පුවත් කෙටියෙන්
ගංජා කිලෝ 107 ට වැඩි ප්‍රමාණයක් වෙත්තලකේණිහිදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 22) දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ගම නැගුමට අත්වැලක්
තණමල්විල ප්‍රදේශයේදී පැවති 'ගම සමග පිළිසඳරක්' වැඩසටහනේදී පාසැල් වල පහසුකම් නංවාලීම සඳහා ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් පරිදි යුද හමුදාව විසින් පාසල් ක්‍රීඩාංගන දෙකක් අලුත්වැඩියා කර මෑතකදී සිසුන් වෙත ලබා දෙන ලදි.
උතුරු මුහුදේදී තවත් ගංජා තොගයක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් රු. මිලියන 41 ක් වටිනා ගංජා කිලෝ 139 ක් සහ ග්‍රෑම් 100 ක්, යාපනයේ තොන්ඩමනාරු අසල මුහුදේ ඊයේ (ජූලි 19) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන ඇත.
ජීවිතක්‍ෂයට පත් ගුවන් විරුවන්ට සෙත් පතා ආශිර්වාද පිංකමක්
ජිවිත පූජා කළ ගුවන් හමුදා රණවිරුවන්ට සෙත් පතා සර්වාගමික ආශිර්වාද පිංකම් මාලාවක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ පැවත්විණි.
යාපනයේ අයෝග්‍යව ඇති යුද හමුදා වාහන ප්‍රතිනවීකරණය කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භට පිරිස් විසින් අයෝග්‍ය තත්වයේ තිබූ යුද හමුදාවට අයත් වාහන සමූහයක් මෑතකදී නැවත භාවිතය සඳහා අලුත්වැඩියා කරන ලදි.
යාපනය නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් සඳහා යුද හමුදාවෙන් පෙර පාසල් ගොඩනැගිල්ලක්
ප්‍රදේශයේ දෙමාපියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 52 වන සේනාංකයේ සහ 523 වන බලසේනාවේ භටපිරිස් ඉදිකරන ලද නාවට්කුලි ගම්මානයේ පෙර පාසල් ගොඩනැගිල්ල, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෑතකදී විවෘත කරන ලදී.
පැරණි සංඝාවාස ගොඩනැගිල්ලක් යුද හමුදාව ප්‍රතිසංස්කරණය කරයි
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විහාරහල්මිල්ලෑව රජමහා විහාරස්ථානයේ පැරණි සංඝාවාස ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි.
කිලිනොච්චියේ තවත් පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර වඩ්ඩකච්චි පෙරියකුලම් හි පදිංචි ශිවසාමි මුත්තු මහත්මියගේ පවුල වෙත මෑතකදී භාරදෙන ලදි.
සමුද්‍රීය ආරක්ෂාව සඳහා බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පැරා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්
ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෑතකදී ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
යුද හමුදාවෙන් වියළි මිරිස් මෙට්‍රික් ටොන් 1 ක් වෙළඳපලට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවිබිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කර එහි ඵලදාව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත මෑතකදී සංකේතාත්මකව භාර දෙන ලදි.
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 13 වන දින සිට දින තුනක් පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී පැවැත්වු අතර, ඊයේ දින (ජූලි 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.
නාවික හමුදා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක්
වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදිකළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (ජුලි 15) දින සිදුකෙරිණි.
මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජූලි 17 වන දින සිට පත් කර ඇත.
විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණය ඇරඹේ
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් අද (ජූලි 15) දින සිට විවෘත කර තිබේ.
යුද හමුදාව ගංජා හේනක් වටලයි
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් භටපිරිස් කුඩාඔය පොලිසිය සමඟ එක්ව පසුගියදා කුඩාඔය, කොටියාකඳුර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලන ලදි.
නීතිවිරෝධී මෝර දඩයමක් නීතියේ රැහැනට
නීතිවිරෝධී ලෙස ලබාගන්නා ලද මෝර කොටස් කිලෝ 27 ක පමණ ප්‍රමාණයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 5 දෙනෙක් යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන ඇත.
මිලියන 4ක් වටිනා කහ තොගයක් යුද හමුදා භාරයට
මන්නාරම වෙරළතීරයේ පෙරියකඩේ ප්‍රදේශයෙන් මිලියන 4ක් පමණ වටිනාකමින් යුත් කහ කිලෝග්‍රෑම් 672ක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇත.
අධ්‍යාපන නිලධාරීන්ට සහ ගුරුවරුන්ට යුද හමුදාව එන්නත ලබාදෙයි
ගුරුවරුන් සඳහා එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව එම වැඩසටහන අරම්භ කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 350 කට පමණ මෑතකදී එන්නත ලබා දෙන ලදී.
දිවයිනේ කහ වගා කිරීමට යුද හමුදාව දායක වේ
ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල කඳවුරේ භට පිරිස් විසින් එම කඳවුරු භූමියේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.
යුද හමුදා භටපිරිස් නීති විරෝධී වැලි ජාවාරමක් වටලයි
ත්‍රිකුණාමලය සිත්තාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීම්වල යෙදී සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා භට පිරිස් සහ පොලිසිය සමත්ව ඇත.
දියතලාවේ යුද හමුදා භට පිරිස් කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි
පළමුවන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දියතලාවේදී ආරම්භ කරන ලදී.
දිළිඳු පවුල් වෙත සහන සැපයීමට යුද හමුදා සහය
ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 52 වන සේනාංකය විසින් පසුගිය දිනක අරියාල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක මලු ලබාදෙන ලදී.
කිලිනොච්චියේ අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් නිවාස හයක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිලිනොච්චි හි අසරණ පුද්ගලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු 442 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටියදී පුද්ගලයින් 442 දෙනෙකු සහ බෝට්ටු 153 ක් ඇතුළු ධීවර උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.