පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

එක්සත් රාජධානියේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට පැමිණෙයි

එක්සත් රාජධානියේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුනි 07) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

 


පුවත් කෙටියෙන් | News Updates

පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මිය යයි

මොරටුව සොයිසාපුර අවන්හලකට මැයි 28 වන දින සිදු කල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුර අද (ජූනි 7) දින උදෑසන මිය ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයින් 338 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි

සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 338 දෙනෙකු අද (6) සිය නිවෙස් බලා පිටත් විය.


පුවත් කෙටියෙන් | News Updates

මානසික අබාධ සහිත පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

මැයි 25 වන දින අළුත්ගම, අඹගහ හන්දියේ පොලිස් මුරපොලේදී ඔටිසම් තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.  


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී නාගදීප විහාරයේ ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් වැට නිරාවරණය කෙරේ

යාපනයේ භට පිරිස් විසින් යාපනය ඓතිහාසික ශ්‍රී නාගදීප විහාරස්ථානයේ ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් ආලේපිත වැට පොසොන් පුර පසලොස්වක පොහෝ දින පැවති උත්සවයකදී නිරාවරණය කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ජර්මනියේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට

ජර්මනියේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් අද උදෑසන (ජුනි06) මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.


පුවත් කෙටියෙන් | News Updates

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනනය එකඟ වේ

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුකූලව නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා නාවික හමුදාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරයි

ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය (CT scan) සඳහා ඉදිකළ ගොඩනැගිල්ල එම රෝහල වෙත භාරදීම පසුගිය සතියේ සිදු කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල නාවිකයින් 70 දෙනෙකු පිටව යයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය අවසන් කල  නාවිකයින් 70 දෙනෙකු  අද ( ජුනි 6) දින උදෑසන පිටත්ව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

මොණරාගල ඝාතන සිද්ධියේ සැකකරු වෙඩි වැදී මිය යයි

මොණරාගල ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (ජූනි 5)පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුර මිය ගොස් තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

අවශ්‍යතා සහිත පවුල් සදහා යුද්ධ හමුදාවෙන් වියලි සළාක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකා සේවා වනිතා ඒකකය විසින්  ඇල්කඩුව වතුයායේ අවශ්‍යතා සහිත පවුල් 23ක් සදහා වියලි සලාක පාර්සල් බෙදා දී ඇත.


පුවත් කෙටියෙන් | News Updates

කොරෝනා වෛරසය ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 420 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සිකුරාදා දින වන විට 420 දක්වා ඉහල ගොස් ඇත,


පුවත් කෙටියෙන් | News Updates

නිරෝධායනය අවසන් කල පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,709 දක්වා ඉහල යයි

අද (ජුනි 05) දින තවත් පුද්ගලයින් දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,709 දක්වා ඉහල ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

අබාධ සහිත තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණ පවත්වයි

පසුගියදා අළුත්ගම දී ඔටිසම් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.  


පුවත් කෙටියෙන් | News Updates

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 839 දෙනෙකු රෝහල් වලින් පිටව යයි

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 839 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ජනපති අත්සන වංචනික ලෙස භාවිතා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අත්සන සහ ලිපිශීර්ෂ වංචනික ලෙස භාවිත කළ අයෙකු අද (04) දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.


පුවත් කෙටියෙන් | News Updates

දේශීයව නිෂ්පාදනය කල ගිණි අවියක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූනි 3) මන්නාරමේ අච්චානකුලම්  ප්‍රදේශයේ පඳුරු සහිත වන ලැහැබක් තුල තිබී දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සොයාගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් කර ඇත.

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අද (ජුනි 04 ) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 


පුවත් කෙටියෙන් | News Updates

ඉටුකම COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1,243 ඉක්මවයි

ආයතනික හා තනි පරිත්‍යාගශීලීන්ගෙන් සෘජු පරිත්‍යාග සමඟ ඉටුකම COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,243 බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 


පුවත් කෙටියෙන් | News Updates

සුවවූ නැවියන් 424 දෙනෙකු රෝහල්වලින් පිටව යයි

සුවවූ ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් 424 දෙනෙකු බදාදා (ජුනි 3)දින රෝහල්වලින් පිටව ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2020.05.29 වන දින අළුයම ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) දින අඟුලාන සහ රත්මලාන යන ප්‍රදේශයන්හිදී ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිදිධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 30  දින මාළිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණය තුල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව මාළිගාවත්ත පොලිසිය මගින් වැඩි දුර විමර්ශනයේදී අනාවරණය කරගත් කරුණු අනුව සිදුවීමට අනුබල ලබා දුන් සැකකරුවෙකු ඊයේ (02 ) දින රාත්‍රියේදී මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන්කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,669 ක් වේ.

 


පුවත් කෙටියෙන් | News Updates

සිංගප්පුරුවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 291 දෙදෙනෙකු මෙරටට පැමිණේ

විදේස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (ජූනි 3) දින අලුයම සිංගප්පූරුවේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත  පැමිණියේය.


පුවත් කෙටියෙන් | News Updates

තවත් නැවියන් පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි

බදාදා (ජූනි 3) දින නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්  418 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.