පුවත් කෙටියෙන්
ගුවන් හමුදා ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව විදේශීය පුහුණුලාභීන් විසින් සාර්ථකව නිම කෙරේ
බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්තානය යන රටවලින් පැමිණි විදේශීය පුහුණුලාභීන් හය දෙනෙකු සඳහා වූ අංක 02 ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව පසුගියදා මොරවැව පිහිටි ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව නිමාවන ලදී.
තැලසීමියා රෝගීන් සඳහා යුද හමුදා භට පිරිස් ලේ දන් දෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වටිනා ජීවිත රැක ගැනීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.
කොතලාවල විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් පුළුල් කෙරේ
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත නව නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඊයේ (සැප් 16) වේරහැර දී ආරම්භ කර තිබේ.
තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් ඊයේ (සැප්තැම්බර් 16) අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ
මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ලදී.
නීති විරෝධී මෝර කොටස් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී වියලි මෝර කොටස් කිලෝග්‍රෑම් 20 ක් සමඟ ධීවරයින් 7 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩිකාවන් ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට
58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද (16) ශ්‍රී ලංකාවේ සිට රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතය.
බලහුරුවේ ගංජා වගාවක් යුද හමුදාවෙන් වටලයි
යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පසුගිය (14) දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලන ලදි.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අන්තර්ජාතික පුහුණු සැසියක්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බටහිර අප්‍රිකානු රටවල් (ඝානාව සහ නයිජීරියාව) සඳහා ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබද පුහුණු වැඩමුළුවක් පසුගියදා මිරිස්ස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදි.
රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්
නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 14) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදාව පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු නිම කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යටියන්තොට , මාලිම්බඩ පිහිටි පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු මෑතකදී අවසන් කරන ලදි.
යුද හමුදාව කුඹුක්කන හා වැලිමඩ ඇති වූ ලැව් ගිනි මැඩපවත්වයි
මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරබ කන්ද වන රක්ෂිතයේ සහ මහාගොඩයාය යන වනාන්තර ප්‍රදේශවල පසුගියදා ඇති වූ ලැව් ගිනි පාලනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
මුහුදු කූඩැල්ලන් 72,000 කට අධික තොගයක් ඉරුක්කුලම්පිඩ්ඩිහිදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72,542ක පමණ තොගයක් ඊයේ (සැප්තැම්බර් 12) අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑළියේ වනාන්තරයක අතුරුදන් වූ කත යුද හමුදාව සොයාගනී
නුවරඑළිය ඩන්සිනන් වතු යායේ දර එකතු කරමින් සිටියදී සැප්තැම්බර් 5 වන දින අතුරුදන් වූ කාන්තාව සොයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මව්බිම රැකුමට කැපවූ රණවිරුවන්ට අත්වැලක්
මව්බිම වෙනුවෙන් තම ශරීරාංග පුදකල පොලොන්නරුව මැදිරිගිරිය සංසදයේ කේ.පි.පි.ඒ. කරුණාරත්න හා කේ .ජි.යූ නවරත්න යන විශ්‍රාමික රණවිරුවන් දෙපල සදහා රණවිරු සේවා අධිකාරිය විසින් අත්වාරු යුගලයන් ප්‍රධානය කිරිම පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.
නීතිවිරෝධී මෝරවරල් සහිත ලොරියක්
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් සහිත ලොරි රථයක් සමග සැකකරුවන් පස් දෙනෙක්, බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ජිවිත රැකුමට යුද හමුදාවෙන් ලේ දන්දීමක්
අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් ඊයේ (සැප්තැම්බර් 7) දින මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
මුලතිව් ප්‍රදේශයේ යුද හමුදාව භාවිතා කල ඉඩම් ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන්ට භාර දෙයි
මුලතිව් කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචන් ගම්මානයේ පර්චස් 36.8 ක ඉඩමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගියදා ප්‍රාදේශීය ප්‍රාෙද්ශිය බලධාරින් වෙත භාර දෙන ලදී.
වෙරලාරක්ෂකයින් සඳහා විනිශ්චය පුහුණු වැඩසටහනක්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ සුදුසුකම් ලත් නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නිලධාරින් වෙත විනිශ්චය පිලිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ලබා දෙන ලදී.
තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 6) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) අත්අඩංගුවට ගන්නා ලදී.
සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2021/2 (JCET) සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2021/2 (Joint Combined Exchange Training (JCET) Balance Style 2021/2) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය 2021 සැප්තැම්බර් 02 වන දින සිදු කරන ලදි.
මොස්කව්හිදී පැවති ‘යුද්ධ හමුදා ක්‍රීඩා - 2021’ තරඟාවලියේදී යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම දක්‍ෂතම කණ්ඩායමට හිමි සම්මානය හිමිකරගනී
මොස්කව්හිදී 8 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා-2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ‘දක්‍ෂතම කණ්ඩායම සඳහා වූ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස්’ (Grand Prix) සම්මානය ඇතුළුව තවත් සම්මාන කිහිපයක් දිනාගන්නා ලදී.
සෞඛ්‍ය සේවය ඉහල නැංවීම සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා වැලිසර නාවික හමුදා සංකීර්ණයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පැවැත්වීය.