පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

ඊයේ දිනටCOVID-19 රෝගීන් තිදෙනෙකු පමණයි

පසුගිය පැය 48 තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 11 ක් පමණක් වන අතර රෝගීන් තිදෙනෙකු සිකුරාදා (ජූනි 12) දින වාර්තා වී ඇත, සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ රට තුළ වාර්තා වී ඇති කොරොන වෛරසය අසාදිත  රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවයි.


පුවත් කෙටියෙන් | News Updates

අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 165 දෙනෙකු පිටව යති

තවත් පුද්ගලයින් 165 දෙනෙකු, අද (ජුනි 13) දින ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය වන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිවෙස් බලා පිටත්ව ගියහ.


පුවත් කෙටියෙන් | News Updates

ජනාධිපති ලේකම් කාර්යාලයට , මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මහජන ගැටළු ලබා ගැනීම සඳහා නව ඔම්බුඩ්ස්මන්වරයෙක්

විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ධූරයට අද (12) දින සිට පත්කර ඇති බව ජනාධිපති  මාධ්‍ය අංශය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

මණ්ඩල සාමාජික ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම පිළිබඳ තොරතුරු තාක්ෂණ සංනිවේදන ආයතනයේ (ICTA) සභාපතිගේ ප්‍රකාශය

මණ්ඩල සාමාජික ආචාර්ය සංජීව වීරවර්ණගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳ එම මණ්ඩලය වෙනුවෙන්  තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනයේ (ICTA)  සභාපති ජයන්ත ද සිල්වාගේ ප්‍රකාශය.


පුවත් කෙටියෙන් | News Updates

නීති විරෝධී සඳුන් දැව ජාවාරමක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට

පොලිස් දූෂණ මර්ධන ඒකකය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධී ප්‍රවාහනය කර තිබූ සඳුන් දැව  තොගයක් හම්බන්තොට දී (ජූනි 11) දින අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලාංකිකයින් 223ක් පිලිපීනයෙන් මෙරටට

ළදරුවෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 223කගෙන්  යුත් කණ්ඩායමක් ඊයේ (ජූනි 11) දින සවස පිලිපීනයේ මැනිලා සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියහ.


පුවත් කෙටියෙන් | News Updates

සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී -56 අවිය සොයා ගනි

ගල්කිස්ස , සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සඳහා යොදාගත් අවිය බස්නාහිර  පළාතේ අපරාධ අංශය (දකුණු දිශාව ) විසින් මාලබේ දී සැකකරුවෙකු සමඟ ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

වැල්ලම්පිටියේ වැලි රොහාන්ගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අද (ජූනි 11) දින වැල්ලම්පිටියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයන් 78 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

තවත් පුද්ගලයින් 78 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (ජුනි 10) දින  ත්‍රිවිධ හමුදාව මගින් කළමනාකරණයවන  නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ත්‍රිකුණාමලය,කින්නියා ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරා යාමෙන් දෙදෙනෙකු මියයයි

කින්නියා පෙරියාතමුන ප්‍රදේශයේ  අඟහරුවාදා (ජූනි 9) දින ඇතිවූ හදිසි ඩයිනමයිට් පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 637 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 637 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් සංඛ්‍යාව 12,533 දක්වා ඉහලට

ත්‍රිවිධ හමුදාව මගින්  පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 12,533  දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

පසුගිය පැය 24 තුල වාර්තා වුයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණි

අද (10) දින උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් වන බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකු වන බවත් අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු වන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.


පුවත් කෙටියෙන් | News Updates

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සඳහා භාවිතා කළ වාහනය තවත් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ

මොරටුව සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ වාහනය සමඟ තවත් සැකකරුවෙකු ඊයේ (ජූනි 9) දින  සවස පිලියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ජාතික රෝහල් මුදල් මංකොල්ලකරු අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලයේ සැකකරු ඊයේ (9) දින සිදුවීමෙන් පසු බොරැල්ල  ප්‍රදේශයේදී  කුලී රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව ගාලුමුවදොර පිරිසිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් වෙරල පිරිසිදු කිරිමේ වැඩසටහනක්  ලෙස  ගාලුමුවදොර ඊයේ (ජුනි 9).  දින පිරිසිදු කළේය.


පුවත් කෙටියෙන් | News Updates

‘ඉටුකම ’ COVID-19 අරමුදල් ශේෂය රු. මිලියන 1,374 ඉක්මවයි

ආයතනික හා තනි පරිත්‍යාග සහ  සෘජු තැන්පතු හේතුවෙන්‘ඉටුකම ’ COVID-19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,374 ඉක්මවා ගොස් ඇත.  


පුවත් කෙටියෙන් | News Updates

ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් බන්ධනාගාර වලින් අත් අඩංගුවට

මීගමුව, කොළඹ, බෝගම්බර සහ බුස්ස බන්ධනාගාර වලින් ජංගම දුරකථන 82 ක්, සිම් කාඩ්පත් 55 ක්, බැටරි සහ චාජර් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

මුහුදු යන ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්

බලපිටියේ සිට කොළඹ සහ කන්කසතුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වාද,  මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාද, ගැඹුරු හා නොගැඹුරු මුහුද වරින් වර රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.


පුවත් කෙටියෙන් | News Updates

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දක්වා ඉහල යයි

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.    


පුවත් කෙටියෙන් | News Updates

හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට


පසුගිය පැය 24 තුළ ගාල්ල, නුගේගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී  හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

තවත් පුද්ගලයින් සුව වී නිවෙස් බලා පිටත් වේ - COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

අද (8) දින උදෑසන නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු පුද්ගලයින් 54 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව විශ්වමඩු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සෙනසුරාදා (ජුනි 6) දින  විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගෙන ඇත.

 


පුවත් කෙටියෙන් | News Updates

කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර නාවිකයින් 9 දෙනෙක්

ඊයේ (ජුනි 6) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් 9 දෙනෙකු වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 


පුවත් කෙටියෙන් | News Updates

ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී පුද්ගලයින් 12,090 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 12,090 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.