පුවත් කෙටියෙන්
නාවික හමුදා වෛද්‍ය පහසුකම් මගින් විදෙස් ජාතික රෝගියෙකුට ප්‍රතිකාර
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ‘Decompression Sickness’ නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතිකයෙකුට සාර්ථකව ප්‍රතිකාර කරන ලදී.
ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ කිමිදෙමින් සිටි ජර්මානු ජාතික කාන්තාවක් මෙම රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටියදි ජනවාරි 28 වන දින ත්‍රිකුණාමලයේ නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇත.
දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් ඉන්දීය ජනරජ දිනයේදී සිහිපත් කරයි
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටනේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමඟ එක්වු ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 73 වන ඉන්දිය ජනරජ දිනයට සමගාමීව ඉකුත් බදාදා (26) දින යාපනය, පලාලි පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.
මිලියන දහයක කෘත්‍රිම පාද රණවිරුවන් 167 දෙනකු සදහා ලබා දෙයි
රණවිරු සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන දහයක් වැයදරා රණක්ෂිතයට පත් රණවිරුවන් 167 දෙනකු සදහා අවැසි කෘත්‍රිම පාදයන් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරනු ලැබීය.
නාවික හමුදාව ගාල්ල වෙරළ තීරය පිරිසිදු කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ගාල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය සිකුරාදා (21) සවස යාපනය, චූලිපුරම් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් ගංජා කිලෝ 80 යි ග්රෑම් 500 ක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු ගුවන් හමුදාපති දිවංගත එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ
අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදුකෙරේ
අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ (විශ්‍රාමික) දේහය පිලිබඳ අවසන් කටයුතු බදාදා (ජනවාරි 19) දින පූර්ණ හමුදා ගෞරව සහිතව දෙහිවල - ගල්කිස්සේ පිහිටි ‘නිසල සෙවන’ සුසාන භූමියේදී සිදුකරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව ජර්මානු සහ ජපාන යුද නෞකා සමඟ අභ්‍යාසයක
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹට සහ ත්‍රිකුණාමලයට ළඟා වූ ජර්මානු නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් සමඟ නාවුක අභ්‍යාසයක් පසුගියදා පවත්වන ලදී .
‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී
‘විනය’ සහ ‘කැපවීම’ ඉහළ මට්ටමක පවතින සොල්දාදුවෙකුගේ කායික හා මානසික ශක්තිය සමඟ ඕනෑම යුදමය තත්ත්වයකදී අභීයෝගයන්ට මුහුණදිය හැකි යුද සෙබලුන් නිර්මාණය වේ.
මුලතිව් සිසුන් සියයකට යුද හමුදාවෙන් පාසල් පාවහන්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පසුගියදා ප්‍රදානය කරන ලදී.
උතුර පදනම් කරගත් හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය තවදුරටත් බලගැන්වේ
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා යාපනයේ ‘හරිත කෘෂිකර්මය’ කේන්ද්‍ර කරගත් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඔවුන් සාකච්ඡා කර ඇත.
ඩෙංගු මර්දනයට යුද හමුදා සහාය
පැතිර යන ඩෙංගු උණ රෝගය මැඩපැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් පසුගියදා පවත්වන ලදී.
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 09) උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පවත්වන ලදි. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුරට සමගාමීව මෙම පරිසර ආරක්ෂණ පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්වුණු බව නාවික හමුදාව පවසයි.
54 වන පාබල සේනාංකයේ භටපිරිස් දුම්රියක් තුළ තිබි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගනී
54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2022 ජනවාරි මස 08 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.
රණවිරු බිරිඳකට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවසක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ තෝරා ගත්, ක්‍රියාන්විත හේතුන් මත දිවිපිදූ ආර්.ටී.ඩී. ස්වර්ණසිංහ රණවිරුවාගේ බිරිඳ වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා (ජනවාරි 05 ) සිදුකරනු ලැබීය.
රණවිරු සේවා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයන් වෙත ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්
රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් පසුගිය වසරේ විශේෂ දක්ෂතා හිමිකරගත් මලල ක්‍රීඩකයන් දෙදෙනකුට සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් තිදෙනෙකු සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම ජනවාරි මස 07 වැනි දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුකරන ලදී.
කුට්ටිගල අක්කර 10ක යුද හමුදාව කජු වගා කරයි
විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය මට්ටමින් අපනයන බෝග ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රයත්නයට සම්බන්ධ වෙමින් කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කඳවුරු පරිශ්‍රය තුළ කජු පැළ 700ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
මුලතිව් ළමා නිවාස සඳහා යුද හමුදාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 'Loved Charity' සංවිධානයේ අනුග්‍රහය ඇතිව මුලතිව් හි පිහිටි ළමා නිවාස සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කිරීම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකරන ලදී.
බක්මීගම වැව් බැම්මේ කාන්දුව යුද හමුදාව අලුත්වැඩියා කරයි
බක්මීගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බක්මීගම වැව් බැම්මෙහි ජල කාන්දුවක් පිළිබඳ දැනුම්දීමකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එය අලුත්වැඩියා කරන ලදි.
කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්
අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී පසුගියදා පවත්වන ලදී.
රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ
සැකකරුවන් 05දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුහන්දිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 26ක් වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් ඊයේ (දෙසැ 30) දින අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (දෙසැම්බර් 29) දින දිවයිනෙන් පිටත්ව ගියේය.
මඩකලපුව ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්
මඩකලපුව, මංගලගම, කෙවිලියාමඩු ප්‍රදේශයේ පදිංචි පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් භාරදීම පසුගියදා සිදු විය.
නාවික හමුදාවේ පරිසර ආරක්‍ෂණ වැඩසටහන් අඛණ්ඩව
නාවික හමුදා භට පිරිස් විසින් සිදුකරන ලද රුක් රෝපණ වැඩසටහනකදී පානම කලපුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල කඩොලාන ඇතුළු පැල 1200ක් පමණ සඳුදා (දෙසැ. 27) දින රෝපණය කරන ලදි.
යුද හමුදාව කුට්ටිගල අක්කර 200ක පොල් වගා කරයි
ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කුට්ටිගල යුද හමුදා ගොවිපල පරිශ්‍රයේ අක්කර 200 ක භූමි ප්‍රමාණයක පොල් පැළ සිටුවා ආරම්භ කරන ලදී.
රුවන්ඩාව සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා සුදුසු රුවන්ඩා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා රුවන්ඩා ජනරජය, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සමඟ නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.