ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සිවිල් ජනතාව සහ හමුදා අතර සංහිඳියාව සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක් පසුගියදා ඉදිකරන ලදි.
ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව ඊයේ දින (2023 ජුලි 11) කටයුතු කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව 2023 ඡුලි 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදි.
මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ (ජුලි 06) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර රාජකාරීන් භාර ගැනීමෙන් පසු ප්‍රථම හමුව රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (ජුලි 06) සිදුවිය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් සිය ධූරයේ රාජකාරී නිමාවෙන් අනතුරුව අද දින (ජූලි 06) ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී මුලතිව්, වල්ලුවර්පුරම් ප්‍රදේශයේ පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජුලි මස 01 වන දින සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුධ හමුදා ක්ෂේත්‍ර රෝහලේ දී පසුගියදා ලේ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කර වවුනියාව දිස්ත්‍රික් රෝහලේ පිහිටි ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ජනාධිපති ගරු. රනිල් වික්‍රමසිංහ මහතා අද (2023 ජූනි 29) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර ඇත.
නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර විශේෂ හමුවක් අද දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඊයේ දින (ජූනි 28) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් විසින් සඳුදා (ජුනි 26) දින ලංකාපටුන, උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේ කඩොලාන පැල 1000 ක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. සියලුම නාවික විධානයන් ඇතුළත් නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කරන ලදි.
ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය වූ අද (ජූනි 25) ප්‍රදර්ශණ කුටි නැරඹීමට වැඩබලන ආරක්‍ෂක ඇමති ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් විය. පුරා දින 04ක කාලයක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශණයට සිය දායකත්වය දක්වමින් ප්‍රදර්ශණ කුටි එක් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා අදාළ ආයතන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්කරන ලදි.
2023-2028 ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සංවර්ධනය කිරීම සඳහා වන වැඩමුළුව අද (ජුනි 23) කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති අතර, වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එම අවස්ථාවට සහභාගී විය.
ආරම්භයේ සිටම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ සහ පර්යේෂණවල විශාල ප්‍රගතියක් ලබා ඇති බවත් විශ්වවිද්‍යාලයේ විශිෂ්ඨ ගුණාංග තවදුරටත් පෝෂණය කරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි අලුතින් ඉදිකරන ලද යටිතල පහසුකම් විවෘත කිරීමේ උත්සවයේදී අද (ජූනි 23) පැවසීය.
බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ෆයිසුර් රහ්මාන් අද (ජුනි 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා (ජුනි 21) බදාදා කොළඹ වරායේ පිහිටි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනයේ සංචාරයක නිරත විය.
කඩ්ඩෙයිකාඩු, වත්තිරායන් ප්‍රදේශයේ ප්‍රතිලාභි එස්.ජෙස්ලි ජයරාජ් මහත්මියගේ ඉල්ලීමකට අනුව යුද හමුදාව විසින් මෙම නිවස ඉදිකරන ලදී. නිවස පවරා දීමේ උත්සවයට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ද සහභාගී වූ බව එහි සඳහන් වේ.
නිල සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව අද (ජුනි 21) පෙරවරුවේ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලොව පුරා සමරනු ලබයි. යෝග ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා ඉවහල් වන ආකාරය දැනුවත් කිරීමට හා ජාත්‍යන්තරය තුල යෝග ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් ලෙස මෙම දිනය යොදා ගනු ලබයි.