නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කෙරේ

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (04) පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් හි යුද්ධ හමුදා භට පිරිස් ලේ පරිත්‍යාග කරති

වෙසක් පොහොය නිමිත්තෙන් පසුගියදා (මැයි 01) සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනකදී මුලතිව් හි යුද්ධ හමුදා භට පිරිස් විසින් ලේ පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක ලේකම්වරයාට පළඳවයි

රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ඊයේ (මැයි 03) පළඳවන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්
නිවේදනයක්

අද (මැයි 04) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞද්රි අද (මැයි 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී ආර් චෞද්රි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 02) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින වැසි හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  (මැයි 02) නිකුත් කළ නවතම වාර්තාවේ සදහන්  කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කම්කරු දින පණිවිඩය

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් තවත් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහරියි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් තවත් මුහුදු කැස්බෑ පැටවුන් රාශියක් ඔවුන්ගේ ස්වභාවික වාසභූමියට නිදහස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික අනුස්මරණ දිනය සමරයි

වාර්ෂිකව පවත්වනු ලබන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික අනුස්මරණ දිනයේ සැමරුම් උත්සවය අද (අප්‍රේල් 25) කොළඹ 5, ජාවත්ත සුසාන භූමියේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Navy Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය සාර්ථකව නිමා වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Navy Cup Sailing Regatta - 2023’ පසුගිය සති අන්තයේ (අප්‍රේල් 22 සහ 23) කොළඹ ගාලු මුවදොර පිටියට නුදුරු මුහුදෙ‍් දී  සාර්ථකව පවත්වන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ_රාමසාන් දින පණිවිඩය

ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලුදෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමය සපිරි ප්‍රිතිමත් රාමසාන් දිනයකට සුභ පැතුම්!

සාමය සපිරි ප්‍රිතිමත් රාමසාන් දිනයකට සුභ පැතුම්!


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැමීබියානු ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

නවදිල්ලි නුවර පිහිටි නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් ටයිටස් සයිමන් අද (අප්‍රේල් 20) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්ෂක මූලස්ථානයේදී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු
ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ සිය වැඩ අරඹයි

ආරක්‍ෂක ලේකම් ‌ෙජනරල් කමල් ගුණරත්න සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මියගේ ආරාධනයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අද (17) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්‌ඩලය සමඟ අලුත් අවුරුදු වලින් පසුව වැඩ ඇරඹීමේ අවස්ථාව වෙනුවෙන් පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගි වීම සඳහා අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණියේය.  
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු අලි ෆායිස් (Ali Faiz ) මැතිතුමා  ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අප්‍රේල් 12) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක‍්ෂ ජෙනරාල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවේ

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ‌ජෙනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන (විශ්‍රාමික) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අප්‍රේල් 12) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී ගුවන් හමුදා දුනුවායන්හට ජය

පසුගියදා පැවති 21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලියේ පදක්කම් කිහිපයක්ම ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා දුනු ශූරීන් සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 අප්‍රේල් 06 වැනි දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ශූරතාවලියේදී මීටර් 70 රිකර්ව් කණ්ඩායම් ඉසව්වෙන් පළමු ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පත්වූ බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදා ධාවකයින් මාගස්තොට කඳු තරණයේදී ජයග්‍රහණ ලබා ගනී.

පසුගියදා නුවරඑළියේ පැවති මාගස්තොට කඳු තරණය ධාවන තරඟයේ පදක්කම් සටහනට ඇතුලත් වීමට ශ්‍රී ලංකා යුධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත් වූ අතර ඔවුන්  යතුරුපැදි ධාවකයින් සිය ගණනක් පරදවා ඉසව් තුනකින් ජයග්‍රාහී ස්ථාන දිනා ගත් බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවට සෘජුවම සූර්යයා මුදුන්ව පවතින අතර
පළාත් කිහිපයකට වැසි අපේක්‍ෂා කෙරේ

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි අපේක්‍ෂා කරන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදීත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා 07 වන වෙඩි තැබීමේ ජාතික ශූරතාව දිනූ
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

නාවික හමුදා 07 වන වෙඩි තැබීමේ ජාතික ශූරතාව දිනූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සුබ පැතුම් එක් කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ පවුල් දෙකකට යුද්ධ හමුදාවෙන් නව නිවාස

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති යුද්ධ හමුදා භට පිරිස් විසින් පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව ඉදිකළ නව නිවාස දෙකක් අසරණ පවුල් වෙත පවරා දීම පසුගියදා යාපනය තුන්නාලෙයි සහ කට්ටුඩායි ප්‍රදේශයේ පැවති චාම් උත්සව දෙකකදී සිදුකරන ලදි.