නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගියදා පැවති ‘DefExpo 2022’ ට සමගාමීව ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු මුණ ගැසුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 02 ක් කොළඹ වරායට සේන්දු වෙයි

Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (2022 ඔක්තෝබර් 25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමාලෝචනය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක් 23) අනුරාධපුර මිහින්තලා විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘මිහිඳු මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු සමාලෝචනය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ මළුවේ ‘ඝාණ්ඨාරය’ විවෘත කෙරේ

සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගාමක බලවේගය වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අනුරාධපුර විහාරස්‌ථානයට පැමිණ ආගමික ආශිර්වාද මධ්‍යයේ අභිනවයෙන් ඉදිකරන ලද ඝණ්ඨාරය බැතිමතුන් වෙත ඊයේ (ඔක්‌තෝබර් 22) පවරා දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් සංවිධානයෙන් යාපනය ප්‍රදේශයේ වොලිබෝල් තරඟාවලියක්

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත යාපනයේ සිවිල් වැසියන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතා වැඩි දියුණු කිරීමේ අදහසින්, 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලද අන්තර් ග්‍රාම නිලධාරී කොට්ඨාශ වොලිබෝල් තරඟාවලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හතක වොලිබෝල් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 15-16 දිනයන්හිදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගාලුමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව‌ට අයත් සුරක්‍ෂා නෞකාව විසින් ඔක්‌තෝබර් මස 21 වැනිදාට යෙදී තිබූ සිය 5 වැනි සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  පසුගියදා ගාලුමුවදොර තීරයේ දී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර තොගයක්

නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් ඇරඹේ

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 ඊයේ (ඔක් 19) පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (ඔක්තෝබර් 19) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් වැසියන්ගේ ආරක්‍ෂණ පාඨමාලාව - 2022 සාර්ථකව අවසන්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබාදෙන කුකුළේගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2022 ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීම සම්බන්ධ පාඨමාලාව - 2022 පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි - ආරක්‍ෂක රාජ්‍ය ඇමති

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනය හා නායයාම් පිළිබද අනතුරු ඇගවීම

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන්


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා යට වූ මවගේ සහ පුතුගේ මළ සිරුරු සොයා ගැනේ

611 වන බලසේනාවේ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීම නිසා එම නිවැසියන් බේරා ගැනීමට සිදුකරනු ලැබූ මෙහෙයුමකින් පසුව නිවසේ සිරවී සිටි මවගේ සහ පුතුගේ මළ සිරුරු සෙනසුරාදා (15) දින සොයාගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය දක්වා’ කෘතිය එළිදැක්වේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 14) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, ‘දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට සංවර්ධනය සඳහා ඉංජිනේරු අංශ ඒකාබද්ධ කිරීමේ පරිසරයක් සැකසීමට
හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය පහසුකම් ​සකස් කල යුතුය - ආරක්‍ෂක ලේකම්

වර්තමානයේදී, ත්‍රිවිධ හමුදාව, ජාතිය ගොඩනැගීමේ කාර්යය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහය වෙමින් සිටින අතර, ප්‍රධාන වශයෙන් හමුදා ඉංජිනේරුවන් විසින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා සිය සම්පූර්ණ දායකත්වය ලබාදේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණික තත්වය තවදුරටත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථනයට අනුව වාර්තා වේ. එම අනාවැකියට අනුව අද (ඔක්තෝබර් 14) උදෑසන වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි අතර වායුගෝලීය කැළඹීම් දිවයින ආසන්නයේ තවදුරටත් පවතින බැවින් රටේ බොහෝ ප්‍රදේශ වල පවතින අහස වලාකුළු සහිත වනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා අවදානම අවම කිරීම සහ සහන සඳහා වන වියදම් අවම කිරීම සඳහා සැලැස්මක් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ආපදා සහන සහ නැවත පදිංචි කිරීම්වලට වැය වන අතිවිශාල වියදම් පිළිබඳව හෙළි කරමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ඔක් 13) දින අවධාරනය කළේ අවදානම් අවම කිරීම කල යුතු බවත් ඒ සඳහා සැලසුම් කළ යුතු බවත්ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද සුළං සහ අකුණු සමග ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට අධික තද වැසි අපේක්ෂා කළ හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු‌වේ අද (ඔක්තෝබර් 13) කාලගුණ අනාවැකිය මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

''එක්ව නැගිටිමු'' තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනපතිගෙන් උපදෙස්

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊජිප්තු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු මගෙඩ් මොස්ලේහ් (Maged Mosleh) මැතිතුමා අද (ඔක්තෝබර් 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන්ට පොපි මලක් පළඳවයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට පොපි මලක් පැළඳවීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝබර් 12) එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Army Keystone Doctrine සහ General Staff Publication ග්‍රන්ථයන්හී මංගල පිටපත් ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ

යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සම්පාදිත Army Keystone Doctrine ග්‍රන්ථය සහ General Staff Publication ග්‍රන්ථයේ වෙළුම් 12ක මංගල පිටපත් 73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අද (11) දින උදෑසන පැවති චාම් උත්සවයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆීල් වෙත පිරිනමනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ‌ජෙනරාල් තනතුරෙහි තම සේවා කාලය නිම කර නික්ම යන රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (ඔක්තෝබර් 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාම සාධක රාජකාරීන්හි නිරත ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් වෙත පදක්කම්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි 8 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලංකා භටපිරිස්හි සේවය අගයමින් පසුගියදා දකුණු සුඩානයේ බෝර්හි පැවති පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයකදී ඔවුන් වෙත පදක්කම් ප්‍රදානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

8 වැනි කැරම් ලෝක ශූරතාවලියේදී නාවික හමුදාවට පදක්කම්

පසුගියදා මැලේසියාවේ ලංග්කාවි හි පැවති ජාත්‍යන්තර කැරම් සම්මේලනය (ICF) විසින් සංවිධානය කරන ලද 08 වැනි කැරම් ලෝක ශූරතාවලිය -2022 තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝසප් රොෂිටා පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.