පුවත් කෙටියෙන්
පුත්තලම් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 260 ක් අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් නිපදවීමට භාවිතා කළ උපකරණ සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 37 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 28 ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 37 දෙනෙකු ඊයේ (අප්‍රේල් 9) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
මුලතිව් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට
මුලතිව් වඩ්ඩුවාක්කල් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අප්‍රේල් 8 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල ධිවර වරායේ වරායේ ට්‍රෝලර් යාත්‍රාවක හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදාවේ සහය
ගාල්ල ධිවර වරායේ බහු දින ධීවර යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදාවේ දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය ඊයේ (අප්‍රේල් 8) දින කටයුතු කර ඇත.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදුකරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුකරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 8) දින මොරටුව මඩම්පිටිය ප්‍රදේශවාසින් අතර පලතුරු හා එළවළු බෙදා හැර තිබේ.
නාවික හමුදා රෝහලෙන් ප්‍රථිකාර ලබාගන්නා නාවික හමුදා රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් නිවෙස්වලට ලබා දීමේ වැඩසටහනක්
වැලිසර නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික, දැනට සේවයේ නියුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ඔවුන්ගේ ඖෂධ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 08) ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඖෂධ අඩංගු පාර්සල් 186 ක් ඔවුන් වෙත බෙදා දිම සිදු කරන ලදී.
COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 හෝ 1999 අමතන්න
COVID-19 රෝග ලක්ෂණ ඇති බවට සැක සිතේ නම් පළමුව 1390 හෝ 1999 අමතන්න ...
නාවික හමුදාව ගාල්ලෙන් මුහුදේ අතරමං වූ යත්‍රාවකට සහාය වෙයි
තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ගාලු වරායට එපිටින් මුහුදේ නැංගුරම් ලා ඇති විදේශීය යාත්‍රාවකට නාවික හමුදාව විසින් ඊයේ (7) දින ආහාර සහ පානීය ජලය ලබා දෙන ලදි.
ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ යයි
මීට ටික මොහොතකට පෙර කොළඹ ජාතික බෝවන රෝග විද්‍යයතනයේදී පිරිමි පුද්ගලයෙකු (44) මියයාමත් සමග ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
නාවික මහ රෝහල - කොළඹ දිගු කාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ බෙදා දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන විශ්‍රාමික, සේවය කරන නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර මාසික බෙහෙත් වට්ටෝරු බෙදා හැර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇති කරන ලද කැස්බෑ පැටවුන් සාගරයට මුදා හරියි
කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇති කරන ලද කැස්බෑ පැටවුන් 96 දෙනෙක් ගාලුමුවදොර වෙරළ තීරයේදී සාගරයට මුදා හරින ලදි.
ගිණිකොණ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නාවික හමුදාවෙන් සහන
ශ්‍රී ලංකා නාවික හමුදා ගිණිකොණ නාවික විධානය එයට අයත් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර බෙදාදීමට කටයුතු කර ඇත.
මුලතිව් ගොවීන්ගේ සහයට යුද්ධ හමුදාව ජංගම එළවළු විකිණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි
64 වන සේනාංකයේ භට පිරිස් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.
COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ගොවීන් හට තම අස්වැන්න විකිණීම සඳහා වෙළඳපොළට යාමට නොහැකි බැවින්, නිවෙස් අසලට ගොස් ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් ප්‍රාදේශීය සභාවේ සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සපයා ඇත.
ශ්‍රී ලංකා පාබළ හමුදා භටයින් සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනා අතර සහනාධාර පාර්සල් බෙදා හරියි
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකයට අනුයුක්ත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි හි තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධී ප්‍රතිලාභීන් 258 දෙනෙකු අතර රජය විසින් ලබාදෙන ලද සහන සලාක පාර්සල් බෙදා හැරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.
නාවික හමුදාව වෙතින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා නාවික හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු නාවිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින නිසා ඔවුන් හට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදීම ආරම්භ කර තිබේ.
යුද හමුදා බෞද්ධ සංගමය බෞද්ධ විහාරස්ථාන අතර සලාක බෙදයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බෞද්ධ සංගමය, දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බෞද්ධ විහාරස්ථාන කිහිපයක් අතර වියළි සලාක පාර්සල් බෙදා දී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවෙස් වල රැදී සිටින බම්බලපිටිය මහල් නිවාසවල පදිංචිකරුවන්ට විනෝදාස්වාදය සපයයි
COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින් නිවෙස් වලට වී සිටින බම්බලපිටිය මිලාගිරිය මහල් නිවාසයේ නිවැසියන්ට විනෝදාස්වාදය ලබා දෙමින් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය පළමු ජංගම සංගීත වැඩසටහන් පවත්වයි.
නාවික හමුදා ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී
COVID-19 හේතුවෙන් ඇති වන ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ජාතික රුධිර බැංකුවේ ප්‍රමාණවත් සංචිතයක් පවත්වා ගැනීමට සහාය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශයේදී සිදු කර ඇත.
ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම.
• කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දන්වනතුරු ඇඳිරි නීතිය
ඉහළ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) උදෑසන 6.00ට ඉවත් කොට නැවත එදිනම සවස 4.00ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COVID-19 සැක සහිත රෝගීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙයි
COVID-19 ආසාධිත බවට සැක සහිත රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද නව බාහිර රෝගී අංශය අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දී තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධීක්ෂණයෙන් විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 279 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ
විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 279 දෙනෙකු ඊයේ සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන්කළ ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන් 203 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි
මුලතිව් හිදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ තවත් පිරිසක් අද (අප්‍රේල් 06) දින සිය නිවෙස් බලා පිටත් වූහ.
ඇඳිරි නීතිය අතරතුර නිවෙස්වලට වී සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් යුද්ධ හමුදා සංගීත කණ්ඩායමෙන් සංගීතමය වැඩසටහනක්
COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින් නිවෙස් වලට වී සිටින හැව්ලොක් නගරයේ සහ රාජගිරිය මහල් නිවාසවල නිවැසියන්ගේ රසාස්වාදය පිණිස ශ්‍රී ලංකා හමුදාව තම අධි රිද්ම සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් (Beat Group), එම මහල් නිවාස අසල ජංගම සංගීත ප්‍රසංගයක් ඊයේ පැවැත්වීය.
නිවසේ සිට වැඩකරන කාලය සිකුරාදා දින දක්වා දීර්ඝ කෙරේ
නිවසේ සිට වැඩකරන කාලය හෙට සිට ලබන සිකුරාදා, එනම් අප්‍රේල් 06 දින සිට 10 දින දක්වා රජය විසින් තවදුරටත් දීර්ඝ කර ඇත.
58 වන සේනාංකය විසින් වැඩිහිටි නිවාසයක් වෙත දිවා ආහාර පාර්සල් ලබා දෙයි
58 වන සේනාංකයේ රාජකාරියේ නියුතු යුද හමුදා සාමාජිකයින් විසින් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත වියලි සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කර ඇත.