පුවත් කෙටියෙන්
රුපියල් මිලියන 68කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
නාවික හමුදාව වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2021 සැප්තැම්බර් 05) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක (ඇසුරුම් සහිත බර) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා සහායවීමට එක්සත් ජනපද රජයෙන් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයමේ (Combat Convoy Company) භාවිතය සඳහා පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාග කෙරිණි.
යුද හමුදාව කළුතර බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතියක් සවිකරයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වයෙන් කළුතර බන්ධනාගාරයේ නව සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කර එය පසුගියදා බන්ධනාගාර බලධාරීන් වෙත භාර දෙන ලදී.
යාපනයේ තවත් පවුල් දෙකක් සඳහා යුද හමුදාවෙන් නව නිවාස
ශ්‍රී ලංකා යුද හමුදාව සමාජ සුභසාධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් කොල්ලන්කලඩ්ඩි සහ උඩුවිල් දකුණ ප්‍රදේශයේ දුප්පත් පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකර දෙන ලදී.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු 31 වන දින මීගමුව කළපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැන්දඹු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරන ලබන සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් මෑතකදී මාතලේ අසරණ පවුලක් වෙත නව නිවසක් ඉදිකර භාර දෙන ලදී.
වෘත්තිමය හමුදා සෙබළුන් ලෙස සාර්ථකව පුහුණුව නිමකල සිංහල, දමිළ හා මුස්ලිම් ආධුනික සෙබළුන් විසිරයයි
යාපනය, විඩත්තප්පලෙයි බළඇණි පුහුණු පාසලේදී පුරා මාස 4 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 340 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1500 කට අධික තොගයක් සමග සැකකරුන් 05ක් නීතීයේ රැහැනට
නාවික හමුදාව විසින් සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් සඟවා තිබූ වියලි කහ කිලෝ 1599ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ කැබ් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
රුපියල් මිලියන 41 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 41 ක් වටිනා කිලෝ 139 යි ග්‍රෑම් 930 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් පේදුරුතුඩුව මනල්කාඩු මුහුදේදී නාවික හමුදාව විසින් අද (අගෝස්තු 26) දින අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 22, 23 සහ 24 යන තෙදින (03) තුළ පමණක් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1377කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
SInhala.
රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ ඊයේ (අගෝස්තු 21) සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ආරක්ෂක අංශ මගින් ලේ දන් දීමේ වැඩසටහන්
රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ ජීවිත බේරා ගැනීම සඳහා පසුගියදා යාපනය සහ හිඟුරක්ගොඩ ප්‍රදේශයන්හිදී ලේ දන්දීමේ වැඩසටහන් ශ්‍රී ලංකා යුද හමුදාව හා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ
පසු ගිය දින කිහිපයේ රට පුරා පෙරහැරින් වැඩම කරන ලද සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය, මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පැනවීමත් සමග අද (අගෝස්තු 21) දින සිට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර පානදුර රන්කොත් විහාරයට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (19) අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
පලාලි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී ඉන්දියානු යුද විරුවන් අනුස්මරණය කෙරේ
75 වන ඉන්දියානු නිදහස් දිනය නිමිත්තෙන් 2021 අගෝස්තු මස 15 දින යාපනය, පලාලි පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව 1987 සිට 1990 වර්ෂය දක්වා යාපනයේ පැවති ‘පවන් මෙහෙයුම’ සහ අනෙකුත් මෙහෙයුම්වලදී දිවිපිදු වීරෝදාර ඉන්දීය රණවිරුවන් අනුස්මරණය කරන ලදී.
බිඳුනුවැව ප්‍රදේශයට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යුද හමුදාවෙන්
බණ්ඩාරවෙල බිඳුනුවැව තරුණ මධ්‍යස්ථානය කොවිඩ් - 19 රෝගින් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෑතකදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අත්තනගල්ලට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
නීති විරෝධී වියළි කහ කිලෝ 370 ක් කල්පිටියෙදී නාවික හමුදාව අත්අඩංගුවට
නාවික හමුදාව විසින් කල්පිටිය කලපුවේ පිහිටි කිලතිව් දූපතේදී නීති විරෝධී ලෙස ගෙන ආ වියළි කිලෝග්‍රෑම් 370 ක් සමඟ සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් 2021 අගෝස්තු 17 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයි එන් ජයරත්න පත් කර තිබේ.
පළාත් අතර ගමනාගමන සීමා සඳහා ත්‍රිවිධ හමුදා මාර්ග බාධක
යුද, නාවික සහ ගුවන් හමුදා එක්ව පළාත් අතර මාර්ග බාධක යොදවමින් සංචරණ සීමා ක්‍රියාත්මක කිරිම සඳහා පොලිසීය වෙත සහය ලබා දී ඇත.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර වට්ටාරමට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (17) වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
යුද හමුදාව රුපියල් මිලියන 6 ක් වටිනා කහ තොගයක් අත්අඩංගුවට ගනී
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා මැදවච්චිය-මන්නාරම මාර්ගයේ යොදවා තිබු මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ නීති විරෝධී අමු කහ කිලෝ ග්‍රෑම් 1000 ක් අත්අඩංගුවට ගෙන ඇත.