පුවත් කෙටියෙන්
සංසරණය වන ව්‍යාජ පුවත් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන්න - ජනාධිපති
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අර්බුදය අතරතුරදී ජනාධිපතිවරයාගෙන් යැයි පැවසෙමින් වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක් මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍යයන් හරහා ව්‍යාජ ලෙස පණීවුඩ සංසරණය වන බවයි.
ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 172 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි
ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 172 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සොයිසාපුර ප්‍රදේශවාසින් වෙත එළවළු ලබා දෙයි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ප්‍රදේශවාසින් වෙත සහන මිලට එළවළු ලබා දී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස්ගේ මගපෙන්වීම මත COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කාලසීමාවේදී මහජනතාව අතර ආහාර සහන බෙදා හැරීම CSD විසින් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල විශබිජහරණයට ලක්කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය අංශය (Chemical Biological Radiological Nuclear and Explosive Wing) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) ගුවන් යානා යාත්‍රාoගණය විෂබිජහරණය කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි.
යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ තවත් 288 දෙනෙකු ඉන් පිටව යයි
දියතලාව, රන්ටැඹේ, පෙරියකාඩු, බෝගොඩ සහ පල්ලෙකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු 288 දෙනෙකු අද දින () සිය නිවෙස් බලා පිටව ගියහ.
රණවිරු සේවා අධිකාරිය වෙත අත් වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක්
COVID - 19 පැතිරීම පාලනය කිරීමට රජය ගෙන ඇති පියවරට සහය දක්වමින් Metallurgical Corporation of China Ltd විසින් අත්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් අද (අප්‍රේල් 02) දින රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර වෙත අත්වැසුම් සහ මුහුණු ආවරණ යුගල 4000 ක ප්‍රමාණයක් පැවති කෙටි උත්සවයක දී භාර දී තිබේ.
අටළුගම සහ අකුරණ සම්පුර්ණයෙන් මුද්‍රා තැබේ.
කළුතර අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කවල අකුරණ මුළුමනින්ම හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොමැත.
අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග
අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට දිස්ත්‍රික්ක අතර සංචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අධි අවදානම් කලාපවල ඇඳිරි නීතිය හෙට දිනයේත් එලෙසම පවතින අතර අනෙකුත් ප්‍රදේශවල ඇදිරිනීතිය හෙට දින ලිහිල් කරනු ඇත
අධි අවදානම් කලාපවලට (කොළඹ, ගම්පහ,කළුතර , පුත්තලම, මහනුවර සහ යාපනය) පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු නොවෙනස්ව පවතින අතර හෙට (අප්‍රේල් 1) දින අලුයම 6.00 ට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර නැවත එදිනම සවස 2.00 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දෙවන COVID-19 ආසාධිතව මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ
COVID-19 ආසාධිතව මියගිය දෙවන පුද්ගලයාගේ දේහය ඊයේ (මාර්තු 30) දින මීගමුව මහජන ආදාහනාගාරයේ දී මහජන සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේ ආදාහනය කරන ලදී.
මියගිය පුද්ගලයා මීගමුව රෝහලෙන් ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දැමේ
සිටි COVID-19 ආසාධිතයකු සොයා ගැනීමත් සමග සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (මාර්තු 30) දින සිට සති දෙකක කාලයක් වසා දමා තිබේ.
දිවයින පුරා ඖෂධ බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව වෙතින්
රජයේ රෝහල්හි සායනවලදී නිකුත්කරන ඖෂධ බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා රට පුරා ඖෂධ බෙදා හැරීම ඊයේ දින සිට ආරම්භ කරන ලදී.
හෙට දිනට පෙර ලියාපදිංචි වීමෙන් වැළකී සිටින අය අත්අඩංගුවට - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
විදේශ රටවල සිට මාර්තු 16 දිනෙන් පසු මෙරටට පැමිණි පුද්ගලයින් හෙට (අප්‍රේල් 1) දින දහවල් 12 ට පෙර ලියාපදිංචි විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කල 321 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ
නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 321 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (මාර්තු 31) දින නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත් වීමට නියමිතය.
COVID- 19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් පිලිබදව ONLINE ක්‍රමයට වාර්තා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙයි.
හදිසි අවස්ථාවන් වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලුම් කිරීමට හෝ COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු පිලිබදව වාර්තා කිරීමට හෝ COVID 19 රෝගියෙකු සමග සම්බන්ධතා පවත්වා ඇතැයි ඔබට සිතන්නේ නම් හෝ ඔබ පසුගිය දින 14 ක කාලය...
COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් හය දෙනෙකු හදුනා ගැනීම නිසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරණෝදය මාවත මුද්‍රා තබයි.
COVID -19 රෝග ලක්ෂණ පෙන්නුම් කල වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරණෝදය මාවත මුද්‍රා තබා ඇත.
දියතලාව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 132 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් තම නිවෙස් බලා පිටත් වෙයි.
දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව තවත් 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා ගොස් ඇත.
තීරණ ගැනීමේදී කිසිදු අයුරකින් සිවිල් ජන ජීවිතයට බාධාවක් නොවන පරිදි ක්‍රියා කල යුතු බව රජය පවසයි.
ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීමේදී සිවිල් ජන ජීවිතයට බාධා නොවන පරිදි ක්‍රියාකළ යුතු බව රජය අද නිවේදනය කළේය.
නාවික හමුදාව COVID-19 අසාදිත බවට සැකකරන ධීවරයෙකු ගොඩබිමට වෙත ගෙන එයි
ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරිමකට අනුව COVID-19 ආසාදිත පුද්ගලයකු සමඟ සබඳතා පැවැත්වු ධීවරයෙකු මුහුදේ යාත්‍රා කරමින් සිටිනයදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන එන ලදි.
පූර්වාරක්‍ෂක පියවරක් ලෙස තවත් ගම්මාන තුනක් මුද්‍රා තබයි
පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩයාන්කුලම් හි ගම්මාන දෙකක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මානය සෞඛ්‍ය බලධාරීන් විසින් මුද්‍රා තබා ඇත.
දිවයිනේ දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය හෙට දින තාවකාලිකව ඉවත් කරයි.
කොළඹ, ගම්පහ , කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට හැර ..
ශ්‍රී ලංකාවේ පළමු COVID-19 මරණය IDH වෙතින් වාර්ථා වෙයි.
ශ්‍රී ලංකාවේ පළමු COVID-19 මරණය මීට මොහොතකට පෙර අංගොඩ බෝවන රෝග රෝහලෙන් (IDH) වාර්තා විය.
ගුවන් හමුදාව නව හුදකලා ඒකකයක් IDH රෝහලට භාර දුන්නේය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අලුතින් ඉදිකරන ලද හුදකලා ඒකකයක් අද (28)බෝවන රෝග රෝහලට (IDH)භාර දෙන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මැනින් වෙළඳපොළ විෂබීජහරණයට ලක් කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා කොළඹ මැනින් වෙළඳපොළ විෂබීජහරණය කර ඇත.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධන කාර්ය සාධක බලකායෙහි නව සම සභාපති ලෙස පත් කෙරේ
දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද දින පත් කර තිබේ.