රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන බළලත් නිලධාරි II අනිල් ප්‍රසන්න ජයලත් T42 කාණ්ඩය නියෝජනය කරමින් 2023 පෙබරවාරි මස 28 වැනි දින ඩුබායි හිදී පැවැත්වූ Grand Prix මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද නව රුසියානු තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 01)දින ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව සම්පාදනය කරන ලද “ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් අද (පෙබ 27) ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 613 පාබල බලසේනාව යටතේ ඇති 3 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් පසුගියදා වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදි.
මොණරාගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙත ආබාධිත සහයක උපකරණ ලබා දීමක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොණරාගලදී පැවැත්වීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, වෙඩිතලතිව් නාවික හමුදා කඳවුරේ නාවික මෙහෙයුම් කාර්යක්‍ෂමතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව ජැටියක් ඉදිකර එය අද (පෙබ 26) විවෘත කරන ලදි.
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 7 වන වාර්ෂික ආරක්‍ෂක සංවාදය මෑතකදී ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්විණි. ආරක්‍ෂක සංවාදයට ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ. ඉන්දීය ආරක්‍ෂක ලේකම් ගිරීර් අර්මන් සහ ජෙනරල් කමල් ගුණරත්න මහතා රැස්වීමේ මුලසුන දැරීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
මියගිය සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ සහ යුධ හමුදා පවුල්වල දරුවන්ට අධ්‍යාපනික සහන ලබාදීමේ අරමුණින් යුධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද 'විරු සිසු ප්‍රදීප' ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ දෙවන අදියර (පෙබ 23) යුධ හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින් හට නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය වන අපේක්ෂිත දැනුම ලබා දීම සඳහා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහනක් (පෙබ 17) වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් ආර්එස්පී විසින් පවත්වන ලදී. ඔහුගේ දේශනය අතරතුර, චරිතය, කැපවීම, ධෛර්යය, විශ්වාසය සහ සන්නිවේදනය යන ප්‍රධාන නායකත්ව ලක්ෂණ පහක් ඵලදායි නායකත්වයේ පදනම ලෙස සැලකෙන වන බව ඔහු අවධාරණය කළේය.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය (42) ගේ දේහය බදාදා (පෙබරවාරි 22) දින මෙරටට රැගෙන එනු ලැබීය. අනතුරුව දේහය එම රණවිරුවාගේ ඒකකයේ භටපිරිස් විසින් හමුදා ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් සමත්වූහ.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.
උඩුදුම්බර, ගැරඬියාඇල්ල කඳුකර ප්‍රදේශයේ අතරමංව සිටි දේශීය සංචාරකයින් පිරිසක් ඉරිදා (පෙබ 19) දින ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් බේරා ගන්නා ලදි.
කොළඹදී පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලියේ අඛණ්ඩව 20 වැනි වරටත් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ වූ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.
කන්දෙපුහුල්පොල වනාන්තර ප්‍රදේශයේ හටගත් මහා පරිමාණ ලැව්ගින්නක් පසුගියදා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ 19) කොළඹ වරායට සේන්දු විය.
රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ වෘත්තීය හමුදා අධ්‍යනයේ වත්මන් සන්දර්භයන් සහ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ සුවිශේෂී දර්ශනයන්ගෙන් සමන්විත ‘සේනාවිධායකවරුන් සඳහා වූ දෙවන දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම වසරේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින ධාවනය අද (පෙබ 18) උදෑසන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විණි.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ (පෙබ 17) විවෘත කරන ලදි.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 17) බත්තරමුල්ල සුහුරුපාය සංකීර්ණයේ පිහිටි රක්නා ආරක්‍ෂක ලංකා සමාගමෙහි සංචාරයක නිරතව එහි ප්‍රගතිය සමාලෝචනය කළේය.