව පැවැත්වෙන රුසියානු ජයග්‍රාහී දින සැමරැම් උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් (මැයි 04) බ්‍රහස්පතින්දා දින කොළඹ පිහිටි යුද ස්මාරකයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ වෙසක් පණිවිඩය

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ධර්ම දේශනාවක්

එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනාවක් අද (මැයි 04) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.