පුවත් කෙටියෙන්
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 49 දෙනෙක් පිටව යයි
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු අද (අප්‍රේල් 20) දින තවත් පුද්ගලයින් හතළිස් නව දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
‘හෙළ රණවිරු බළමුළුව’ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත ලබාදීමට සහල් සහ එළවළු පරිත්‍යාග කරයි
‘හෙළ රණවිරු බළමුළුව’ සංවිධානයේ මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් විසින් අද (අප්‍රේල් 20) දින කොළඹ දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත ජනතාව අතර බෙදා හැරීම සඳහා සහල් සහ එළවළු පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවක් අලුත්වැඩියා කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පසුගියදා රෝහල් නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව සිදු කරන ලද රෝහල් වාට්ටුවේ අලුත්වැඩියා කටයුතු අවසන් කළේය.
යුද්ධ හමුදාව මුලතිව් ගොවීන්ගේ එළවළු අස්වනු දකුණු පළාතට ගෙන එයි
හමුදා භට පිරිස් මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ට ඔවුන්ගේ එළවළු අස්වැන්න දකුණු පළාතේ නගරවලට ප්‍රවාහනය කිරීම සදහා සහාය වී ඇත.
නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවේ
සති තුනක නිරෝධායන කාල සීමාව අවසන් වූ පසුව තවත් පුද්ගලයින් 63 දෙනෙකු ඊයේ (අප්‍රේල් 19) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියහ.
ඇඳිරි නීතිය ලිහිල් කරන කාලය තුල වගකීමෙන් යුතුව කටයුතු කරන්න - ජනාධිපති රාජපක්ෂ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 18) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්ය.
කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමු වේ
තවත් පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟ දිවයිනේ මුළු කොරොනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කැළණි ගඟේ දියේ ගිලෙමින් සිටි අයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී.
පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ගඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 06 ක් අද වාර්තා වෙයි
අද දින වාර්තා වී ඇති තවත් කොරෝනා ආසාදිත රෝගීන් හය දෙනෙකුද සමඟ මුළු රෝගීන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත බව තහවුරු වේ - වෛද්‍ය අනිල් ජාසිංහ
කොරෝනා ආසාධිතයින් සිව් දෙනෙකු අද (අප්‍රේල් 18) දින වාර්තා වීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 248 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
ඇදිරි නීතිය කඩකල 1392 දෙනෙකු අද පොලිස් අත්අඩංගුවට
අද (අප්‍රේල් 18) දින පෙරවරු 6.00 සිට ගතවූ පැය 24 තුල ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 1392 දෙනෙකු සහ රථවාහන 381 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයකු සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් හය දෙනෙකු නිරෝධායනය සදහා
COVID-19 ආසාදිත වූ පුද්ගලයකු සමග සබදතා පැවැත්වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු හඳුනාගෙන ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව, ඔවුන් අද (අප්‍රේල් 18) දින වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
වෛරසය පිටුදැකීමේ පශ්චාත් උපායමාර්ගය පිලිබදව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) සාකච්ඡාවක්
COVID පිටුදැකීමේ පශ්චාත් උපායමාර්ගය පිලිබදව සලකා බැලීමේ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 17) දින COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) පැවැත්විණි.
වලංගු ධිවර බලපත්‍ර නොමැති ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වලංගු ධිවර බලපත්‍ර නොමැති ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදේ ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් තිදෙනෙකුට COVID-19 ආසාධිත බව තහවුරු වෙයි - වෛද්‍ය අනිල් ජාසිංහ
අද දින වාර්තා වූ රෝගීන් හතර දෙනාද සමග මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 242 දක්වා වැඩි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 ක් පිටව යයි
අනිවාර්ය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද (අප්‍රේල් 17) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.
රු.මිලියන 133 ක චීන වෛද්‍ය උපකරණ අද කොළඹට ලගා වෙයි
චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 693,191.2 ක් වටිනා නවතම වෛද්‍ය උපකරණ තොගය China Eastern Airlines MU231 මගින් අද සවස ෂැංහයි සිට ගුවන් මගින් කොළඹ වෙත ලගා වීමට නියමිතය.
‘එක්ව රැකෙමු’ සංගීතමය වීඩියෝව එළිදක්වයි
COVID - 19 වසංගතයට එරෙහි සටනට සම්බන්ධ සියලු අංශවලට ගෞරව කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද තේමාත්මක වීඩියෝ ගීතය වන ‘එක්ව රැකෙමු’ මෑතකදී එළිදැක්විණි.
යාපනයේ හමුදා භටයින් අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා සහනාධාර බෙදා දෙයි
යාපනයේ අර්ධද්වීපයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා හමුදා භට පිරිස් සිය මානුෂීය ආධාර ලබා දීම තවදුරටත් සිදු කරමින් අප්‍රේල් 15 වන දින අර්ධද්වීපයේ අගහිඟකම් ඇති පවුල් අතර වියළි සලාක ඇසුරුම් බෙදා දීම සිදු කළහ.
යුද්ධ හමුදා සාමාජිකයින් 120 කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරියේ නියුතු 62 වන සේනාංකය නියෝජනය කරමින් 120 කට අධික භට පිරිසක් ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කර තිබේ. සියලුම වන්නි රෝහල්වල හදිසි අවස්ථා වලදී රෝගීන්ගේ භාවිතය සඳහා වන රුධිර අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙය සිදුකර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පොදු ස්ථාන විෂබීජහරණ වැඩසටහන් නොනවත්වා ඉදිරියට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා සිදු කරන විෂබීජහරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් අප්‍රේල් 12 දින සිට 16 දින දින දක්වා වූ කාලය තුල කොළඹ වරායට ඇතුළු වන දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා විද්‍යාලය විෂබීජහරණය කර ඇත.
පාලවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේදී රුධිර බැංකුවට ලේ පරිත්‍යාග කිරීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් අප්‍රේල් 15 වන දින පවත්වා ඇත.
යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදා දෙයි
කිලිනොච්චි හි 57 වන සේනාංකයේ හමුදා භට පිරිස් සෙනසුරාදා (අප්‍රේල් 11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පැකට් 32 ක් බෙදා දුන්හ.
3,720 කට අධික පිරිසක් දින 14 ක නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කරයි
ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන සදහා ඇතුලත් වූ පුද්ගලයින් 3,721 දෙනෙකු සිය නිරෝධායන කාල සීමාව මේ වන විට සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ (NOCPCO) ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( අප්‍රේල් 16) දින පැවසීය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙට සිට එළවළු මිලදී ගැනීමට හා බෙදා හැරීමට කටයුතු කෙරේ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙට (අප්‍රේල් 17) දින සිට ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත් එළවළු තොග බෙදා හරින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් පැවසීය.