පුවත් කෙටියෙන්
කොරෝනා වෛරසය ආසාදිතවූ තවත් නාවිකයකු සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ තවත් නාවිකයෙක් ඊයේ (මැයි 4) දින මුල්ලේරියාව රෝහලෙන් පිටව ගියේය.
විදේශ අමාත්‍යාංශය,විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබද සාකච්ඡා කරයි
විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව නවය දක්වා ඉහළ යයි
වයස අවු.52 හැවිරිදි, කාන්තාවක් කොරෝනා වෛරසය හේතුවෙන් මියයයි.
ලන්ඩනයේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පසුගිය ඉරිදා ලන්ඩනයේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.
නිරෝධායනය අවසන් කළ 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත් වෙයි
මාදුරුඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසලේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් අද දින මියයාමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අටක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පළමු නාවිකයා IDH රෝහලෙන් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ පළමු නාවිකයා ඊයේ (මැයි 3) දින ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිට විය.
එක්සත් රාජධානියේ සිටින මෙරට සිසුන් රැගෙන ඒමට ගුවන් ගමන් වාර තුනක්
එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගත් යූඑල් 504 ගුවන් යානය අද (අප්‍රේල් 4) අලුයම 3.35 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සමන් පෙරේරා defence.lk වෙත ප්‍රකාශ කළේය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර වීමේ අවසරය අදාළ වේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පමණක් අත්‍යවශ්‍ය හේතුන් මත නිවසින් පිටට යන විට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන බව ඊයේ (මැයි 03) දින ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය ලන්දේසි නැව් කාර්ය මණ්ඩලයක් විෂබීජහරණයට ලක් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ , රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) අංශය අද (මැයි 03) දින ගාල්ල වරාය වෙත පැමිණි ලන්දේසි නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 236 දෙනෙකු විෂබීජහරණයට ලක් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් සොයා ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී (මැයි 01) නච්චිකුඩා වෙරළ තීරයේ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් සොයා ගන්නා ලදී.
පුද්ගලයින් 4917 දෙනෙකු නිරෝධායන අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත
පුද්ගලයින් 11 දෙනෙකු අද (මැයි 03) දින නිරෝධායන අවසන් කර පිටවයාමත් සමඟ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ඇති මුළු සංඛ්‍යාව 4,917 දක්වා ඉහළ ගොස් තිබේ.
බේරුවල සහ මහනුවර හුදෙකලා කර තිබු ප්‍රදේශ කිහිපයක් නැවත විවෘත කෙරේ
COVID-19 හේතුවෙන් බේරුවල සහ මහනුවර හුදෙකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් අද (මැයි 03) දින නැවත විවෘත කර තිබේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් හත් දෙනෙකු පැන යාමට ගත් උත්සහාය බන්ධනාගාර නිලධාරීන් වළක්වයි
අද (මැයි 03) දින අලුයම මහර බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු විසින් බන්ධනාගාරයෙන් පැන යාමට ගත් උත්සහාය බන්ධනාගාර බලධාරීන් විසින් වලක්වනු ලැබීය.
යාපනය භට පිරිස් අවශ්‍යතා සහිත අය අතර වියළි සලාක සහ ඇඳුම් බෙදා දෙයි
යාපනයේ ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය අච්චුවේලි හි 511 බලසේනාව, සමග සම්බන්ධතාවයෙන් කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පීඩාවට පත් දිළිදු පවුල් වෙත සිකුරාදා (මැයි 01) දින වියළි සලාක පාර්සල් බෙදා හැරීම සිදු කරන ලදී.
කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 160 ක් වාර්තා වී තිබේ
කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක පුද්ගලයින් 4,581 දෙනෙකු නිරෝධායන වෙමින් සිටී
COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (මැයි 02) දින සදහන් කළේ, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 4,903 දෙනෙකු මේ වන විට පිටව ගොස් ඇති බවයි.
තවත් පුද්ගලයින් 84 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවෙයි
නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 84 දෙනෙකු අද (මැයි 02) දින නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇත.
ICTA මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට online ක්‍රමයට වැඩ කිරීමේ පහසුකම් සලසයි
online ක්‍රමයට වැඩ ඇරැඹීමත් සමඟ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයදුම්පත් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් උතුරු මැද පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ශල්‍ය ඇදුම් කට්ටල පරිත්‍යාග කරයි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මසා නිම කරන ලද ශල්‍ය ඇදුම් කට්ටල 575 කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගියදා (අප්‍රේල් 29) උතුරු මැද පළාත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
තවත් පුද්ගලයින් 35 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි
ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු ඊයේ (මැයි 01) දින පුද්ගලයින් 35 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත
ඉන්දියාවේ කල්කටා සිට සිකුරාදා (අපේ‍්‍රල් 30) දින මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 16 දෙනෙකු ඊයේ (මැයි 01) දින වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබේ.
කරෙයිනගර් ප්‍රදේශයේදී කලපුවට වැටුණු බස් රථයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩ ගනී
යාපනයේ සිට කොළඹ බලා යමින් සිටියදී කරෙයිනගර් වේලිමගේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට වැටුණු බස් රථයක් ගොඩට ගැනීම සදහා ඊයේ (මැයි 1) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිව් දෙනෙකුට වෛරසය ආසාදිත බව තහවුරු වේ
ශ්‍රී ලංකා නාවික හමුදා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (30) කාත්තන්කුඩි මහ රෝහල වෙත යවා ඇත.