නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අතිගරු Levan Dzhagaryan මැතිතුමා අද (දෙසැ 05) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉහළ සුදුසුකම් ඇති, දක්ෂ හා වෘත්තීයමය නිලධාරීන් අපට ‍අවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

සටන් බිමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ යුද පසුබිම තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් සහ සාර්ථකත්වය හඹා යාමට තරම් නිර්භීත නායකයා මත බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවේ 8 වැනි බලඇණිය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා පිටත් වේ

ගුවන් හමුදාවේ 8 වැනි බලඇණිය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ඊයේ (දෙසැම්බර් 04) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංගොඩවිල සමාධි විහාරස්ථාන අභිනව සෑයේ කොත ආරක්‍ෂක ලේකම් අතින් නිරාවරණය කෙරේ

නුගේගොඩ ගංගොඩවිල සමාධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙසැම්බර්  03 වන දා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අතින් විවෘත කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ
ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වෙත පත්වීම් ලිපිය පිරිනැමේ

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය 61 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතින් ඊයේ (නොවැ 29) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා අද (නොවැ 29) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ලබා ගත් මෝර වරල් සන්තකයේ තබාගෙන සිටි බහුදින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා (26) අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත
නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පුලෝලි - බටහිර පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (23) පැවති උත්සවයකදී නිවාස ලාභි පවුල වෙත භාර දෙනු ලැබූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ මැදිහත්වීමෙන් පුනරීන් සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි

ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන ඕස්ට්‍රේලියානු ‘නෙත්සරණ’ පදනමේ ලකී ගුණතිලක මහත්මිය විසින් පෙනීමේ දුර්වලතා ඇති සිවිල් වැසියන් 1500 කට අධික පිරිසකට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම පසුගියදා පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේ සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

P 627 නෞකාව විජයබාහු නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

51 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (නොවැ 21) සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 51 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව මඩු ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවසක් සහ මඩකලපුවේ පාසල් ක්‍රීඩා පිටියක් ජනතා අයිතියට පත් කෙරේ

වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත යුද හමුදාව විසින් මඩු පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා ඔවුන් වෙත එය පවරා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉන්දීය සාගරයේ දකුණු සුමාත්‍රා ප්‍රදේශයේ අද (නොවැ 18) පස්වරු 7.07 ට වාර්තා වූ 6.8 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රි ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට රසායනාගාර පහසුකම් පිරිනමයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත නාවික හමුදාවේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්‍ෂකයින් හුරුකරවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ‌ජෙනරාල් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂ ‌ජෙනරාල්  රියර් අද්මිරාල් පූජිත විතාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (නොවැ 16) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා ඇති පවුලකට ඉදිකල නව නිවසක් පසුගියදා එම පවුල වෙත භාර දෙනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භට පිරිස් කැලණි ගඟේ අවහිරතාවයක් ඉවත් කරති

කැලණි ගඟේ මාපිටිගම, නවගමුව ‘පොඩි පාලම’ අවට ඇතිවූ අවහිරයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සෙනසුරාදා (නොවැ 12) කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය අද (නොවැ. 13) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය අසලදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ආරක්‍ෂක අංශයන්හි සහ
උපාය මාර්ගික නිපුණතාවල වැදගත්කම ජනපති පෙන්වාදෙයි

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය .


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව වෙරළාරක්‍ෂක අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන අද (නොවැ 11) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමය උදාකිරීමේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

අද අපි භුක්ති විදින සාමය උදාකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පමණක් නොව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් ලබාදුන් බව ආරක්‍ෂක ලේකම්  ජෙනරල් කමල් ගුණරත්න මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අද (නොවැ 10) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර රතු කුරුස නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී Severine Chappaz මහත්මිය අද (නොවැ 09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් විසින් යුද හමුදා වෛද්‍ය බළකායේ
නව රෙජිමේන්තු නිලධාරී නිවස්නය විවෘත කෙරේ

වේරහැර පිහිටි යුද හමුදා වෛද්‍ය බලකායේ අභිනවයෙන් ඉදිකරන ලද ‘රෙජිමේන්තු නිලධාරී නිවස්නය’ අද (නොවැම්බර් 09) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සංවිධානයෙන් යාපනයේදී සුහද වොලිබෝල් තරගයක්

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂක අංශ සහ ප්‍රදේශයේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදතාවයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස යුද හමුදාව විසින් පසුගියදා යාපනය මිරුසවිල්හිදී සුහද වොලිබෝල් තරගයක් සංවිධානය කරන ලදී.