ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා අද (ජනවාරි 20) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ඓතිහාසික වටිනාකමකින් යුත් ගාලු නගර සභා ශාලා ගොඩනැගිල්ල යුද හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර අදාල බලධාරීන් වෙත පවරාදීම පසුගියදා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතා අයිතියට පත් කරන ලදි.
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වැනි අදියර සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද ජල ව්‍යාපෘතියක් පසුගියදා (ජනවාරි 18) අම්පාර ගෝනගොල්ල මායාදුන්න විද්‍යාලයේ දී සිසු අයිතියට පත් කරන ලදි.
ශ්‍රී ලාංකීය ප්‍රවීන කාන්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම සිංහල සිනමාවේ කිවිඳිය ලෙස ප්‍රචලිත සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් එතුමියගේ පවුලේ ඥාතීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි
නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය රණවිරු සංසද සාමාජිකයන්ගේ සංවිධානයෙන් දෙහිඅත්තකණ්ඩිය ඔරලෝසු කනුව අසල ඉදි කිරිමට නියමිත රණවිරු ස්මාරකයට මුල් ගල් තැබිම ඊයේ (ජනවාරි 18) සුභ මොහොතින් සිදුකරන ලදී.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ක්‍රියාවට නංවා තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලාවන් නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව රණවිරුවන් වෙත ලබා දී ඇත.
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් යාපනය කොඩිකාමම්, උඩුප්පිඩ්ඩි සහ වලෙයි ප්‍රදේශවල පදිංචි තෝරාගත් ගර්භනී කාන්තාවන් සඳහා වියළි සලාක ලබාදීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 14) සංවිධානය කරන ලදී.
බීඩි කොළ කිලෝ 2,467 ක් සමඟ ඩිංගි බෝට්ටු තුනක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (ජනවාරි 18) හලාවත තොඩුවාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදු තීරයේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (ජනවාරි 17) අමාත්‍යාංශයේදී සංවිධානය කරන ලදි.
කර්නල් නලින් හේරත් විසින් රචිත “STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” නම් නවතම කෘතිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.
අද (ජනවාරි 17) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ. අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ප්‍රථම ජාත්‍යන්තර මල්ලවපොර තීරකවරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් පියුමි ලක්ෂිකා පසුගියදා කාම්බෝජයේ පැවති ජාත්‍යන්තර මල්ලවපොර තීරක I මට්ටමේ ඔලිම්පික් III කාණ්ඩයේ තරඟාවලියට සහභාගී විය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශීංසන එක් කරන්නේ මහත් සතුටිනි.
ගෝලීය භූ දේශපාලනික අවශ්‍යතාවල නවතම වර්ධනයන් හමුවේ දූපත් රාජ්‍යයක් ලෙස අපගේ අරමුණු යළි නිර්වචනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අතිගරු කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (ජනවාරි 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
වයස 19 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ සාමාජිකාවක් වන යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙල්වරාසා කිරිස්ටිගා මෙනෙවියට ජාතික මට්ටමේ මෑත කාලීන ජයග්‍රහණ අගයමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවසක් ඉදිකර දෙන ලදී.
2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (ජනවාරි 10) දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් යාල අභය භූමිය තුළ හෙක්ටයාර් 600 ක් ආවරණය වන පරිදි පැළ 60,000 ක් රෝපණය කරමින් ජාතික වන වගා වැඩසටහනක් දියත් කරන ලදි.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන හෙද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ලංකා හෙද සභාව විසින් පිළිගැනීමට ලක් කර ඇත.
16 වන අතිඋතුම් බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සහ උන්වහන්සේ විසින් ඉටු කරන ලද උතුම් සේවයට ගෞරවයක් වශයෙන් අද (ජනවාරි 05) සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර,