පුවත් කෙටියෙන්
කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ඇරඹේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.
මුලන්කාවිල් දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් විසින් වෙල්ලන්කුලම, මුලන්කාවිල් ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් වන මුත්තු කුමාර් යසීදා මහත්මියගේ පවුල වෙත නව නිවසක් ඉදිකර පසුගියදා පවරා දෙන ලදි.
මුලතිව් යුද හමුදා භට පිරිස් කිලිනොච්චි රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි
මුලතිව් හි සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් කිලිනොච්චිය හමුදා රෝහලේදී පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
නාවික හමුදාව පානම Surfing Club ගොඩනැඟිල්ලක් ඉදි කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ‘Surfing Club’ ගොඩනැඟිල්ලක් ඉදි කරඇත.
යුද හමුදා සාමාජිකයින් නවදෙනෙක් ලෝක හමුදා ජූඩෝ ශුරතාවලිය සඳහා ප්‍රංශයට
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජූඩෝ කමිටුව විසින් ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 4 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය - 2021 නියෝජනය කිරීම සඳහා යුද හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කර ඇත.
යුද හමුදාව නිෂ්පාදනය කල කාබනික පොහොර තොගයක් ‘ලක් පොහොර’ සමාගමට ලබා දෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහ කන්නය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 86,961 ක ප්‍රමාණයක් ඊයේ (ඔක්. 26) දින සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත භාරදෙන ලදී.
පොතුවිල් ප්‍රදේශයේ දිළිඳු පවුලකට යුද හමුදාවෙන් නිවසක්
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් යුද්ධ හමුදා භට පිරිස් විසින් දිළිඳු සිවිල් වැසියන් සඳහා කෙරෙන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් පොතුවිල්හිදී තවත් නව නිවසක් ඉදිකර දිළිඳු පවුලක් වෙත පසුගියදා පවරා දෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම ලෝක හමුදා ක්‍රීඩා උළෙල සඳහා පිටත්වේ
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත 40 වැනි ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් දස දෙනෙකු සහ ජාත්‍යන්තර ජූඩෝ විනිසුරුවරයෙකු වන සැරයන් නුවන් අත්තනායක ඔක්තෝබර් 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ‘සමුදුර’ නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS KENT' නෞකාව සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (ඔක්තෝබර් 24 ) දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලදි.
යුද හමුදා භට පිරිස් වඩිඩුවග් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කරයි
පිරිසිදු සහ ආරක්‍ෂිත වෙරළ පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් වඩිඩුවග් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදි.
මුලතිව්හි පවුල් හතරකට යුද හමුදාවෙන් නව නිවාස
ශ්‍රී ලංකා යුද හමුදා මුලතිව් ආරක්‍ෂක සේනාවට අයත් භට පිරිස් විසින් නව නිවාස 4 ක් ඉදිකර ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ලබා දෙන ලදී.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක
ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා පළමු ලේකම්, පරීක්‍ෂක බ්‍රෙට් ෂෙන්ඩර් සහ එහි සම්බන්ධීකාරක ශෂිකා පෙරේරා මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා හමුවිය.
යුද හමුදා භට පිරිස් නැගෙනහිර පළාතේ කුඹුක් පැල රෝපණය කරයි
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී පසෙහි ජල මට්ටම සුරැකීම සඳහා විකල්ප විසඳුමක් ලෙස කුඹුක් පැල 1,600 ක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශය තුල රෝපණය කරන ලදී.
උඩුපිඩ්ඩියේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස්ගේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවසක් උඩුපිඩ්ඩි ඉමායනන් ප්‍රදේශයේ පවුලක් වෙත භාර දෙනු ලැබීය.
යාපනයේ කලපු ආශ්‍රිත නාවික හමුදාව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු නාවික විධානය මඟින් විසින් දියත් කල යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැල 5,000 ක් රෝපණය කිරීමේ වැඩසටහන පසුගියදා (ඔක්තොම්බර් 17) පොන්නාලේ කළපුවේදී සාර්ථකව අවසන් විය.
දිළිඳු පවුල් සඳහා යුද හමුදාවෙන් නව නිවාස
ශ්‍රී ලංකා යුද හමුදාව සිය ප්‍රජා සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් දානපතියන්ගේ සහයෝගය ඇතිව දිළිඳු පවුල් වෙත තවත් නිවාස දෙකක් ඉදිකර මෑතකදී භාර දෙනු ලැබීය.
ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක රජයේ රෝහල් වෙත
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි අම්පාර, බදුල්ල, කළුතර සහ පොල්ගස්ඕවිට යන රජයේ රෝහල් වෙත පසුගියදා බාර දෙන ලදී.
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය තුළින් ශක්තිය හා මිත්‍රත්වය ඉහළ නංවන බව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පවසයි
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවත්නා සුහදත්වය සහ සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වු 8 වන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය සිකුරාදා (15) දින උදෑසන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නගරබද සටන් පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි අනුරාධපුර යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලට රියදුරු සමාකෘති ඒකක පරිත්‍යාග කරයි
අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ පසුගිය බ්‍රහස්පතින්දා (14) දින සංචාරයක නිරත වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පුහුණු පාසලේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
වව්නියාව රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්
වව්නියාව රෝහලේ ලේ බැංකුව වෙත ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින භට පිරිස් විසින් පසුගියදා සංවිධානය කරන ලදී.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී කොළඹට පැමිණේ
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12) දින දිවයිනට පැමිණෙන ලදී.
සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා දින මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩම කෙරේ
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 12) දින ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩමකිරීමට නියමිතයි.
යුද හමුදා දිනයේ දී නිලධාරින් 567 ක් සහ සෙසු නිලයන් 10368 ක් සඳහා උසස්වීම්
අද (ඔක්තෝබර් 10) දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 567 ක් සහ සෙසු නිලයින් 10368 ක් සඳහා උසස්වීම් ලබා දෙන ලදි.
යුද හමුදාව මගින් තවත් වාරිමාර්ග වැව් ප්‍රතිසංස්කරණයට
රජයේ "වාරි සෞභාග්‍ය" වැඩසටහන යටතේ මහවැලි "එල්" කලාපයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලදී.