පුවත් කෙටියෙන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රක්ෂිතයට ඉහළින් “බීජ බෝම්බ” හෙළයි
සියඹලාණ්ඩුව වත්තේගම කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත මෙම සතිය තුළ බීජ බෝම්බ තොගයක් හෙළනු ලැබීය
ඉන්දීය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා තරඟවලට සහභාගී වෙති
ඉන්දියානු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යයන්, ද්වීපාර්ශ්විය සබඳතා සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ‘Army to Army Sports Exchange’ (යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන) යටතේ ඉන්දියානු යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 61 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එළඹෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. එසේ මෙරටට පැමිණෙන ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහෝදර ක්‍රීඩකයින් සමඟ හොකී, පැසිපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් යන ක්‍රීඩා ඉසව් ඔස්සේ තරඟාවලියන්ට සහභාගී වෙති.
යාපනය ශික්ෂණ රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්
යාපනය ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා අයියකච්චිහි ස්ථාපිත 552 වන බලසේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
නාවික හමුදාව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ රෝපණය කරයි
යාපනය අර්ධද්වීපයේ කලපු ආශ්‍රිතව කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා කිලාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කරන ලදී.
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා සහ ඉන්දියානු යුද හමුදා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි නිරත වේ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අඛණ්ඩව 8 වන වරටත් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඔක්තෝම්බර් මස 03 සිට 17 දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වීම සඳහා ඉන්දීය හමුදා භටයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.
සඳහිරු සෑයේ කොත්වහන්සේ වැඳපුදා ගැනීමට දැන් අවස්ථාව
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා කොළඹට පැමිණේ
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ඩිස්ට්‍රෝයර් නෞකා තුනක් අද (ඔක්තෝබර් 02) දින දිවයිනට පැමිණ තිබේ. ‘KAGA’, ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන මෙම නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.
නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සේවය අවසන් කරයි
නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම, පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 30) දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.
සන්නාහ සන්නද්ධ බලකා භටපිරිස් 12 වසරකට පසු වෙඩි තැබීමේ පුහුණුවකට එක්වෙයි
වසර 12 කටත් අධික කාලයකට පසුව සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන වෙඩි තැබීමේ පුහුණුවක් සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර අන්තර්ජාතික
මුහුදු සීමා රැස්වීම මාර්ගගත ක්‍රමයට
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම අද (2021 සැප්තැම්බර් 29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යාපනය ශික්ෂණ රෝහල වෙත ගුවන් හමුදාවෙන් වෛද්‍ය උපකරණ
කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත මෑතකදී භාර දෙන ලදී.
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සහාය
ත්‍රිකුණාමලය, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල කලක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකරන ලද බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සිය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
නව ගසක් - නැවුම් බලාපොරොත්තුවක්
ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පසුගියදා මුතූර් නාදතිව් කලපුවේ කඩොලාන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.
ජාත්‍යන්තර සෙවීමේ හා ගලවා ගැනීමේ උපදේශක කණ්ඩායම වෙතින් පුහුණු පාඨමාලාවක්
සෙවීමේ හා ගලවා ගැනීමේ මූලික පුහුණු පාඨමාලාවක් මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වූ අතර එහි සහතික පත් ප්‍රදානය පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.
නාවික හමුදාව සහ වෙරලාරක්‍ෂක දෙපාර්තමේන්තුව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ජුලි මස 26 දින බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා අද (සැප්තැම්බර් 27) දින පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි ‘අදියර 1’ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුපියල් මිලියන 27 ක් වටිනා ගංජා තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැප්තැම්බර් මස 24 දින මන්නාරම, වලෙයිපාඩු සහ ඒ ආසන්න මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුම් දෙකකදී ගංජා කිලෝග්‍රෑම් 91 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
ජාවාරම් කළ කහ කිලෝ 2350 ක් යුද හමුදා අත්අඩංගුවට
යුද හමුදාව විසින් වෙට්ටකාඩු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගෙන ආ කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව ආපදා ප්‍රතික්‍රියා පුහුණුවීම් සිදු කරයි
ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාවක් මෑතකදී ගම්පොලදී පැවැත්විය.
කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳව යුද හමුදාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එක්ව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වැලිඔය හිදී පැවැත්වීය.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සන්නද්ධ හමුදා සදහා ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවක්
ජල ආරක්‍ෂක දැනුම වැඩි දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා ජල අනතුරුවලදී ප්‍රතිචාර දැක්වීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව සඳහා බලපිටිය, ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී පසුගියදා මූලික මට්ටමේ ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාව පැවැත්වීය.
නාවික හමුදාව තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව බහුදින ධීවර යාත්‍රාවක බරපතල තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එන ලදි.
වියලි කහ කිලෝ 3704 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ පසුගියදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
කන්තලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාදීම සදහා වැලි කොට්ට ඇතුරූ ජලමාර්ගයක්
කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාම සදහා ජලාප්‍රවාහන මාර්ගයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වැලි කොට්ට අතුරා සකස් කරන ලදී.