ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පසුගිය සිකුරාදා (දෙසැ. 13) දින කෙරවලපිටිය තෙල් ගබඩා පර්යන්තයේ දී ගිනි නිවීම් පෙරහුරුවක් සාර්ථකව පවත්වා ඇත. යුධ හමුදා මාධ්‍ය වාර්තා වලට අනුව, ඛනිජ තෙල් පර්යන්ත ආශ්‍රිතව ඇතිවිය හැකි හදිසි ගින්නකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වන පෙර සුදානම වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සාමුහික ප්‍රයත්නයක් ලෙස මෙම පෙරහුරු අභ්‍යාසය පවත්වන ලදී.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් මෙහෙයවන 10 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය මේ වසරේ දෙසැම්බර් 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී. ඒ අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයේ දී පසුගියදා (දෙසැ. 14) එම ඒකකයේ නව අණදෙන නිලධාරී වැඩ ගැනීම සිදු වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
රටක වස්තුව රටේ පුරවැසියන්. හමුදාවක වස්තුව හමුදා පුද්ගලයන්. රටේ හමුදාව ලෙස අපගේ ප්‍රමුඛතම වගකීම රටේ පුරවැසියාගේ ආරක්‍ෂාවයි.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමත් සමඟ ඔහු දිවයිනේ නොමැති කාලය තුළ ප්‍රධාන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් 5 දෙනෙකු පත්කර තිබේ.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 හි උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේ දී දෙසැම්බර් 12 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.
ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානය මෙරට ගුවන් හමුදා යානා ඇණිය වෙත හඳුන්වාදීමේ උත්සවය අද (දෙසැ. 12) දින රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුරේදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් අද (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
"අද දින ස්ථාපනය කරන ලද මෙම සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies), විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක කටයුතු කරනු ලබන අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධානතම හා උපායමාර්ගික වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් ලෙස ක්‍රියා කරනු ඇත. එමගින් ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත රටවල සිදුකෙරෙන අන්තර්ජාතික ක්‍රියාකාරකම් වලදී ආයතනික සහ මෙහෙයුම් ඵලදායීතාවය ඉහල නැංවිය හැකි වනු ඇත. වර්තමානයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමටත් ඉදිරියේදී ඇති විය හැකි අභියෝග සඳහා අවශ්‍ය පෙර සූදානම සැකසීමේදීත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසයයි."
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා අද (දෙසැ 10) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 10) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (දෙසැ 10) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රය සඳහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා ආරක්‍ෂා කළ හැකි තාක්‍ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීමයි. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, අපි ආරක්‍ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතුය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අභිනවයෙන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අතර හමුවක් 2024 දෙසැම්බර් මස 9 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (දෙසැ 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
රට වට බැඳි රන් වැට
ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කල "ඉන්දියන් සාගර කලාපය තුල ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම යොදාගනිමින් මෙරට ආර්ථික සුරක්‍ෂිතතාව ප්‍රවර්ධනය කිරීම" යන තේමාව යටතේ කාලෝචිත වටමේස සාකච්ඡාවක් ඊයේ (දෙසැ. 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය ආරක්‍ෂක සේවා ප්‍රධානි Karen Whiting මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය අඟහරුවාදා (දෙසැ 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
2023 රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම්’ සඳහා වන ලෝකඩ සම්මානය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය සමත් වී ඇත.
තර්ස්ටන් විද්‍යාලයීය ජල ක්‍රීඩා සමාජය විසින් අඛණ්ඩව 15 වැනි වරටත් සංවිධානය කරන ලද කීර්තිමත් ජනාධිපති අභියෝගතා කුසලාන වෙළඳසේවා පිහිනුම් ශූරතා තරඟාවලිය - 2024 පසුගියදා (දෙසැ. 01) තර්ස්ටන් විද්‍යාලීය පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.
ආරක්‍ෂක අමාත්‍යංශයේ සුභසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දිමේ වැඩසටහනක් අද (නොවැ 29) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදි සිදු කරනු ලැබූ අතර, එහිදි අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ අම්පාර දිස්ත්‍රික්කයේ, ගංවතුර නිසා ඇති වී ඇති වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ඊයේ (නොවැ. 28) දින අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැ 28) දින එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමේ කටයුතු නිරීක්‍ෂණය කොට කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (නොවැ 26) දින සවස එම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත විය.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බල පා ඇති තද සුළං සමඟ පවතින අධික වර්ෂාව තව දුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බංග්ලාදේශ ජනරජයේ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) ඊයේ (නොවැ 25) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.