පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

රණවිරු සැමරුමට සියල්ල සූදානම්

මව්බිම එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවා තිරසාර සාමයක් ඇති කිරීම සඳහා     සටන් කළ නිර්භීත රණවිරුවන් හෙට (මැයි 19) දින සැමරීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

නැවත මෙරටට පැමිණීම සදහා ඉල්ලුම් කිරීමට පෙර පවතින තත්වය පිළිබද සිතා බලන ලෙස විදේශ ලේකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට  සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ   සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

රටවල් 143 ක සිටි ශ්‍රී ලාංකිකයන් 38,983 දෙනෙකු ආපසු මෙරටට පැමිණීමට සහාය පතයි

රටවල් 143 ක සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 38,983 කට වැඩි පිරිසක් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ආපසු සිය රට බලා යාමට සහාය ඉල්ලා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය අද (මැයි 17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


පුවත් කෙටියෙන් | News Updates

ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ ඇති විය හැකි සුළි කුණාටු තත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකීය ධීවරයින්ට අනතුරු අඟවයි

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 17) දින උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකියේ ධීවර ප්‍රජාවන් වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවට අනතුරු ඇගවීමක් කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයන් 9,374 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කරයි

සෙනසුරාදා (මැයි 16) දින ලද අලුත්ම වාර්තාවන්ට අනුව පුද්ගලයින් 9,374 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

102 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි.

නිරෝධායනයකට ලක් වූ සිවිල් වැසියන් 102 දෙනෙකු ඊයේ (මැයි 16) දින ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ජපානයේ සහ මියන්මාරයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 308 දෙනෙකු මෙරටට පැමිණේ

ජපානයේ සහ මියන්මාරයේ සිට තවත් පුද්ගලයින් 308 දෙනෙකු ඊයේ (මැයි 16) දින මෙරටට පැමිණ ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ඊලාම් පිළිබදව සදහන් කර ඇති සංචාරක ප්‍රශ්නාවලිය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකාව ලන්ඩන් ගාඩියන් වෙතින් ඉල්ලා සිටී

ලන්ඩන් ගාඩියන් වෙබ් සංස්කරණයේ සංචාරක ප්‍රශ්නාවලියෙහි ඊලාම් යන වචනය ඉවත් කරන ලෙස රජය  පුවත්පතට දැනුම් දී තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ගංවතුර තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදාව සූදානමින්

රට පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අවදානම් සහිත ප්‍රදේශවල සිය සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 9258 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 15 වන දින වාර්තාවන්ට අනුව  අනුව පුද්ගලයින් 9,258 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයින් 411 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 411 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

විදෙස්ගතව ජපානයේ සිටින ශ්‍රී ලාංකිකන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය

ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (මැයි 16) දින විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා ආපසු යාමට නියමිතය.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව කැළණි ගඟ හරහා ඉදිකරන ලද කෘතීම ලවණ බාධකය ඉවත් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඹතලේ ප්‍රදේශයේ කැළණි ගඟ හරහා ඉදිකර තිබු ලවණ බාධකය ඊයේ (මැයි 14) දින විවෘත කළේය.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් 162 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලදී  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරන ලද නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් 162 දෙනෙකු ඊයේ (මැයි 14) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පුවත් කෙටියෙන් | News Updates

වැලිසරින් හෙරොයින් කිලෝ 226 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව වැලිසර  නුගගහවත්ත මාර්ගයේදී  හෙරොයින් කිලෝග්‍රෑම් 226 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

නිරෝධායනය වු පුද්ගලයින් 179 දෙනෙකු වන්නි හි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වන්නි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක කාලයක්  නිරෝධායන වූ පුද්ගලයින් 179 දෙනෙකු සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසුව අද (15) දින සිය නිවෙස් වෙත යවා ඇත.  


පුවත් කෙටියෙන් | News Updates

අද සිට රට තුළ හුදකලා ප්‍රදේශ නොමැත - යුද හමුදාධිපති

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොළඹ 12 හි බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල  හි සුදුවැල්ල ,යන ප්‍රදේශ  අද උදෑසන සිට නැවත විවෘත කර ඇති බවයි.


පුවත් කෙටියෙන් | News Updates

ජනාධිපතිවරයා සිය තෙමසක වැටුප COVID-19 අරමුදලට භාර දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය මාස තුනක වැටුප වන රුපියල් 292,500.00 ක් ඊයේ (මැයි 14) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල’ වෙත භාර දී තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ඊයේ දින සුවය ලැබූ නැවියන් 59 දෙනා සමඟ,සුව වූ මුළු සංඛ්‍යාව 121 දක්වා ඉහළට

කොරොනා   වෛරස් ආසාදිත වූ  නැවියන් 59 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා   පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව   ඊයේ (13) දින  රෝහල්වලින් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

රෝගීන් 445 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වේ

නවතම වාර්තාවලට අනුව කොරොනා වෛරසය  අසාදිත වූ රෝගීන් 445 දෙනෙකු සුවය ලබා අද (මැයි 14) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.


පුවත් කෙටියෙන් | News Updates

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකයි

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වනු ඇත.

 


පුවත් කෙටියෙන් | News Updates

වැලිසර නාවික හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගන්නා බාහිර රෝගීන් හට රජයේ රෝහල් මඟින් පහසුකම් සැලසේ .

වැලිසර නාවික හමුදා මහ රෝහලේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රතිකාර ලබමින්  සිටී. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිතිපතා නාවික හමුදා මහ රෝහල වෙත පැමිණෙන ඔවුන්ගේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය පහසුකම් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගැනීම සඳහා අද (මැයි 14) දින සිට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

 


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව විසින් ආර්.පී.ජී., මෝටාර් සහ අත් බෝම්බ සොයා ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 12) දින  ඉරණමඩු චලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී RPG බෝම්බ, මෝටාර් බෝම්බ සහ අත් බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.

 


පුවත් කෙටියෙන් | News Updates

විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් 350 ක් අද මාලදිවයිනේ සිට මෙරටට පැමිණේ

විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මාලදිවයිනේ සිට අද (මැයි 14) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට  පැමිණීමට නියමිතය.


පුවත් කෙටියෙන් | News Updates

නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 ක් පිටව යති

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 13) දින  සති තුනක නිරෝධායනය කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු සිය නිවෙස් බලා  පිටව ගියහ.